The Leader News
BREAKING
Top Ad
පුවත්

'ලංකා ඊ නිව්ස්' කර්තෘ සඳරුවන් සේනාධීර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

T

The Leader Desk

March 11, 2026 • 11:15 AM

 'ලංකා ඊ නිව්ස්' කර්තෘ සඳරුවන් සේනාධීර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළව ඔහු සැකකරුවකු ලෙස නම් කර තිබීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.
  • ඔහු මේ වන විට කටුනායක පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන සිටින අතර ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවට වාර්තා වේ.
  • වසරේදී 'ලංකා ඊ නිව්ස්' ආයතනයේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සහ එම ආයතනයට එල්ල වූ ගිනි තැබීමේ සිද්ධීන්වලින් පසුව, තම ජීවිත ආරක්ෂාව පතා සඳරුවන් සේනාධීර මෙරටින් පිටව ගියේය.
  • එතැන් සිට වසර 16කට ආසන්න කාලයක් ඔහු බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබමින් වාසය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළව ඔහු සැකකරුවකු ලෙස නම් කර තිබීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි. ඔහු මේ වන විට කටුනායක පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන සිටින අතර ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවට වාර්තා වේ.

2010 වසරේදී 'ලංකා ඊ නිව්ස්' ආයතනයේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සහ එම ආයතනයට එල්ල වූ ගිනි තැබීමේ සිද්ධීන්වලින් පසුව, තම ජීවිත ආරක්ෂාව පතා සඳරුවන් සේනාධීර මෙරටින් පිටව ගියේය. එතැන් සිට වසර 16කට ආසන්න කාලයක් ඔහු බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබමින් වාසය කළේය.

එසේම, පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී වත්මන් පාලනය බලයට පත් කිරීම සඳහා ජාතික ජන බලවේගය වෙනුවෙන් මතවාදීව දැඩි සහයෝගයක් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය හරහා ලබා දීමට ඔහු කටයුතු කර තිබුණි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...