The Leader News
BREAKING
Top Ad
පුවත්

විපක්ෂයේ පක්ෂ නායකයෝ රැස් වෙති - රනිල්ගෙන් සුබ පැතුම් පණිවිඩයක්

T

The Leader Desk

March 11, 2026 • 10:35 AM

විපක්ෂයේ පක්ෂ නායකයෝ රැස් වෙති - රනිල්ගෙන් සුබ පැතුම් පණිවිඩයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට සුබ පැතුම් පණිවිඩයක් එවමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, වර්තමානයේ මතුවී ඇති අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට නම් අනිවාර්යයෙන්ම විපක්ෂයේ පක්ෂ එකමුතු විය යුතු බවයි.
  • එකමුතුව ජය ගන්නවා හැර වෙන විකල්පයක් නැති බවද රනිල් වික්‍රමසිංහ එම සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කළ අතර එජාප මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ එම සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කළේය.
  • හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මෙහිදී අදහස් දක්වමින් පැවසූයේ, සියලු පක්ෂවල අනන්‍යතාවය සම්පූර්ණයෙන් සුරක්ෂිත කරමින් උග්‍ර බරපතල දේශපාලන ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙලක දැඩි අවශ්‍යතාවයක් තිබෙන බවයි.
  • එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙහිදී පැවසූයේ, නොහැකියාවෙන් පෙළෙන ආණ්ඩුව හැකියාවක් ඇති මිනිසුන් දඩයම් කරමින් සිටින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊට සුබ පැතුම් පණිවිඩයක් එවමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, වර්තමානයේ මතුවී ඇති අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට නම් අනිවාර්යයෙන්ම විපක්ෂයේ පක්ෂ එකමුතු විය යුතු බවයි.

එකමුතුව ජය ගන්නවා හැර වෙන විකල්පයක් නැති බවද රනිල් වික්‍රමසිංහ එම සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කළ අතර එජාප මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ එම සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කළේය.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මෙහිදී අදහස් දක්වමින් පැවසූයේ, සියලු පක්ෂවල අනන්‍යතාවය සම්පූර්ණයෙන් සුරක්ෂිත කරමින් උග්‍ර බරපතල දේශපාලන ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙලක දැඩි අවශ්‍යතාවයක් තිබෙන බවයි.

එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙහිදී පැවසූයේ, නොහැකියාවෙන් පෙළෙන ආණ්ඩුව හැකියාවක් ඇති මිනිසුන් දඩයම් කරමින් සිටින බවයි.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

bw465n6n5yme67m8e676u

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...