ලේකම් ප්‍රසාද් කාරියවසම් පවසයි.
ලක්ෂ්මන් කදිර්ගාමර් හා මංගල සමරවීර වැනි විදේශ ඇමැතිවරුන් සිය කතා හැසිර වූ විලාසය හා ගැඹුර නිසා ලංකාවට වාසි ලැබුණේ යැයි ද කාරියවසම් අවධාරණය කළේ ‘ලිබරල් විත් නාමිනී’ නමැති යූ ටියුබ් වැඩසටහනට එක්වෙමිනි.
රාජ්‍ය නායකයන් මළල ක්‍රීඩකයන් විය යුතු නැතැයි කී හෙතෙම ප්‍රතාපවත් පෙනුමකින් රාජ්‍යතාන්ත්‍රිකව අමුතු වාසියක් සැලැසෙන බව තමා විශ්වාස නොකරන්නේ යැයි ද කීවේය.
සන්නිවේදනයේදී භාෂාව වැදගත් නොවන නමුත් සිංහල බසින් රාජ්‍යතාන්ත්‍රික හමුවලදී පිළිතුරු දෙන්නේ නම් හොඳ භාෂා පරිවර්තකයකු යොදාගැනීම අනිවාර්ය යැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා පැවැසීය.
ඔහු එහිදී මෙසේ ද කීය.
'' ලක්ෂ්මන් කදිර්ගාමර් මංගල සමරවීර වැනි විදේශ ඇමැතිවරුන් කතාව හසුරුවන විලාසය හා ගැඹුර නිසා ලංකාවට වාසි ලැබුණා. දැන් සිටින ජනාධිපතිවරයාට අන්තර්ජාතිකව ලොකු ගැඹුරක් තිබෙනවා. ඔහු කතා කරන දේ හරබරයි. සෑහෙන්න කල්පනාවෙන් කතා කරන්නේ. ඒවායින් වාසි ලැබෙන්නෙ එකවර නෙවෙයි. පිටරටවල ඉන්නවා නෝට් ටේකර්ස්ලා කියල කට්ටියක්. එයාලා ඔය හැම වචනයම ලියන් විශ්ලේෂණය කරනවා. හරියට කරපු කතාවෙ වාසිය එන්නෙ පස්සෙ සිස්ටම් එකට ගිහින්.බලවත් රටවල ඕක කරනවා. එතකොට නෝට් ටේකර්ස්ලටත් කියපු වචනයේ හරය තේරුම තේරෙන්න එපැයි. එනිසයි ලැබෙන කෙටි වෙලාවෙ පවා වැදගත් දේවල් කිවයුත්තේ. ''
( සටහන | ගිම්හාන් ද සිල්වා)




