The Leader News
BREAKING
සිවුරක සිටිය යුත්තේ කවුද? | කුසල් පෙරේරා●EXCLUSIVE: පාස්කු මහ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ අභියෝගයට●ලංකා පොස්පේට් සමාගමේ වියදම් පාලනයට දැඩි පියවර●‘දැන් ජයකොඩිට මොකද කරන්නේ?’ - ගල් අඟුරු වාර්තාවක් පෙන්නමින් මරික්කාර් අසයි●නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම●සඟරුවන රඳවන නීති වෙනසට ජනපති අනුර මැදිහත්වෙයි●ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●
Top Ad
පුවත්

ඉන්දියාවෙන් පෙට්‍රල් සහ ඩීසල් රැගත් නැවක් දිවයිනට

T

The Leader Desk

March 27, 2026 • 4:17 PM

ඉන්දියාවෙන් පෙට්‍රල් සහ ඩීසල් රැගත් නැවක් දිවයිනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රතිඵලයක් ලෙස හෙට (28) මෙරටට ඉන්ධන නෞකාවක් ලැබීමට නියමිතව තිබේ.
  • ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් රැගත් මෙම නෞකාව හෙට දිනයේදී කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.
  • එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ඉන්ධන තොගය මෙරට බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉන්දියාව ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවයේ තවත් එක් පියවරක් බවය.
  • පිරිපහදු කළ ඉන්ධන මෙරටට ලබාදීමට රුසියාවේ එකඟතාව ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන ලබාදීමට රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු මෙරට සංචාරයක නිරත දූත පිරිස ඊයේ (26) එකඟතාව පළකළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රතිඵලයක් ලෙස හෙට (28) මෙරටට ඉන්ධන නෞකාවක් ලැබීමට නියමිතව තිබේ.

ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් රැගත් මෙම නෞකාව හෙට දිනයේදී කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ඉන්ධන තොගය මෙරට බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉන්දියාව ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවයේ තවත් එක් පියවරක් බවය.

පිරිපහදු කළ ඉන්ධන මෙරටට ලබාදීමට රුසියාවේ එකඟතාව

ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන ලබාදීමට රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු මෙරට සංචාරයක නිරත දූත පිරිස ඊයේ (26) එකඟතාව පළකළේය.

ඒ, අමාත්‍ය කුමාර ජයකොඩි, අනිල් ජයන්ත සහ ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ තෙල් අවශ්‍යතා සපයාගැනීමේ විකල්ප ක්‍රම වෙත යොමුවීමට රජය තීරණය කළ අතර, ඒ අනුව ඛනිජ තෙල් සැපයුම පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා එම දූත පිරිස ඊයේ  (26) පෙරවරුවේ මෙරටට පැමිණියහ.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...