The Leader News
BREAKING
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක විශ්වාසභංගයක්●ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ අර්බුදය අධිකරණයට සහ ජනපති හමුවට●ගෝඨාභය අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය යයි●2026 නොබෙල් සාම ත්‍යාගය විනිසුරු නවී පිල්ලේට●ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?●එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●
Top Ad
පුවත්

ඇමති ජය සමද්දී ලංවීම සේවකයෝ සේවාවලින් ඉවත් වෙති

T

The Leader Desk

March 9, 2026 • 3:56 PM

ඇමති ජය සමද්දී ලංවීම සේවකයෝ සේවාවලින් ඉවත් වෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි.
  • එම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, විදුලිබල මණ්ඩලයේ මළ ගම සිදුවු අද වැනි දිනක රජය විසින් කිසිදු සාධනීය පිළිතුරක් හෝ සාමුහික ගිවිසුමක් විදුලි සේවකයින් වෙත ලබාදී නොමැති බවය.
  • සාමුහික ගිවිසුම ගැන අධ්‍යයනය කර සාකච්ඡාවක් ලබාදෙන තුරු සේවයට නොපැමිණෙන බවද ඔවුන් අවධාරණය කරයි.
  • විදුලිබල ක්ෂේත්‍රය මෑතකදී ගත් දැවැන්තම ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ඇරඹේ මේ අතර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසන්නේ, විදුලිබල ක්ෂේත්‍රය මෑතකදී ගත් දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරමින් ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සම්පූර්ණ කළ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, විදුලිබල මණ්ඩලයේ මළ ගම සිදුවු අද වැනි දිනක රජය විසින් කිසිදු සාධනීය පිළිතුරක් හෝ සාමුහික ගිවිසුමක් විදුලි සේවකයින් වෙත ලබාදී නොමැති බවය.

සාමුහික ගිවිසුම ගැන අධ්‍යයනය කර සාකච්ඡාවක් ලබාදෙන තුරු සේවයට නොපැමිණෙන බවද ඔවුන් අවධාරණය කරයි.

බලාගාර සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමට තීරණය කර ඇතැයි ද පැවසු ප්‍රභාත් ප්‍රියන්ත, බිඳවැටීම්, නඩත්තු කටයුතු සියල්ල නතර කරන බවත් පැය 24 කාලය තුළ කොළඹ ජාතික රෝහල, මහනුවර සහ කරාපිටිය රෝහල් මෙන්ම යුද හමුදා මුලස්ථානයට බාධාවකින් තොරව විදුලිය ලබාදීමට කටයුතු කරන බවත් කියා සිටියේය.

වෘත්තීය සමිති 25ක් එක්ව මෙම තීරණයට එළැඹ ඇති අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආණ්ඩුව දණගැස්වීමක් නොවන බවත් ප්‍රතිව්‍යුහගතකරණයට එකඟවුවත් විදුලිබල සේවකයාට අසාධාරණයක් වන ක්‍රියාමාර්ගයකට කිසිසේත්ම එකඟ නොවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ ලේකම්, අජිත් දේවප්‍රිය වැඩිදුරටත් පැවසීය.

විදුලිබල ක්ෂේත්‍රය මෑතකදී ගත් දැවැන්තම ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ඇරඹේ

මේ අතර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසන්නේ, විදුලිබල  ක්ෂේත්‍රය මෑතකදී ගත් දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරමින් ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සම්පූර්ණ කළ බවයි.

අළුතින් පිහිටුවන ලද ආයතන වල අධිෂ්ඨානශීලිව හා කැපවීමෙන් කටයුතු කරමින් “පොහොසත් රටක් ලස්සන ජීවිතයක සිහිනය“ සැබෑ කර ගැනිමට අත්වැල් බැද ගමු යන්නද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කරමින් විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් අලුතෙන් පිහිටුවන ලද ආයතන වල අධ්‍යක්ෂවරු හා ඉහළ නිළධාරීන් සහ නව ආයතන සේවකයන් සූම් තාක්ෂණය ඔස්සේ අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


පෙර රජය ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 12කට කඩා පුද්ගලීකරණය කරන්නට ගත් උත්සාහ ආපසු හරවමින් සියයට සියයක්ම රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් පිහිටුවා අපේ රටේ විදුලිබල ක්ෂේත්‍රය වත්මන් හා අනාගත අභියෝග ජය ගැන්මට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් එම ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය තහවුරු කරන්නට කටයුතු කළ බවද ඇමතිවරයා පැවසීය.


වැඩ කරන ජනතාවගේ රජයක් හැටියට අප ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ තවත් වැදගත් කාරණාවක් තිබු බවත් එනම්, සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද ලංවීම සේවකයන් හැටියට සේවක ඔබ භුක්ති විදි වරප්‍රසාද හා අයිතිවාසිකම් අබමල් රේණුවකින් ප්‍රමාණයකින් අඩු නොකර ඔබ සම්බන්ධ වන අලුත් ආයතනයෙදීත් ලැබෙන බවට අපි වගකියන බවද පැවසුවේය.

විදුලිබල මණ්ඩල සේවකයින්ට ඇති වූ  විවිධ දුක්ගැනවිලි සැලකිල්ලට ගෙන ඒ ඉටු නොවී තිබුණු ඉල්ලීම් හැකි ප්‍රමාණයෙන් ඉටු කළ  බවද හෙතෙම පැවසීය.

විදුලිබල ක්ෂේත්‍රයේ නියෝජනය කරන වෘත්තීය සමිති විටින්විට හමුවී සාකච්ඡා කරමින් ඔවුන්ගේ හඩටත් ඇහුම්කන් දෙමින් කටයුතු කළ බවද අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම අපේ රටේ විදුලි ක්ෂේත්‍රයේ දියුණුව සංවර්ධනය වෙනුවෙන් දැවැන්ත පියවරක් තබන මේ මොහොතේ නව ආයතන තුළ ලැබෙන අවස්ථා උපරිම අයුරින් ප්‍රයෝජනයට ගනිමින් මෙය ජාතික කර්තව්‍යයක් ලෙස සලකා කටයුතු කරන්නැයි ආරාධනා කරන අතරම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට දායකවුණු සියලුදෙනාටම ස්තූතිවන්ත වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...