The Leader News
BREAKING
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක විශ්වාසභංගයක්●ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ අර්බුදය අධිකරණයට සහ ජනපති හමුවට●ගෝඨාභය අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය යයි●2026 නොබෙල් සාම ත්‍යාගය විනිසුරු නවී පිල්ලේට●ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?●එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●
Top Ad
පුවත්

නිදහස් වෙලා ආයෙත් රුසියාවට යනවා | යුක්‍රේනයේ සිටින ශ්‍රී ලංකා යුද සිරකරුවෙක් සංදේශයට කතා කරයි

T

The Leader Desk

March 10, 2026 • 12:34 PM

නිදහස් වෙලා ආයෙත් රුසියාවට යනවා | යුක්‍රේනයේ සිටින ශ්‍රී ලංකා යුද සිරකරුවෙක් සංදේශයට කතා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්ණකුලසූරිය අජිත් රුක්මන් ප්‍රනාන්දු ඒ බව කියා සිටියේ, ල්වීව් නුවර රැඳවුම් කඳවුරේ සිට Sandeshaya by Saroj යූටියුබ් නාලිකාවේ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
  • වසර දෙකකට ආසන්න කාලයක් සිරගතව වෙසෙන ඔහු පවසන්නේ, යළි රුසියාවට ගොස් පුරවැසිභාවය ලබාගෙන සුදුසු රැකියාවක් කරමින් ජීවත්වීමට බලාපොරොත්තු වන බව.
  • තමන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු දැනට යුක්‍රේන අත් අඩංගුවේ පසුවන අතර, ඒ සියලු දෙනාම එම කඳවුරේ සිටින බවත් ඔහු කියා සිටියා.
  • සාකාච්ඡාව ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්විය යුතු බවට ඔවුන් ඉල්ලීමක් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


වර්ණකුලසූරිය අජිත් රුක්මන් ප්‍රනාන්දු ඒ බව කියා සිටියේ, ල්වීව් නුවර රැඳවුම් කඳවුරේ සිට Sandeshaya by Saroj යූටියුබ් නාලිකාවේ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

වසර දෙකකට ආසන්න කාලයක් සිරගතව වෙසෙන ඔහු පවසන්නේ, යළි රුසියාවට ගොස් පුරවැසිභාවය ලබාගෙන සුදුසු රැකියාවක් කරමින් ජීවත්වීමට බලාපොරොත්තු වන බව.

තමන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු දැනට යුක්‍රේන අත් අඩංගුවේ පසුවන අතර, ඒ සියලු දෙනාම එම කඳවුරේ සිටින බවත් ඔහු කියා සිටියා.

මේ සාකච්ඡාවට පහසුකම් සලසනු ලැබුවේ යුද සිරකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන, යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ Coordination Headquarters for the Treatment of Prisoners of War (CHTPoW) සංවිධානය විසින්. සාකාච්ඡාව ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්විය යුතු බවට ඔවුන් ඉල්ලීමක් කළා.

විවිධ රටවල් නියොජනය කරන යුද සිරකරුවන් 100 දෙනෙකු පමණ තම කඳවුරේ සිටින අතර, ඇතැම් රටවල අමාත්‍යවරු සහ නිළධාරීන් සිරකරුවන් පිළිබඳව සොයා බැලීමට සිය කඳවුරට පැමිණි බවත් වර්ණකුලසූරිය  අජිත් ප්‍රනාන්දු කියා සිටියා. කෙසේ වුවත් ශ්‍රී ලාංකික සිරකරුවන් පිළිබඳව සොයා බැලීමට කිසිවෙකුත් පැමිණ නැහැ.

යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශයේ දත්ත අනුව, රුසියානු හමුදාවට බැඳුණ ශ්‍රී ලාංකිකයින් 275 දෙනෙකුවත් යුද බිමේදී මියගොස් ඇති බව, Himal Southasian වෙබ් අඩවිය වෙනුවෙන් වාර්තාවක් සකස් කරමින් මම පසුගිය සතියේ විශේෂ හෙළිදරවුවක් කළා. එය, ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කටයුතු කරන OCCRP ආයතනයේ අනුග්‍රහයෙන් (Fellowship) පවත්වන පුළුල් ගවේෂණයක එක් පියවරක්. යුක්‍රේන ආණ්ඩුව පවසන ආකාරයට, රුසියානු හමුදාවට බැඳුන විදේශිකයින් 3390ක් මේ වනවිට මියගොස් තිබෙනවා.

ල්වීව් (Lviv) සිර කඳවුරේ සිටින ශ්‍රී ලාංකිකයෙකු සමග සිංහල භාෂාවෙන් ලඟදීම තවත් සාකාච්ඡාවක් ඔබ වෙත ගෙන එන්නත් සංදේශය බලාපොරොත්තු වෙනවා.

saroj pathirana(සටහන | සරෝජ් පතිරණ )
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 මාර්තු 10

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිදහස් වෙලා ආයෙත් රුසියාවට යනවා | යුක්‍රේනයේ සිටින ශ්‍රී ලංකා යුද සිරකරුවෙක් සංදේශයට කතා කරයි | The Leader