The Leader News
BREAKING
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක විශ්වාසභංගයක්●ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ අර්බුදය අධිකරණයට සහ ජනපති හමුවට●ගෝඨාභය අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය යයි●2026 නොබෙල් සාම ත්‍යාගය විනිසුරු නවී පිල්ලේට●ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?●එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●
Top Ad
පුවත්

'ගෝලීය වෙළෙඳපොළේ ඛනිජ තෙල් පවතින තාක් කල්, ශ්‍රී ලංකාවට එය මිලදී ගැනීමට සම්පත් තිබෙනවා' - මහ බැංකු අධිපති කියයි

T

The Leader Desk

March 9, 2026 • 3:48 PM

 'ගෝලීය වෙළෙඳපොළේ ඛනිජ තෙල් පවතින තාක් කල්, ශ්‍රී ලංකාවට එය මිලදී ගැනීමට සම්පත් තිබෙනවා' -  මහ බැංකු අධිපති කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇති විය හැකි ආර්ථික කම්පනවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව වඩාත් හොඳින් සූදානම්ව සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
  • බැංකොක්හි පැවති ‘IMF සමුළුව: ආසියාව 2050’ ට සමගාමීව බ්ලූම්බර්ග් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.
  • ශ්‍රී ලංකාව සතු ඇමරිකානු ඩොලර් බිලියන 7ක ශක්තිමත් විදේශ සංචිතය සහ දැනට පවතින අඩු උද්ධමන මට්ටම මෙම කම්පන අවශෝෂණය කර ගැනීමට තීරණාත්මක සාධක වන බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.
  • මහ බැංකුවේ සියයට 5ක ඉලක්කගත මට්ටමට වඩා බෙහෙවින් අඩුවෙන්, එනම් සියයට 1.6ක මට්ටමක පසුගිය මාසයේ උද්ධමනය පැවතීම හේතුවෙන් මිල කම්පනයක් දේශීය උද්ධමනයට අවශෝෂණය කර ගැනීමට ප්‍රමාණවත් ඉඩක් පවතින බව ඔහු විශ්වාසය පළ කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇති විය හැකි ආර්ථික කම්පනවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව වඩාත් හොඳින් සූදානම්ව සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

බැංකොක්හි පැවති ‘IMF සමුළුව: ආසියාව 2050’ ට සමගාමීව බ්ලූම්බර්ග් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සතු ඇමරිකානු ඩොලර් බිලියන 7ක ශක්තිමත් විදේශ සංචිතය සහ දැනට පවතින අඩු උද්ධමන මට්ටම මෙම කම්පන අවශෝෂණය කර ගැනීමට තීරණාත්මක සාධක වන බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

මහ බැංකුවේ සියයට 5ක ඉලක්කගත මට්ටමට වඩා බෙහෙවින් අඩුවෙන්, එනම් සියයට 1.6ක මට්ටමක පසුගිය මාසයේ උද්ධමනය පැවතීම හේතුවෙන් මිල කම්පනයක් දේශීය උද්ධමනයට අවශෝෂණය කර ගැනීමට ප්‍රමාණවත් ඉඩක් පවතින බව ඔහු විශ්වාසය පළ කරයි.


2022 වසරේදී ඉන්ධන හිඟයක් ඇති වූයේ මිල ඉහළ යෑම නිසා නොව, ඛනිජ තෙල් මිලදී ගැනීමට අවශ්‍ය විදේශ විනිමය රට තුළ නොමැති වීම නිසා බව ආචාර්ය වීරසිංහ සිහිපත් කළේය. එහෙත් වර්තමානයේ පවතින්නේ ගෙවීමේ හැකියාව පිළිබඳ ගැටළුවක් නොව, ගෝලීය සැපයුම් දාමයන්හි ඇති විය හැකි බාධාවන් පිළිබඳ ගැටළුවකි.


මැද පෙරදිග පවතින නොසන්සුන් තත්ත්වය හමුවේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 93 ඉක්මවා ගොස් ඇති අතර, දිගුකාලීන ගැටුමක් හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම සහ සැපයුම් දාම අඩාල වීම ප්‍රධාන අවදානමක් ලෙස හඳුනාගෙන ඇත. මීට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන පිරිවැය පරාවර්තක ඉන්ධන මිලකරණ යාන්ත්‍රණය මූල්‍ය බරක් ඇති වීම වළක්වන අතර, නම්‍යශීලී විනිමය අනුපාත ක්‍රමය කම්පන අවශෝෂකයක් ලෙස ක්‍රියා කරනු ඇත.

වසර ආරම්භයේදී සියයට 03ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළද එය ඊට වඩා වැඩි සියයට 5ක සැබෑ දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් ලගා කර ගැනීමට හැකි ප්‍රවනතාවයක් මේවන විට ශ්‍රී ලංකා ආර්ථිකයේ පෙන්නුම් කරන බව මහ බැංකු අධිපතිවරයා අනාවරණය කළේය.

 ඇමරිකානු ඩොලර් බිලියන 3ක IMF විස්තීරණ අරමුදල් පහසුකමෙහි පස්වැනි සහ හයවැනි සමාලෝචන ඒකාබද්ධ කිරීම සඳහා වන සාකච්ඡා මේ වන විට සාර්ථකව පැවැත්වෙන බවත්, එය මැයි මාසය වන විට IMF විධායක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් සඳහන් විය.

විනිමය අනුපාතිකයේ අධික අස්ථාවරත්වය වළක්වා ගනිමින් ස්ථාවරත්වය ආරක්ෂා කිරීම රජයේ සහ මහ බැංකුවේ මූලික ඉලක්කය වී තිබේ.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ගෝලීය වෙළෙඳපොළේ ඛනිජ තෙල් පවතින තාක් කල්, ශ්‍රී ලංකාවට එය මිලදී ගැනීමට සම්පත් තිබෙනවා' - මහ බැංකු අධිපති කියයි | The Leader