පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කල මෙම උද්ඝෝණයේ විශේෂත්වය වූයේ එම අවස්ථාවට සහභාගි වූ සිසුන් ගිනි පන්දම් දල්වාගෙන කළු වර්ණ ටී ෂර්ට් පැළඳ, විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් සහභාගී වී සිටීමයි.
සිසු නිදහස අහිමි කරන 02/2026 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC ) චක්‍රලේඛය හකුලා ගන්නා ලෙසත්, විශ්ව විද්‍යාල සිසුන්ගේ නිදහස සීමා නොකරන ලෙසත් රජයේ බලධාරින්ගෙන් ඉල්ලීම් කරමින් පැවති මෙම රාත්‍රී උද්ඝෝෂණය හේතුවෙන් පේරාදෙණිය මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද ඇතිවිය.
( lankalokaya | අජිත් ජනානන්ද)





