The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉරාන නැවියන් මුණගැසුණු මාධ්‍යවේදිනිය පොලිස් භාරයට අරන් !

T

The Leader Desk

March 11, 2026 • 3:44 PM

ඉරාන නැවියන් මුණගැසුණු මාධ්‍යවේදිනිය පොලිස් භාරයට අරන් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිලෝන් ටුඩේ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුලෝචනා රාමයියා මොහාන් පොලිස් භාරයට ගෙන ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය චෝදනා කරයි.
  • පොලිසීයේ යැයි කියූ පිරිසක් තම රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් ගාල්ල පොලිසියට තමා පැමිණිල්ලක් කළ බව මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මොහාන් කී බව ද එම සංවිධානය සඳහන් කරයි.
  • අදාළ නාවිකයන් මුණගැසී එම ස්ථානයේ සිටි ඉරාන තානාපති කාර්යාල නිලධාරිනියකගේ භාෂා පරිවර්තන සහායෙන් නිසියාකාරව තොරතුරු ලබාගනිමින් සිටි අවස්ථාවේ මෙම සිදුවීමට මුහුණ පෑ බව තමා කළ පැමිණිල්ලේ සඳහන් වන බව ද ඇය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත පවසා ඇත.
  • එහිදී රාජකාරියට බාධා කළ පොලිසියේ අයෙකු සහ ආරක්ෂක නිලධාරියකු තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව ද මාධ්‍යවේදිනිය පැවසුවාය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිලෝන් ටුඩේ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුලෝචනා රාමයියා මොහාන් පොලිස් භාරයට ගෙන ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය චෝදනා කරයි.

පොලිසීයේ යැයි කියූ පිරිසක් තම රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් ගාල්ල පොලිසියට තමා පැමිණිල්ලක් කළ බව මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මොහාන් කී බව ද එම සංවිධානය සඳහන් කරයි.

අදාළ නාවිකයන් මුණගැසී එම ස්ථානයේ සිටි ඉරාන තානාපති කාර්යාල නිලධාරිනියකගේ භාෂා පරිවර්තන සහායෙන් නිසියාකාරව තොරතුරු ලබාගනිමින් සිටි අවස්ථාවේ මෙම සිදුවීමට මුහුණ පෑ බව තමා කළ පැමිණිල්ලේ සඳහන් වන බව ද ඇය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත පවසා ඇත.

අසභ්‍ය වචනයෙන් බැණවැදිලා !

එහිදී රාජකාරියට බාධා කළ පොලිසියේ අයෙකු සහ ආරක්ෂක නිලධාරියකු තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව ද මාධ්‍යවේදිනිය පැවසුවාය.

පසුව මේ සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාට දුරකථනයෙන් දැනුම් දුන්නේ යැයි ද ගාල්ල පොලිසියට පැමිණිලි කළේ ඉන් අනතුරුව යැයි ද ඇය සඳහන් කළාය.

මාධ්‍යවේදිනී සුලෝචනා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමසූ විට සඳහන් කරන ලද්දේ එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. තමන් කළ  පැමිණිල්ලෙහි අංකයද ලබා නොදුන් බව සුලෝචනා පවසයි.

මෙම සිදුවීම නිදහසේ වෘත්තීය කටයුතුවල නියැලීමට මාධ්‍යයට ඇති අයිතියට බාධා කරමින් සිදු කළ අනවශ්‍ය පොලිස් මැදිහත්වීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියයි.

මෙම සිදුවීම දැඩිව හෙළා දකින බවත් මේ ගැන වහාම පියවරක් ගන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා පවසයි.  

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉරාන නැවියන් මුණගැසුණු මාධ්‍යවේදිනිය පොලිස් භාරයට අරන් ! | The Leader