The Leader News
BREAKING
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක විශ්වාසභංගයක්●ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ අර්බුදය අධිකරණයට සහ ජනපති හමුවට●ගෝඨාභය අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය යයි●2026 නොබෙල් සාම ත්‍යාගය විනිසුරු නවී පිල්ලේට●ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?●එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●
Top Ad
පුවත්

අනවශ්‍ය ගමන් බිමන් එපා! - ඉන්ධන පරිභෝජනය අවම කරන්න !! - තෙල් සංස්ථාවේ සභාපති

T

The Leader Desk

March 10, 2026 • 12:18 PM

අනවශ්‍ය ගමන් බිමන් එපා! - ඉන්ධන පරිභෝජනය අවම කරන්න !! - තෙල් සංස්ථාවේ සභාපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමන්ට හැකි පමණික් ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා කටයුතු කරන ලෙසටය.
  • ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු තවදුරටත් පැවසුවේ, පසුගිය දින කිහිපයේ තෙල් හිඟයක් පවතින බවට බියෙන් ජනතාව විසින් ඉන්ධන වැඩි වශයෙන් මිලදී ගැනීම, මෙම මිල ඉහළ යාමට බෙහෙවින් බලපෑ බවය.
  • එසේ නොවුණානම් මේ මස අගවන තුරු පැවති මිල ගණන් යටතේ ඉන්ධන මිල දී ගැනීමට හැකියාවක් තිබූ බවද ඔහු කියා සිටියේය.
  • කෙසේ වෙතත් පවතින ඉන්ධන අර්බුදය ලෝකයටම බලපෑම් එල්ල කරන බැවින් ඒ සඳහා සාමූහිකව කටයුතු නොකළහොත් දැඩි අවධානමකට මුහුණ දීමට සිදුවන බැවින් පරිභෝජනය සීමා කරන ලෙසට ඔහු යළි යළිත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):


අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමන්ට හැකි පමණික් ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා කටයුතු කරන ලෙසටය.

ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු තවදුරටත් පැවසුවේ, පසුගිය දින කිහිපයේ තෙල් හිඟයක් පවතින බවට බියෙන් ජනතාව විසින් ඉන්ධන වැඩි වශයෙන් මිලදී ගැනීම, මෙම මිල ඉහළ යාමට බෙහෙවින් බලපෑ බවය.

එසේ නොවුණානම් මේ මස අගවන තුරු පැවති මිල ගණන් යටතේ ඉන්ධන මිල දී ගැනීමට හැකියාවක් තිබූ බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් පවතින ඉන්ධන අර්බුදය ලෝකයටම බලපෑම් එල්ල කරන බැවින් ඒ සඳහා සාමූහිකව කටයුතු නොකළහොත් දැඩි අවධානමකට මුහුණ දීමට සිදුවන බැවින් පරිභෝජනය සීමා කරන ලෙසට ඔහු යළි යළිත්  ජනතාවගෙන් ඉල්ලා සිටියි.



තෙල් මිල වැඩි කළ හේතුව ඇමති නලින්ද කියයි

මෙරට ඉන්ධන සංචිත තොග පවතින බව රජයෙන් පැවසුවත් හදිසියේ මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගැනීම සම්බන්ධව අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස කරුණු අනාවරණය කිරීමක් සිදුකළේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය දින කිහිපයේ මෙරට ඉන්ධන පරිභෝජනය ඉහළට මට්ටමක පැවැති බවත් ඒ හේතුවෙන් සංචිත යම් ප්‍රමාණයකින් අඩුවීමක් සිදුවු බවත් ඒ අනුව නව ඇනවුම් කරන ලද තෙල් නැව් දිවයිනට පැමිණියේ නව මිලකට බැවින් මෙම මිල වැඩි කිරීමට සිදුවූ බවය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස,

"දැන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවීම දළ වශයෙන් 37.76%ක් වෙනවා. පිරිපහදු තෙල්වල වැඩිවීම ඔටෝ ඩීසල් 99.99ක්%, සුපර් ඩීසල් 99.6%ක්, 92 ප්‍රෙට්‍රල් 75%ක් 95 පෙට්‍රල් වැඩිවීම 79%දක්වා වැඩි වීමක් වෙලා තියෙනවා. එකක් තමයි ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සහ පිරිපහදු තෙල් වැඩිවීම සැලකිල්ලට ගත්තා. ඒකට හේතුව වෙන්නේ අපි ගාව සංචිත තිබුණා. අපි ඇණවුම් කළ තොග ලැබෙමින් පවතිනවා. ඇනවුම් කිරීමේදි මිල තීන්දු වෙන්නේ ගොඩබාන දවසට දවස් 2කට පෙර සහ දවස් 3කට පෙරත් තිබෙන ඇවරේජ් මිලත් එක්ක.

මේ තෙල් මිල වැඩිවීමත් එක්ක බොර තෙල් සහ පිරිපහදු තෙල් මිල වැඩිවීම තුළ අපි වැඩි නොකළානම් පුද්ගලික සමාගම් තෙල් ආනයනය අඩු කරනවා හෝ නතර කරනවා. අපිට එතකොට තෙල් සැපයුමේ බාධාවක් තියෙනවා. අනික තෙල් පරිභෝජනය පසුගිය දවස්වල තිබුණ වැඩිවීම. සාමාන්‍යයෙන් අපිට දවසකට ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් තමයි පරිභෝජනය තිබුණේ. පෙට්‍රල් ඊටත් වඩා අඩුවෙන්. මාර්තු 1-9දක්වා අපේ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 59,200, පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 47,500 ඒ කියන්නේ දළ වශයෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,000ක් පමණ ඩීසල් 23,000ක් පමණ වැඩිපුර පරිභෝජනය කරලා තියෙනවා පසුගිය දවස් කිහිපය ඇතුළත.

මේ පරිභෝජනය තුළින් ඇතිවුණ දේ තමයි අපේ සංචිත තුළ තිබුණ තෙල් සම්පූර්ණ වශයෙන්ම අවසන් වුණා, අලුතින් තෙල් ගේන්න සිද්ධ වුණා තෙල් ගේනකොට ඒ නැව් ආවේ වැඩි මිලට. මේ කාරණා මත මිල වැඩි කරන්න සිද්ධ වුණා. වැඩි කළ යුතු මිල වැඩියි විශාල මිල වැඩි කිරීමක් එකවර කරන්න අපේ ආර්ථිකයට දරාගන්න බැරි නිසා මේ ප්‍රමාණයට වැඩි කිරීම සිදුවුණේ. අනිත් පැත්තෙන්න් මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා තෙල් පරිභෝජනයත් යම් ප්‍රමාණයකට සීමා කිරීමට ජනතාව මේ අවස්ථාවේ කටයුතු කරයි කියලා."


තෙල් වැඩි කරලා ගල් අඟුරු පාඩුව ජනතාවගේ ඇඟේ ගැහුවා - නාමල් රාජපක්ෂ

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්‍යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, තෙල් මිල වැඩි කරන්නෙ නෑ තෙල් සංචිත තියෙනවා කිවුව ජනාධිපති දැන් තෙල් මිල වැඩි කළේ කුමන පදනමක් යටතේ දැයි ආණ්ඩුවෙන් විමසා සිටියේය.

"දැන් පහුගිය කාලේ මේ රටේ ජනාධිපතිවරයා ඇවිල්ලා කිව්වා දවස් 45කට තෙල් තියෙනවා කලබල වෙන්න ඕනෙත් නැහැ තෙල් මිල වැඩි කරන්නෙත් නෑ කියලා. ඇමතිවරයත් කිව්වා. හැබැයි දැන් තෙල් මිල වැඩි කරලා තියෙනවා. දැන් තෙල් මිල වැඩි කළේ ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව කියනවා. වැඩි කරලා පැය විසි හතරක් යන්නත් කලින් ලෝක වෙළඳපොලේ මිලේත් යම් අඩුවීම සිද්ධ වෙලා තියෙනවා.

දැන් අපට සාධාරණ සැකයක් තියෙනවා. දවස් 45 කට තෙල් තියෙනවා කියපු ආණ්ඩුව තකහනියේ තෙල් මිල වැඩි කළේ ගල් අඟුරු වලින් වෙච්ච වංචාව මේ රටේ ජනතාවගේ ඇගේ පටවන්නට යැයිද නාමල් රාජපක්ෂ  කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,

ආණ්ඩුව දැන් පැහැදිලිවම තීන්දුවක් ගත යුතුයි...

''පැහැදිලිවම ගල් අඟුරු මගඩියෙන් මහා දැවැන්ත වංචාවක් වෙලා තියෙනවා ඒකේ වෙච්ච පාඩුව ජනතාව පිට පටවන බවක් අද අපට පේන්න තියෙනවා. ආණ්ඩුව පැහැදිලිවම තීන්දු කළ යුතුයි මේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි සඳහා කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහනක් කළ යුතුයි. ඉතින් ආණ්ඩුවට ඒ වැඩපිළිවෙළ පිළිබඳව දැනුමක් තියෙනවද පෙර සූදානමක් තියෙනවද කියලා කාරණය පිළිබඳව  අපිට සාධාරණ සැකයක් තියෙනවා. මොකද හිතාමතාම ගල් අඟුරු ටෙන්ඩරය මාස දෙකක් කල් දාලා බාල ගල් අඟුරු ගෙනල්ලා මහා දැවැන්ත වංචාවක් මේ රටේ ජනතාවට සිද්ධ කරන්න තරම් කටයුතු කරා නම් ඒ වගේම තමයි ඒ පාඩුව පියවගන්න තමන් ගාව තෙල් සංචිත තියෙනවා කියලා කියද්දිත් තෙල් මිල වැඩි කරා නම් ඉදිරි කාලසීමාව තුළත් මේ ආණ්ඩුව මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්ද නැද්ද කියලා කියන ගැටලුව තියෙනවා.

අද ආණ්ඩුව පැහැදිලිවම තීන්දුවක් ගත යුතුයි, මේ   බර  ජනතාව පිට පටවනවද එහෙම නැත්නම් යම් සාධාරණ වැඩපිළිවෙලක් සමග ඉස්සරහට යනවද කියන කාරණය. ඒ සදහා  අපි විශ්වාස කරනවා ආණ්ඩුව මීට වඩා දීර්ඝ සාකච්ඡාවක් මේ රටේ පෞද්ගලික අංශය සහ අනෙකුත් දේශපාලනික පක්ෂත් ඒකරාශි  කරගෙන මේ  මැද පෙරදිග  ගල්ෆ් කලාපයේ  ඇතිවෙලා  තියෙන යුදමය වාතාවරණයත්  එක්ක අපේ රටට කෙටි සහ මධ්‍ය කාලීන වගේම දිගු කාලීනව විය හැකි බලපෑම පිළිබඳව අද අවධානය යොමු කරමින් තීන්දු තීරණ ගන්න ඕනේ. හැබැයි ඒකත් එයාලා හිතනවා නම් තමන්ගේ පක්ෂයට මේක  කරගන්න පුළුවන් කියලා අපි ඒ පක්ෂය හිතන විදිහට තමයි මේ ලෝකෙ වැඩවෙන්නේ කියලා ඉතින් එහෙම වුණොත් මේ රටේ ජනතාවට සාධාරණයක් වෙන්නේ නෑ.

ජනාධිපතිවරයා විෂය භාර ඇමතිවරයා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕන..

පළවෙනිම දේ තමයි ජනාධිපතිවරයා විෂය භාර ඇමතිවරයා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕන.මොකද විෂය භාර ඇමතිවරයා සම්බන්ධයෙන් ගල්අඟුරු වංචාව වගේම තවත් ලොකු චෝදනා එල්ල වෙලා තියෙනවා අපි දැක්කා ඒ පිළිබඳව මාධ්‍යයෙන්. දැක්කේ අධි චෝදනා ලබා දීමක්  කාරණාවකුත් අපි මාධ්‍යයෙන් දැක්කා ඉතින් මං හිතන්නේ පළවෙනිම දේ ජනාධිපතිතුමා ඒ කාලේ කියපු කාරණා එක්ක ජනාධිපතිතුමා විෂය බර ඇමතිවරයා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕන මං හිතන්නේ ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දිනය කරනවද නැද්ද කාරණයට අවධානය යොමු කරන්න කලින් මැයි දිනය වන තෙක් රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ආහාර ලබාදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් හදන්න ඕන.

 මේ ආණ්ඩුව අදටත් ගොවියාගේ පොහොර ටික දෙන්න කටයුතු කරන්නේ නෑ වී වලට සාධාරණ මිලක් දෙන්න කටයුතු කරන්නේ නෑ දැන් ගොයම් කැපෙනවා. තාම වී මිල සම්බන්ධයෙන්  ආණ්ඩුව නිශ්ශබ්දයි හැබැයි හාල් පිටරටින්  ගේන්න එළවල පළතුරු පිරි රටින් ගෙනල්ල කන්න දෙන්න පුළුවන් යුගයක් හදන්න තමයි මේ ආණ්ඩුව නිර්මාණය කරන්නේ.

 ඒ එක්කම අද මැද පෙරදිග යුද්ධ මේ තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා ඒ අනුව ලෝකයම ආහාර පිළිබඳව සහ අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳව හිඟියක් ඇතිවෙමින් පවතිනවා ලංකාවේ ජනාධිපතිවරයෙක් කිව්වා දවස් 45කට තෙල් තියෙනවා කියලා අපි දකිනවා එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් වලත් මේ වනවිට පෙර සූදානමක ඉන්නවා. හැබැයි අපේ ආණ්ඩුව එවැනි සූදානමකට ලෑස්ති වෙන බවක් පේන්නේ නෑ.

 ඒ හින්දා ශ්‍රී ලංකා පොදුජන පේරමුණ අපේ දේශපාලනය අපි කරගන්නම්. හැබැයි ආණ්ඩුව මැයි දිනයේ කෙසේ වෙතත් එතකන් ආණ්ඩුව දුවන විදියක් කල්පනා කරලා තීන්දු තීරණ ගත්තොත් හොඳයි.

විදේශ අමාත්‍යවරයාට ඉංග්‍රීසි භාවිතය පිළිබඳ ප්‍රශ්නයක් තියේ නම් සිංහල කතා කරන්න පුළුවන්...

ජී.එල් පීරිස්  මැතිතුමා හිටියේ අන්තිම කාලේ අලි සබ්‍රි. ඒතමා මං හිතන්නේ අපේ විදේශ කටයුතු අමාත්‍යවරයා. කාර්යභාරයක් තියෙනවා ඒ වගේම ඉතාමත් අසීරු කාලසීමාව විශේෂයෙන්ම යුද්ධය පැවති කාලසීමාව තුළ රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා යම් කාලයක් හිටියා. ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා හිටියා ඉතින් එතුමන්ලා  විදේශ අමාත්‍යවරු  විදිහට මේ රටට විශාල වැඩ කොටසක් කරපු අය.

 දැන් ඔබතුමා මගෙන් අහන්න උත්සාහ කරන්නේ විදේශ අමාත්‍යවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව නම් මට ඒක ප්‍රශ්නයක් නෑ ඉතින් එතුමාට ඉංග්‍රීසි භාවිතය පිළිබඳ ප්‍රශ්නයක් තියේ නම් සිංහල කතා කරන්න පුළුවන්. මං හිතන්නේ මං අවංකවම ගත්තොත්  එතුමාට දීපු පිළිතුර එතුමා කිව්වා හැබැයි දෙවැනි ප්‍රශ්නෙ තේරුම් ගත්තෙ නැති බවක් තියෙනවා. ඉතින් මම නම් හිතන්නේ එවැනි අවස්ථාවක සිංහලෙන් පිළිතුරු දීල ට්‍රාන්ස්ලේට් කෙනෙක් පාවිච්චි කරොත් හොඳයි. ලෝකයේ බොහෝ රටවල ඒක කරනවා.

 ඉතින් ආණ්ඩුවේ එකසිය පනස් නවයෙන් එකයි දාන්න ඉතින් ඔය තෝරලා යවපු අය තමයි ඉන්නේ. ඉතින් ජනාධිපතිතුමාම කියනවනම් තෝරලා තියෙන පාපිසි කෑලි කියලා ඉතින් අපි මොනව කරන්නද. මං හිතන්නේ ඉතින්  මෙතුමා ජාතික ලැයිස්තුවේ නෙමෙයිනේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්දෙ අරන් ආපු කෙනා නේ ගම්පහ හම්බන්තොට නෙවෙයි අනුරාධපුරෙත් නෙවෙයි ගම්පහ ඉතින් වැඩිම ඡන්දෙ අරන් ආපු කෙනා''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...