The Leader News
BREAKING
සිවුරක සිටිය යුත්තේ කවුද? | කුසල් පෙරේරා●EXCLUSIVE: පාස්කු මහ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ අභියෝගයට●ලංකා පොස්පේට් සමාගමේ වියදම් පාලනයට දැඩි පියවර●‘දැන් ජයකොඩිට මොකද කරන්නේ?’ - ගල් අඟුරු වාර්තාවක් පෙන්නමින් මරික්කාර් අසයි●නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම●සඟරුවන රඳවන නීති වෙනසට ජනපති අනුර මැදිහත්වෙයි●ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●
Top Ad
පුවත්

ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම: කෙහෙළිය ඇතුළු පිරිසකට වන්දි ගෙවීමට නියෝග

T

The Leader Desk

March 27, 2026 • 4:15 PM

ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම:  කෙහෙළිය ඇතුළු පිරිසකට වන්දි ගෙවීමට නියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඖෂධ ලබා ගැනීම මගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බව බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75 ක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවන ලෙස හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට අද (27) නියෝග කළේය.
  • මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර සුදුසු පියවර ගන්නා ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝගයක් ද කරන ලදී.
  • වගඋත්තරකරුවන් අත්තනෝමතිකව කටයුතු කර ඇති අතර ජනතාවගේ සුබ සාධනය සඳහා වෙන්කර ඇති අරමුදල් අනිසි භාවිතයට ගෙන ඇති බවට විනිසුරු මඩුල්ල විසින් තීරණය ඇත.
  • හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෙවන් රයිට් පාමසූටිකල් සමාගම ඇතුළු පිරිසක් මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඖෂධ ලබා ගැනීම මගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බව බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75 ක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවන ලෙස හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට අද (27) නියෝග කළේය.

එසේම රුපියල් මිලියන 50 බැගින් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙසද එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජනක චන්ද්‍රගුප්ත ට ද,   ඖෂධ නියාමක අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය එස් ඩි ජයරත්න ටද, ඖෂධ නියාමන අධිකාරියේ අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර ටද, වෛද්‍ය සැපයුම් අංශයේ සහ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය අරඹේ ගෙදර සුජිත් සුදර්ශන ට ද වෙන් වෙන්ව නියම කෙරිණ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර සුදුසු පියවර ගන්නා ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝගයක් ද කරන ලදී.

වගඋත්තරකරුවන් අත්තනෝමතිකව කටයුතු කර ඇති අතර ජනතාවගේ සුබ සාධනය සඳහා වෙන්කර ඇති අරමුදල් අනිසි භාවිතයට ගෙන ඇති බවට විනිසුරු මඩුල්ල විසින් තීරණය ඇත.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගෙන එහි තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය

 අග විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, කුමුදුනි වික්‍රමසිංහ ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගයන් කරන ලදි.

 හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෙවන් රයිට් පාමසූටිකල් සමාගම ඇතුළු පිරිසක් මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියහ.

අනෙකුත් විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන විසින් නඩු ප්‍රකාශයට පත් කරන ලදි.


ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ලියාපදිංචි නොකළ වග උත්තරකාර සමාගම මගින් ඖෂධ එන්නත් ඇතුළු උපකරණ,  ලබා ගැනීම මගින් වග උත්තරකරුවන් විසින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට  පෙත්සම මගින් චෝදනා කර තිබුණි. ඒ බවට තීන්දු කර ඒ වෙනුවෙන් අදාල වග උත්තරකරුවන්ගෙන් ඒ සඳහා වන්දි ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම කාර ආයතන විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත

 

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව යමින් ලියාපදිංචි නොමැති සමාගමකින් ඖෂධ මිලදී ගැනීමට වග උත්තරකරුවන් කටයුතු කර ඇති බව පෙත්සම් විභාගයේදී ඉදිරිපත් වූ කරුණු විමර්ශනයේදී පැහැදිලි වන බව නඩු තීන්දුවෙහි දැක්වේ .  

ඒ සම්බන්ධයෙන් ස්වාධීනව සොයා බැලීමට ජාතික ඖෂධ නියාමක අධිකාරියට අදාළ නීතිමය ප්‍රතිපාදන මගින් බලය ලබා දී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක විමර්ශනයක් ජාතික ඖෂධ නියාම අධිකාරිය විසින් සිදු කර නොමැති බව ඉදිරිපත් වූ කරුණු විමර්ශනයේදී පෙනී යන බව ට විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

වගඋත්තරකාර සෞඛ්‍ය  අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ සෞඛ්‍ය ඇමතිවරයා විසින් අදාළ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර අදාල අනුමැතියක් ලබාගෙන ඇති අතර ප්‍රසම්පාදන ක්‍රියාවලියකට අදාල මාර්ගෝපදේශ මෙහිදී ඔවුන් අනුගමනය කර නොමැති බව ද එම තීන්දුව මගින් පෙන්වා දී ඇත.

මෙම සියලු ක්‍රියාවලියන් සිදුකර ඇත්තේ අදාළ වග උත්තර කරුවන්ගේ අනු දැනුම මත බවත් ඔවුන් මේ සියලු සිදුවීම් හොඳ කාරව දැන සිටි බව අධිකරණයේ මතය බවද එහි සඳහන් වේ.

 වග උත්තර කරුවන් ජනතාව විසින් ඔවුනට පවරා ඇති බලතල නොව ජනතා යහපතට යොදා නොමැති බව තමන්ට පැවරී ඇති සහ කාර්යභාරය නිසියාකාරයෙන් හදුනාගෙන නැති බව වග උත්තර කරුවන් ගේ ක්‍රියා කලාපයෙන්  පෙනී යන බව නඩු තීන්දුවෙහි සදහන් වේ.

ඒ අනුව මම සමස්ත ක්‍රියාවලිය තුළින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව තීරණය කරන බවද තින්දුවේ වැඩිදුරටත් සඳහන්වේ .

ඒ අනුව වග උත්තරකරුවන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමාන ලෙස සැලකීම මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බව තීන්දු කර ඒ වෙනුවට වන ඉන්න දි මුදල් ගෙවීමට නියම කරන බවද නඩු තීන්දුවෙහි දැක්වේ.

 පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් නීතිඥ තුෂාරි ජයවර්ධන ගේ උපදෙස් පරිදි නීතිඥ සෙනානි දයාරත්න  පෙනී සිටියේය.

වග උත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් සිල්වා,  උදිත ඉගළ හේවා සහ නීතිඥ සුරේන් ප්‍රනාන්දු පෙනී සිටියහ .

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් පෙනී සිටියේය.

 

WhatsApp Image 2026 03 28 at 2.29.54 PM

IN THE SUPREME COURT OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA


| නෙල්කා මැදගෙදර
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී
nelindum41@gmail.com

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම: කෙහෙළිය ඇතුළු පිරිසකට වන්දි ගෙවීමට නියෝග | The Leader