The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

T

The Leader Desk

March 12, 2026 • 4:21 AM

ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙන්ටකි ප්‍රාන්තයේ පැවැති රැලියකදී අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ අදාළ නෞකාව අත්පත් කර ගන්නවා වෙනුවට එය විනාශ කළේ මන්දැයි තමන් හමුදා නිලධාරීන්ගෙන් විමසූ බවය.
  • ඇයි අපිට බැරි වුණේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන අපේ නාවික හමුදාවට යොදාගන්න?" යනුවෙන් ඔහු එහිදී පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
  • නෞකාව අත්පත් කර ගැනීමට වඩා එය ගිල්වා දැමීම යෝග්‍ය බව තම ජෙනරාල්වරයෙකු තමන්ට පැවසූ බවත්, ඔහු එය හැඳින්වූයේ "සර්, එය වඩාත් විනෝදජනකයි" යනුවෙන් බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
  • මෙම ප්‍රහාරයෙන් නාවියන් 104දෙනෙකු පමණ මියගොස් 32දෙනෙකු තුවාල ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙන්ටකි ප්‍රාන්තයේ පැවැති රැලියකදී අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ අදාළ නෞකාව අත්පත් කර ගන්නවා වෙනුවට එය විනාශ කළේ මන්දැයි තමන් හමුදා නිලධාරීන්ගෙන් විමසූ බවය.

"මම ඇහුවා ඇයි අපි ඔවුන්ව ඝාතනය කළේ කියලා. ඇයි අපිට බැරි වුණේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන අපේ නාවික හමුදාවට යොදාගන්න?" යනුවෙන් ඔහු එහිදී පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නෞකාව අත්පත් කර ගැනීමට වඩා එය ගිල්වා දැමීම යෝග්‍ය බව තම ජෙනරාල්වරයෙකු තමන්ට පැවසූ බවත්, ඔහු එය හැඳින්වූයේ "සර්, එය වඩාත් විනෝදජනකයි" යනුවෙන් බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පසුගිය සතියේ ශ්‍රී ලංකාව අසල ජාත්‍යන්තර මුහුදේදී අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල කරන ලද ටෝර්පිඩෝ ප්‍රහාරයකින් මෙම ඉරාන නාවික හමුදාවට අයත් Frigate වර්ගයේ IRIS Dena නෞකාව ගිල්වා දමන ලදී.

මෙම ප්‍රහාරයෙන් නාවියන් 104දෙනෙකු පමණ මියගොස් 32දෙනෙකු තුවාල ලැබීය.

| aruna


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...