The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනපති මාසයකට දුන් තෙල් සහතිකය සතියෙන් ඉවර වෙලා

T

The Leader Desk

March 10, 2026 • 3:26 PM

ජනපති මාසයකට දුන් තෙල් සහතිකය සතියෙන් ඉවර වෙලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාර්තු 9 වන විට එම සංචිත අවසන්ව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
  • ඔහු සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ නොදැමුවහොත් පෞද්ගලික සමාගම් ඉන්ධන ආනයනය අඩු කිරීම හෝ නතර කිරීමේ අවදානමක් පැවති බවයි.
  • එවැනි තත්ත්වයක් ඇතිවූයේ නම් රට තුළ ඉන්ධන සැපයුම් අර්බුදයක් මතුවිය හැකි බවද ඔහු අවධාරණය කළේය.
  • පසුගිය දිනවල පාරිභෝගිකයන්ගේ අධික පරිභෝජනයද ඉන්ධන මිල ඉහළ දැමීමට බලපා ඇති බව අමාත්‍යවරයා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

මාර්තු 9 වන විට එම සංචිත අවසන්ව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

ඔහු සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ නොදැමුවහොත් පෞද්ගලික සමාගම් ඉන්ධන ආනයනය අඩු කිරීම හෝ නතර කිරීමේ අවදානමක් පැවති බවයි.

එවැනි තත්ත්වයක් ඇතිවූයේ නම් රට තුළ ඉන්ධන සැපයුම් අර්බුදයක් මතුවිය හැකි බවද ඔහු අවධාරණය කළේය.

පසුගිය දිනවල පාරිභෝගිකයන්ගේ අධික පරිභෝජනයද ඉන්ධන මිල ඉහළ දැමීමට බලපා ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ලෝකයේ විශාල තෙල් සංචිත ඇති දියුණු රටවල් පවා බලශක්ති පරිභෝජනය අඩු කිරීමේ උපායක් ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම, ආණ්ඩුවට පහරදීමේ අරමුණින් පමණක් ප්‍රශ්න මතු කිරීම යථාර්ථවාදී නොවන බවද ඔහු පැවසීය.

තෙල් පෝලිම් වැනි තත්ත්වයන් ඇති නොවන ලෙස ජනතාව තුළ භීතිය ඇති නොකර වගකීමෙන් තොරතුරු වාර්තා කරන ලෙස ජනමාධ්‍ය වෙත ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ලෝකයේ බොහෝ රටවල් ද ඉන්ධන මිල ඉහළ දමා ඇති බවත්, බලශක්ති පරිභෝජනය අඩු කිරීම සඳහා විවිධ පියවර ගෙන ඇති බවත්ය.

උදාහරණයක් ලෙස බංගලාදේශය විශ්වවිද්‍යාල වසා දැමීමට පවා පියවර ගත් බවද ඔහු පැවසීය.

තෙල් මිල තීරණය කිරීමේදී බොහෝ විට සැලකිල්ලට ගන්නේ ඉන්ධන ගොඩබෑමට ආසන්න දින පහක සාමාන්‍ය මිල බවද ඔහු පැහැදිලි කළේය. බොරතෙල් සහ පිරිපහදු කළ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් මිල සංශෝධනය නොකළහොත් පෞද්ගලික සමාගම් ආනයනය අඩු කිරීම හෝ නතර කිරීමේ අවදානමක් තිබූ බවද ඔහු කියා සිටියේය.

සාමාන්‍යයෙන් දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් පමණ පරිභෝජනය වන අතර, පෙට්‍රල් පරිභෝජනය ඊට වඩා අඩු බවද අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත් මාර්තු 1 සිට 9 දක්වා කාලය තුළ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 59,200ක් සහ පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 47,500ක් ලෙස වාර්තා වී ඇත.

එමඟින් සාමාන්‍ය පරිභෝජනයට වඩා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 23,000ක් පමණ වැඩිපුර පරිභෝජනය වී ඇති අතර, එම හේතුවෙන් තිබූ ඉන්ධන සංචිත සම්පූර්ණයෙන් අවසන් වූ බවද ඔහු පැහැදිලි කළේය.

ඒ හේතුවෙන් නව ඉන්ධන තොග ආනයනය කිරීමට සිදුවූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(සටහන - ගිම්හාන් ද සිල්වා)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපති මාසයකට දුන් තෙල් සහතිකය සතියෙන් ඉවර වෙලා | The Leader