The Leader News
BREAKING
Top Ad
පුවත්

'හදවතක් නැති ජාවාරම්කාරී වැඩක්' | විමල් වීරවංශ ගෙන් විශේෂ හෙළිදරව්වක්

T

The Leader Desk

March 12, 2026 • 5:54 AM

'හදවතක් නැති ජාවාරම්කාරී වැඩක්'  | විමල් වීරවංශ ගෙන් විශේෂ හෙළිදරව්වක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් රජයේ නායකයින් පසුගිය කාලයේ “ඉන්ධන මිල සූත්‍රය” සහ බදු ගැන කළ ප්‍රකාශ රැසක් මෙහිදී හඬපට මගින් ප්‍රදර්ශනය කරමින් එහිදී අදහස් දැක්වූ වීරවංශ කියා සිටියේ, එදා වැට් බදු සහ අනෙකුත් බදු අයින් කර පාරිභෝගිකයාට සහන දිය හැකි බව කී නායකයින්, අද බදු බර තවත් වැඩි කර ඇති බවයි.
  • විජිත හේරත් එදා කළ ප්‍රකාශයක් ඔහු මෙසේ ඉදිරිපත් කළේය.
  • හරි පැහැදිලිව ඒකේ කියනවා ඔවුන්ගේ වාර්තාවලම; “පෙට්‍රල් 92 ලීටරයක් ගොඩබාන මිල රුපියල් 97යි සත 70ක්.
  • ඒ එකතු කිරීමට අමතරව ආණ්ඩුව සෘජුව බද්දක් ගහනවා රුපියල් 39යි සත 33ක්.
අකුරු ප්‍රමාණය (Font Size):


වත්මන් රජයේ නායකයින් පසුගිය කාලයේ “ඉන්ධන මිල සූත්‍රය” සහ බදු ගැන කළ ප්‍රකාශ රැසක් මෙහිදී හඬපට මගින් ප්‍රදර්ශනය කරමින් එහිදී අදහස් දැක්වූ වීරවංශ කියා සිටියේ, එදා වැට් බදු සහ අනෙකුත් බදු අයින් කර පාරිභෝගිකයාට සහන දිය හැකි බව කී නායකයින්, අද බදු බර තවත් වැඩි කර ඇති බවයි.

 විජිත හේරත් එදා කළ ප්‍රකාශයක් ඔහු මෙසේ ඉදිරිපත් කළේය.

“තෙල් මිල අඩු කරන්න බැරිද? පුලුවන්... ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මේ මාසේ වෙනකොට තෙල් ආනයනය කරලා ලංකාවට පෙට්‍රෝල්, ඩීසල්, ලාම්පුතෙල් ලීටරයක් ගොඩබාන මිල ගණන් තියෙනවා. හරි පැහැදිලිව ඒකේ කියනවා ඔවුන්ගේ වාර්තාවලම; “පෙට්‍රල් 92 ලීටරයක් ගොඩබාන මිල රුපියල් 97යි සත 70ක්. ඒකට විවිධ අයකිරීම් එකතු වෙනවා. ඒ එකතු කිරීමට අමතරව ආණ්ඩුව සෘජුව බද්දක් ගහනවා රුපියල් 39යි සත 33ක්. එතකොට පෙට්‍රල් 92 වලට රුපියල් 39.33ක බද්දක් ගහනවා. පෙට්‍රල් 95 ලීටරේ ගොඩබන මිල රුපියල් 99යි සත 79යි, ආණ්ඩුව සෘජු බද්දක් ගහනවා රුපියල් 60යි සත 45ක්. ලංකා ඔටෝ ඩීසල් 94යි සත 21ට ගොඩබන්නේ; රුපියල් 13යි සත 7ක බද්දක් ගහනවා. ලංකා සුපර් ඩීසල් ගොඩබන්නේ රුපියල් 96යි සත 2 කට; රුපියල් 35යි සත 20ක බද්දක් ගහනවා.” (විජිත හේරත්)
 
පැරණි ඉන්දන තොගවලින් බිලියන 15ක අයුතු ලාභයක් ලබලා..

මිල වැඩි කරන මොහොත වන විට මෙරට පිරවුම්හල්වල පැරණි මිලට ගෙනා ඉන්ධන ලීටර් මිලියන 650ක් පමණ තිබුණ බව ආරංචි මාර්ග තුළින් ගෙන හැර පෑ වීරවංශ,  එම තොග හරහා පමණක් රජය සහ සමාගම් රුපියල් බිලියන 15කට වැඩි අයුතු ලාභයක් උපයා තිබෙන බව කීවේය.

 මෙය “හදවතක් නැති ජාවාරම්කාරී වැඩක්," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවන විට එහි වාසිය ජනතාවට නොදී, සංචිතවල ඇති තෙල්වලින් පවා ලාභ ලැබීම හිරිකිත ක්‍රියාවක් බව ද ඔහු අවධාරණය කළේය.
 
“දැන් බලන්න මේගොල්ලෝ මීට කලින් කිව්වේ මේ මාසයේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ගැලපෙන්නේ ලබන මාසෙට කියලා. දැන් මේ මාසයේම ඊට කලින් තෙල් මිලේ වෙනසක් කළා. එතකොට මේ මාසේ නැවත සූත්‍රය දාලා තෙල් මිල වෙනස් වෙන්න විදිහක් නැහැ. එතකොට මේ මාසේ ලෝක වෙළඳපොළේ වැඩිවීමක් තියෙනවා නම්, ඇත්තටම ඔය කියන දවසට වඩා දැන් අඩුයි. එකසිය ගණන්වලට තිබිච්ච බැරල් එක දැන් 80 ගණන්වලට අඩු වෙලා තියෙනවා. ඩොලර් 80 ගණන්වලට.
 
එතකොට දැන් ඒ අඩුවීම ගැන කතා කරන්නේ නැහැ. මේ අය තමයි කිව්වේ 'මේ මාසේ තියෙන මිල ලබන මාසෙටයි අපි ගලපන්නේ' කියලා. එතකොට දැන් මේගොල්ලොන්ගේ සංචිතවල තෙල් තිබුණා. ඒ වගේම ආවේ පරණ මිලට. ඊළඟට පෙට්‍රල් ෂෙඩ් වල - ඒ කියන්නේ අපි දන්නවා IOC එකේ ගත්තත්, පෙට්‍රෝලියම් එකේ ගත්තත් - දවස් 20ක හෝ ප්‍රමාණයකට අඩුම තරමේ තෙල් තියෙනවා පරණ මිලට ගෙනාපු.” 

නොරොච්චෝලේ බලාගාරයේ පවතින අකාර්යක්ෂමතාව වසා ගැනීමට ...

නොරොච්චෝලේ බලාගාරයේ පවතින අකාර්යක්ෂමතාව වසා ගැනීමට රජය විසින් පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව "හදිසි විසන්ධි වීම්" ලෙස හඳුන්වමින් විදුලිය කපන බවට ද ඔහු චෝදනා කළේය.

"එදා තෙල් ළිං ගැන ප්‍රශ්න කරපු අය දැන් කියනවා තමන්ට තෙල් ළිං නැහැ කියලා. බදු අඩු කරලා පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා," යැයි වීරවංශ කීය.
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...