The Leader News
BREAKING
Top Ad
පුවත්

ආණ්ඩුව ඡන්දයට පොරොන්දු වූ ඉඩම් ලබාගැනීමට මලය කඳුරට දේශපාලන සන්ධානයක්

T

The Leader Desk

March 11, 2026 • 3:37 AM

ආණ්ඩුව ඡන්දයට පොරොන්දු වූ ඉඩම් ලබාගැනීමට මලය කඳුරට දේශපාලන සන්ධානයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "විපක්ෂයේ සිටියදී අනුර කුමාර දිසානායක ඇවිත් ඉදිරිපත් කළ හැටන් ප්‍රකාශනයේ කඳුකරයේ වගා නොකළ සියලුම ඉඩම් බෙදා කඳුකර තරුණයන්ට ලබා දෙන බව ඔහු ප්‍රකාශ කළා.
  • ජාතික ජන බලවේගයේ පාලනයක් එවැනි ක්‍රියා වළක්වනු ඇත.
  • ඔප්පු නොමැති ගැටලුව මෙම ප්‍රජාවට පමණක් නොව රටේ අනෙකුත් පළාත්වල ජනපදවාසීන්ද මුහුණ දෙන ගැටලුවක් වන අතර, මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් සෙවීමේ සහ කඳුකර දෙමළ ජනතාවට ඔවුන්ගේ නිවෙස්වල බාධාවකින් තොරව අඛණ්ඩව පදිංචි වීමට ඇති ඉඩම් අයිතිය ජාතික ජන බලවේගය විසින් තහවුරු කරනු ලැබේ.
  • අපි කිව්වා ඒවා දෙන්න කියලා." මලයහ ජනතාවට ඉඩම් ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රශ්නයක්ද පැහැදිලි කළ මලයහ ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධාක්‍රිෂ්නන් එහිදී අවධාරණය කර තිබුනේ එම භුමියේ අයිතිය රාජ්‍ය ආයතන දෙකක් අතර දෝලනය වෙමින් පවතින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කොටගල සිත්තිවිනාගයර් සංස්කෘතික ශාලාවේ 2026 මාර්තු 7 වැනිදා පැවැති මලයහ ජීවිතයට අයිතිය සමුළුව (மலையக வாழ்வுரிமை மாநாடு) අමතමින් දෙමළ ප්‍රගතිශිලි සංවිධානයේ හා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් අවධාරණය කර තිබුනේ ජාතික ජන බලවේගයේ නායකයා විපක්ෂයේ සිටියදී හැටන් ප්‍රකාශනය හරහා මලයහ ජනතාවගේ ඉඩම් සම්බන්ධයෙන් දුන් පොරොන්දු මේ තාක් ඉටු කර නොමැති බවයි.

"විපක්ෂයේ සිටියදී අනුර කුමාර දිසානායක ඇවිත් ඉදිරිපත් කළ හැටන් ප්‍රකාශනයේ කඳුකරයේ වගා නොකළ සියලුම ඉඩම් බෙදා කඳුකර තරුණයන්ට ලබා දෙන බව ඔහු ප්‍රකාශ කළා. ඔවුන් කොහේ හරි ඉඩම් දුන්නාද? දෙනවා කියලා කිව්වා නමුත් දුන්නේ නැ."

477222689 1212077346955159 1157174683141933597 n
2023 වසරේ ඔක්තෝබර් 15 වැනිදා ජාතික ජන බලවේගය විසින් ‘මලෛයගම් 200 මව්බිමට ජවයක් - ගෞරවනීය පුරවැසියෙක්’ මැයෙන් හැටන් නගරයේ DKW ශාලාවේදී හැටන් ප්‍රකාශනය එළි දක්වන මොහොතේ එහි  සිංහල පිටපතට අත්සන් තබා තිබුනේ  ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු එම බලවේගයේ ඉහළ පෙලේ නියෝජිතයන් පිරිසකි.

කඳුකර දෙමළ  ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස නිවාස ගැටළුව හදුන්වා දී තිබු එම ප්‍රකාශනයේ සදහන්ව තිබුනේ 2012/2013 ජන හා සංඛ්‍යා ලේඛන වාර්තාව අනුව ඔවුන්ගෙන් 67.8%ක් තවමත් ජීවත් වන්නේ ලයින් කාමර තුළ වන අතර, ජාතික ජන බලවේගය පාලනයක් විසින් කඳුකර දෙමළ  ජනතාව සමෘද්ධිමත් ප්‍රජාවක් ලෙස ඔවුන්ගේ සංවර්ධනයට උපකාර වන නිවාස යෝජනා ක්‍රම මගින් ඔවුන්ට ජීවත්වීමට සුදුසු නිවාස ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරනු ඇති බවයි.

මලයහ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට අමතරව වතුකර ප්‍රදේශවල වගා නොකළ ප්‍රදේශ සහ අත්හැර දමා ඇති ඉඩම්, කඳුකර දෙමළ ප්‍රජාවේ රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා යොදා ගන්නා බවටත් හැටන් ප්‍රකාශනය හරහා ජාතික ජන බලවේගය පොරොන්දු ලබා දී තිබුනි.  

"ඇතැම් කම්කරුවන් වතු රැකියාවෙන් ඉවත්ව යන විට ඔවුන්ගේ නිවෙස්වලින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කෙරේ. ජාතික ජන බලවේගයේ පාලනයක් එවැනි ක්‍රියා වළක්වනු ඇත. බොහෝ පවුල් මුදල් සහ ශ්‍රමය වැය කර, තම නිවාස ඉදිකරනු ලැබුවද, ඉඩම් සඳහා ඉඩම් ලියාපදිංචි කිරීමේ පිළිගත් ඔප්පුවක් තවමත් නොමැත. ඔප්පු නොමැති ගැටලුව මෙම ප්‍රජාවට පමණක් නොව රටේ අනෙකුත් පළාත්වල ජනපදවාසීන්ද මුහුණ දෙන ගැටලුවක් වන අතර, මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් සෙවීමේ සහ කඳුකර දෙමළ ජනතාවට ඔවුන්ගේ නිවෙස්වල බාධාවකින් තොරව අඛණ්ඩව පදිංචි වීමට ඇති ඉඩම් අයිතිය ජාතික ජන බලවේගය විසින් තහවුරු කරනු ලැබේ. වතුකර ප්‍රදේශවල වගා නොකළ ප්‍රදේශ සහ අත්හැර දමා ඇති ඉඩම්, කඳුකර දෙමළ ප්‍රජාවේ රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා යොදා ගනු ඇත."

දෙමළ ප්‍රගතිශිලි සංවිධානයේ ප්‍රධානම හවුරුකාර පක්ෂයක් වන කම්කරු ජාතික පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මලයහ ජීවිතයට අයිතිය සමුළුව අමතමින් හෙළි කර තිබුනේ පදිංචියට ඉඩම් සොයා දෙන ලෙස ජනාධිපතිවරයා දැන් කියන බවයි.

"මේ ආණ්ඩුව ඉඩම් දෙන්නේ නැහැ කියලා මිනිස්සු තේරුම් ගන්න ඕනේ. අපි ගිහින් ජනාධිපතිතුමාගෙන් ඇහුවොත්, ඔහු අපෙන් අහනවා ඉඩම් කොහෙද තියෙන්නේ  කියලා. කඳුකරයේ හැමතැනම ඉඩම් තියෙනවා කියලා අපි කිව්වා. අපි කිව්වා ඒවා දෙන්න කියලා."

මලයහ ජනතාවට ඉඩම් ලබා ගැනීමේදී  මතුව ඇති ප්‍රශ්නයක්ද පැහැදිලි කළ මලයහ ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධාක්‍රිෂ්නන් එහිදී අවධාරණය කර තිබුනේ එම භුමියේ අයිතිය රාජ්‍ය ආයතන දෙකක් අතර දෝලනය වෙමින් පවතින බවයි.

"අපේ කාලයේ අපි සාකච්ඡා කර ලබාගත් පර්චස් හත, අඩුම තරමින් ඒ පර්චස් හතවත් අපට දෙන්න. ඔබ නිවාස හදන්න අවශ්‍ය නැහැ, අපට ඉඩම දෙන්න. ණයක් අරගන හරි අපි කෙසේ හෝ නිවාස ඉදිකරනවා. ඒ නිසා, නිවාස ඉදිකිරීමට ඉඩම් අත්‍යවශ්‍යයි. ඒ නිසා, අපි අවධාරණය කරන්නේ ඒකයි. අපට ඉඩම් ලබා ගන්න පුළුවන් කොහෙන්ද? අපි කොහෙද ඉන්නේ? අපි ඉන්නේ වත්තේ. වත්තේ ඉඩම් ලබා ගැනීමේදී ගැටළුවක් තියනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) කියන්නේ ඒක තියෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC) ට කියලා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කියනවා ඒක අයිති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට කියලා. ඒක අයිති කාටද කියලා අධිකරණයම තාම තීන්දුවක් දීලා නැහැ. ඉතින් ඔබ එය ජනතාවට දෙන්නේ කවදාද? "

මෙවැනි තත්වයක් යටතේ කාර්ය සාධක බලකායක් පිහිටුවා මගයහ දෙමළ ජනතාවගේ ඉඩම් ගැටළුව විසදීමට පියවර ගන්නා ලෙස වේලුසාමි රාධාක්‍රිෂ්නන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුනි.

"ඉතින් ජනාධිපතිතුමා කාර්ය සාධක බලකායක් පිහිටුවා ඒ හරහා ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕනේ. ඔහු සෑම දෙයකටම කාර්ය සාධක බලකායක් පිහිටුවනවා. ඉතින් අපි කාර්ය සාධක බලකායක් පිහිටුවා මේ ඉඩම් ගැටලුව විසඳුවොත් හොදයිනේ?"

දෙමළ ප්‍රගතිශිලි සංවිධානය විසින් 2026 මාර්තු 7 වැනිදා කොටගල සිත්තිවිනාගයර් සංස්කෘතික ශාලාවේ පැවැත්වු  උත්සව සභාව සදහා එම සංධානය නියෝජනය කරන පක්ෂ තුනේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

 

kotagala meeting

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුව ඡන්දයට පොරොන්දු වූ ඉඩම් ලබාගැනීමට මලය කඳුරට දේශපාලන සන්ධානයක් | The Leader