The Leader News
BREAKING
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක විශ්වාසභංගයක්●ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ අර්බුදය අධිකරණයට සහ ජනපති හමුවට●ගෝඨාභය අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය යයි●2026 නොබෙල් සාම ත්‍යාගය විනිසුරු නවී පිල්ලේට●ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?●එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●
Top Ad
පුවත්

පානිය ජල බෝතල් තුළ වැඩි හරියක් ඇත්තේ මැරුණු ජලයයි !

T

The Leader Desk

March 9, 2026 • 10:40 AM

පානිය ජල බෝතල් තුළ වැඩි හරියක් ඇත්තේ මැරුණු ජලයයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට වෙළඳපොළේ ඇති ඇතැම් පානීය ජල බෝතල් තුළ ඇත්තේ කිසිදු ජීව ගුණයක් නොමැති ‘මැරුණු ජලය’ බව මධ්‍යම පළාත් පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර අවධාරණය කරයි.
  • සාමාන්‍යයෙන් ජනයා ජලය පානය කරන්නේ සෞඛ්‍ය සම්පන්න බව රැක ගැනීමට වුවද, වෙළඳපොළේ ඇති ඇතැම් බෝතල් කළ ජලය තුළ මිනිස් සිරුරේ නිරෝගී ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය වන කිසිදු ඛණිජ වර්ගයක් අඩංගු නොවන බව පැවසේ.
  • අධික ලාභ අපේක්ෂාවෙන්, වැරදි පිරිපහදු ක්‍රමයක් වන RO (Reverse Osmosis) ක්‍රමය මගින් පිරිපහදු කරන ලද ජලය මෙසේ ‘මැරුණු ජලය’ ලෙස හඳුන්වනු ලැබේ.
  • මෙම ක්‍රියාවලියේදී ජලයේ ඇති හිතකර ලවණ වර්ග ද ඉවත් වන අතර, පාරිභෝගිකයාට මුදල් ගෙවා බීමට සිදු වී ඇත්තේ H_2O නමැති මූලික ජල සංඝටකය පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මෙරට වෙළඳපොළේ ඇති ඇතැම් පානීය ජල බෝතල් තුළ ඇත්තේ කිසිදු ජීව ගුණයක් නොමැති ‘මැරුණු ජලය’ බව මධ්‍යම පළාත් පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර අවධාරණය කරයි.

මධ්‍යම පළාත් පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර තවදුරටත් මෙසේ පැවසිය.

''මානව වර්ගයාගේ පැවැත්ම තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ ජලයයි. ලොව පුරා ශිෂ්ටාචාර බිහි වූයේ ද, ඒවායේ පැවැත්ම සහ සුරක්ෂිතභාවය තීරණය වූයේ ද ජලය මත පදනම්වය. එහෙත්, වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය තුළ ජලයේ වටිනාකම පිළිබඳව අප දක්වන උනන්දුව කෙතරම් ද යන්න ගැටලුවකි. විශේෂයෙන්ම, දිනෙන් දින බෝතල් කළ පානීය ජලයට සීඝ්‍රයෙන් හුරු වෙමින් සිටින මෙරට පාරිභෝගිකයා, තමන් පානය කරන එම ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව දන්නේ ඉතා අල්ප වශයෙනි.

 

මෙය මෙරට සෞඛ්‍ය අංශ හෝ පාරිභෝගික අධිකාරිය මෙතෙක් අවධානය යොමු නොකළ, එහෙත් ජනතාවගේ ජීවිතවලට රතු එළි දල්වන බරපතළ සෞඛ්‍ය තර්ජනයකි.

 

සාමාන්‍යයෙන් ජනයා ජලය පානය කරන්නේ සෞඛ්‍ය සම්පන්න බව රැක ගැනීමට වුවද, වෙළඳපොළේ ඇති ඇතැම් බෝතල් කළ ජලය තුළ මිනිස් සිරුරේ නිරෝගී ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය වන කිසිදු ඛණිජ වර්ගයක් අඩංගු නොවන බව පැවසේ. අධික ලාභ අපේක්ෂාවෙන්, වැරදි පිරිපහදු ක්‍රමයක් වන RO (Reverse Osmosis) ක්‍රමය මගින් පිරිපහදු කරන ලද ජලය මෙසේ ‘මැරුණු ජලය’ ලෙස හඳුන්වනු ලැබේ.

මෙම ක්‍රියාවලියේදී ජලයේ ඇති හිතකර ලවණ වර්ග ද ඉවත් වන අතර, පාරිභෝගිකයාට මුදල් ගෙවා බීමට සිදු වී ඇත්තේ H_2O නමැති මූලික ජල සංඝටකය පමණි.

 

මෙරට තුළ RO ජල පිරිපහදු ක්‍රමය ව්‍යාප්ත වීමට ප්‍රධානතම හේතුව වූයේ සීඝ්‍රයෙන් පැතිර ගිය වකුගඩු රෝගී තත්ත්වයයි. එම රෝගය පාලනය කිරීම සඳහා RO ක්‍රමය යම් දුරකට ශුභවාදී බලපෑමක් ඇති කළ ද, එහි අතුරුඵලයක් ලෙස සිරුරට අත්‍යාවශ්‍ය ඛණිජ ලවණ අහිමි වීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර විද්‍යාඥයන් පවා අවධානය යොමු කර ඇත. එබැවින්, මෙම පිරිපහදු ක්‍රමයේ ඇති අහිතකර බලපෑම් පිළිබඳව මෙරට බලධාරීන් ඇස් ඇර බැලිය යුතු කාලය එළඹ ඇත.

 

මෙම බරපතළ තත්ත්වය පිළිබඳව මධ්‍යම පළාත් පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමය විසින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලක අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා කර ඇති නමුත්, මෙතෙක් ඒ සඳහා නිසි විසඳුමක් ලැබී නොමැති බව වාර්තා වේ. ඇතැම් මහා පරිමාණ සමාගම් මෙම කර්මාන්තයේ ඒකාධිකාරය තබා ගනිමින්, ගුණාත්මකභාවය බිඳ දමා ලාභය පසුපස හඹා යෑම හේතුවෙන් මෙරට ජනතාව විවිධ රෝගාබාධවලට ලක්වීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටිති.

සල්ලි ගෙවා වතුර බෝතලයක් මිලදී ගන්නා පාරිභෝගිකයාට, තමන් මිලදී ගන්නා ජලය කුමන ආකාරයෙන් නිෂ්පාදනය කර තිබේද යන්න දැන ගැනීමට මූලික අයිතිවාසිකමක් ඇත.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ පහත සඳහන් කරුණු කෙරෙහි කඩිනම් අවධානය යොමු කරන ලෙසයි.

1- පානීය ජල බෝතල් නිෂ්පාදන ක්‍රියාවලිය අනුව වර්ගීකරණය කර ජනතාව අතට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් විය යුතුය.


2- ජලය ලබා ගන්නා මූලාශ්‍ර සහ පිරිපහදු ක්‍රමවේද පිළිබඳව වගකිවයුතු අංශ නිසි සොයා බැලීමක් කළ යුතුය.

3- පෝෂණීය ජල බෝතල් සහ RO ක්‍රමය මගින් නිපදවන ජල බෝතල් පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි වන පරිදි ලේබල් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය.
 
අපට අවශ්‍ය වන්නේ රෝගී ජනතාවක් සිටින රටක් නොව, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් වෙසෙන රටකි. ඒ සඳහා මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය ඛණිජ වර්ග අඩංගු ‘ජීවමාන’ ජලය පානය කිරීමේ අයිතිය ජනතාවට තහවුරු විය යුතුය.
 
(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...