The Leader News
BREAKING
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක විශ්වාසභංගයක්●ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ අර්බුදය අධිකරණයට සහ ජනපති හමුවට●ගෝඨාභය අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය යයි●2026 නොබෙල් සාම ත්‍යාගය විනිසුරු නවී පිල්ලේට●ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?●එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●
Top Ad
පුවත්

'රනිල්ගේ ලන්ඩන් සංචාරය ගැන රජයේ නීතිපතිවරයාගේ තර්ක රජයටම පාරා වළල්ලක් වනු ඇත' - නීතිඥ දිනේෂ් විදානපතිරණ

T

The Leader Desk

March 10, 2026 • 2:51 PM

'රනිල්ගේ ලන්ඩන් සංචාරය ගැන රජයේ නීතිපතිවරයාගේ තර්ක රජයටම පාරා වළල්ලක් වනු ඇත' - නීතිඥ දිනේෂ් විදානපතිරණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට දේශපාලන මෙන් ම, නීති ක්ෂේත්‍රයේ ද කතාබහට ලක්වන නඩුවක් බවට පත්ව තිබේ.
  • අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නීතිඥ සංගමයේ උප ලේකම්, නීතිඥ දිනේෂ් විදානපතිරණ පැවසුයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඉදිරිපත් කරන තර්ක, වත්මන් ආණ්ඩුවට ද පාරාවළල්ලක් වනු ඇති බවයි.
  • දවසට පැය 24 ක්, සතියට දවස් 7 ක් සහ වසරකට සති 52ක් එම තනතුරු වලට අදාළව කාලය ගත කෙරෙයි.
  • ජනාධිපතිවරයා පවුලේ විවාහ මංගල්‍යයකට එක්වුවත් ඊට ද සහභාගී වන්නේ ජනාධිපති ලෙසටය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙරට දේශපාලන මෙන් ම, නීති ක්ෂේත්‍රයේ ද කතාබහට ලක්වන නඩුවක් බවට පත්ව තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නීතිඥ සංගමයේ උප ලේකම්, නීතිඥ දිනේෂ් විදානපතිරණ පැවසුයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඉදිරිපත් කරන තර්ක, වත්මන් ආණ්ඩුවට ද පාරාවළල්ලක් වනු ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ දිනේෂ් විදානපතිරණ,

'' නීතිය සහ ජාත්‍යන්තර සම්ප්‍රදාය අනුව ජනාධිපතිවරයෙකු හෝ අග්‍රාමාත්‍යවරයෙකු හෝ පන්වුණු දිනයේ සිටම තනතුරේ කටයුතු කරනු ලබයි. දවසට පැය 24 ක්, සතියට දවස් 7 ක් සහ වසරකට සති 52ක් එම තනතුරු වලට අදාළව කාලය ගත කෙරෙයි. රෝහල් ගතවුවත්, නිදාගෙන සිටියත්, පිටරට ගත කළත් ජනාධිපති තනතුරෙහි වෙනසක් නැත. ජනාධිපතිවරයා පවුලේ විවාහ මංගල්‍යයකට එක්වුවත් ඊට ද සහභාගී වන්නේ ජනාධිපති ලෙසටය.

නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා තර්ක කරන්නේ ජනාධිපතිවරයෙකුට පෞද්ගලික සහ නිල ආකාරයට ක්‍රියා කළ හැකි බවටය.

ජනාධිපතිවරයා පිටරට යන්නේ නම් ඒ සඳහා නිල ආරාධනයක් අවශ්‍ය බවට රජයේ නීතිපතිවරයා තර්ක කර සිටි. මේ තර්ක රජයටම පාරා වළල්ලක් වනු ඇත.

අනුර කුමාර දිසානායක ජනාධිපති එස්පෝ - 24 ප්‍රදර්ශනයට සහභාගී වීමට ජපානයට ගියේය. ජපන් රජය සඳහන් කරන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ආරාධනයක් නොදුන්නත් ජපානයේ සිටියදී කළ ඉල්ලීමට අනුව ජපන් අධිරාජ්‍යයත්, අග්‍රාමාත්‍යවරයාත් හමුවීමට අවස්ථාව ලබා දුන් බවය. එවකට ජපානයේ සිටියේ වැඩබලන අගමැතිවරයෙකි. සති කිහිපයක් පමණක් කටයුතු කළ ඒ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට විශේෂ කාරණයන් නොතිබිණි.

හරිනි අමරසූරිය අගමැතිවරිය ඩාවෝස් ආර්ථික සමුළුවට සහභාගී වූයේ ස්විට්සර්ලන්තයෙන් ලැබුණු ආරාධනයකට අනුව නොවේ. මේ පසුබිම අනුව වත්මන් ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍යවරියටත් එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකිය.

 

එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගීවීම සඳහා කිසිඳු රටකට ආරාධනා නොකෙරේ. හැම රටක්ම මහ සමුළුව සඳහා තම රටවල නියෝජිතයින් පස් දෙනෙක් බැගින් නම් කරති. ඉහත පසුබිම අනුව බැලු විට සෑම රටකම රාජ්‍ය නායකයින් ජගත් මහ සමුළුවට සහභාගී වීමද ගැටළු සහගත තත්ත්වයක් උද්ගත කරවයි.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...