The Leader News
BREAKING
Top Ad
පුවත්

විදුලි වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හරි - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

T

The Leader Desk

March 11, 2026 • 2:32 PM

විදුලි වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හරි - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (11) පස්වරුවේ කම්කරු කොමසාරිස්වරයා මෙන්ම නව විදුලි සමාගම්වල සභාපතිවරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත.
  • එහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීම සඳහා හෙට (12) දිනයේ වෘත්තීය සමිතිවලට අවස්ථාව ලබාදෙන බව ද කම්කරු කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.
  • පසුගිය 09 වැනිදා පස්වරුවේ සිට ආරම්භ කළ විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම් වාර්තා වූ අතර සේවා නඩත්තු කටයුතු ද සඳහා ද බාධා එල්ල විය.
  • වැනීසියේ වෙළෙන්දා මෙන් හදවත ළඟින්ම මස් රාත්තල ඉල්ලා වර්ජනයට ගිය විදුලි වෘත්තිය සමිති අවසානයේ යථාර්ථය අවබෝධ කරගෙන ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


අද (11) පස්වරුවේ කම්කරු කොමසාරිස්වරයා මෙන්ම නව විදුලි සමාගම්වල සභාපතිවරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත.

එහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීම සඳහා හෙට (12) දිනයේ වෘත්තීය සමිතිවලට අවස්ථාව ලබාදෙන බව ද කම්කරු කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.

පසුගිය 09 වැනිදා පස්වරුවේ සිට ආරම්භ කළ විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම් වාර්තා වූ අතර සේවා නඩත්තු කටයුතු ද සඳහා ද බාධා එල්ල විය.


වැනීසියේ වෙළෙන්දා මෙන් හදවත ළඟින්ම මස් රාත්තල ඉල්ලා වර්ජනයට ගිය විදුලි වෘත්තිය සමිති අවසානයේ යථාර්ථය අවබෝධ කරගෙන ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.


විදුලි සේවක වර්ජනය අවසන් වීමෙන් අනතුරුව මෙම ප්‍රකාශය නිකුත් කළ අමාත්‍යවරයා පැවසුවේල වර්ජනය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විදුලිය බිඳවැටීම් සිදුවී ජනතාව දැඩි අපහසුතාවකට මුහුණ දීම කනගාටුවට කරුණක් බවයි.

එහෙත් යථාර්ථය පිළිගෙන වර්ජන තර්ජන නවතා නැවත සේවයට වාර්තා කිරීම සතුටට කරුණක් බවත් ඔහු සඳහන් කළේය.

ඉතිහාසයේ කෙදිනකවත් නොතිබූ ලෙස සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කැපවූ වැඩ කරන ජනතාවගේ රජයක් ලෙස ඉදිරියටත් එම අයිතිවාසිකම් ආරක්ෂා කරමින් බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුවේ ප්‍රතිලාභ රටටත් ජනතාවටත් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

තවද විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ජාතික ජනබලවේගය විසින් ප්‍රකාශිත ප්‍රතිපත්තිය අනුව විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...