The Leader News
BREAKING
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක විශ්වාසභංගයක්●ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ අර්බුදය අධිකරණයට සහ ජනපති හමුවට●ගෝඨාභය අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය යයි●2026 නොබෙල් සාම ත්‍යාගය විනිසුරු නවී පිල්ලේට●ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?●එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●
Top Ad
පුවත්

ඇමති කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංගයක් !

T

The Leader Desk

March 7, 2026 • 2:58 PM

ඇමති කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංගයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
  • ඊයේ (06) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.
  • පෙරේරා කියා සිටියේ, තම පක්ෂය විසින් මෙම තීරණය ඒකමතිකව ගනු ලැබූ බවත්, ඒ සඳහා විපක්ෂයේ සෙසු දේශපාලන කණ්ඩායම්වල සහයෝගය ලබා ගැනීමට ද සාකච්ඡා පවත්වන බවත්ය.
  • මෙම විශ්වාසභංග යෝජනාව ප්‍රධාන කරුණු දෙකක් පදනම් කරගනිමින් ගොනු කර ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ඉන් පළමුවැන්න ලෙස අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබීම පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඊයේ (06)  කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා  කියා සිටියේ, තම පක්ෂය විසින් මෙම තීරණය ඒකමතිකව ගනු ලැබූ බවත්, ඒ සඳහා විපක්ෂයේ සෙසු දේශපාලන කණ්ඩායම්වල සහයෝගය ලබා ගැනීමට ද සාකච්ඡා පවත්වන බවත්ය.

මෙම විශ්වාසභංග යෝජනාව ප්‍රධාන කරුණු දෙකක් පදනම් කරගනිමින් ගොනු කර ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ඉන් පළමුවැන්න ලෙස අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබීම පෙන්වා දුන්නේය. 2015 වසරේ පොහොර සංස්ථාවේ ටෙන්ඩර් මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේ රුපියල් මිලියන 8ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවටවන මෙම චෝදනාව මත අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, ඔහුට තවදුරටත් අමාත්‍ය ධුරය දැරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව අජිත් පෙරේරා මන්ත්‍රීවරයා පවසයි.

විශ්වාසභංගයට පාදක වී ඇති දෙවන කරුණ වන්නේ ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසි ලෙස කළමනාකරණය කිරීමට අමාත්‍යවරයා අපොහොසත් වීමය. මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් බිලියන 1.2ක පමණ අතිවිශාල පාඩුවක් සිදුව ඇති බවත්, එය රටේ බලශක්ති සුරක්ෂිතතාවයට දැඩි තර්ජනයක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

රජය තුළ සිටින, තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ස්වාධීන තීරණ ගත හැකි මන්ත්‍රීවරුන්ට ද මෙම යෝජනාවට සහය දෙන ලෙස සමගි ජන බලවේගය විවෘත ආරාධනයක් ද සිදු කර ඇත.

කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය මීට පෙර නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ගල්අඟුරු ටෙන්ඩර් පටිපාටිය පූර්ණ විනිවිදභාවයකින් සහ විගණකාධිපති වාර්තාවලට අනුකූලව සිදුකර ඇති බවය.

අමාත්‍ය කුමාර ජයකොඩි පසුගියදා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ තමන්ට එල්ල වන චෝදනා දේශපාලන අරමුණු සහිත පදනම් විරහිත මඩගැසීම් බවයි. ගල්අඟුරු ප්‍රසම්පාදනයේදී කිසියම් අලාභයක් සිදුව ඇත්නම් එය අදාළ සමාගම්වලින් අයකර ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

ලබන සතියේදී මෙම යෝජනාව සභාගත කිරීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි දේශපාලන විචාරකයෝ විශ්වාස කරති.

| lankasara

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...