The Leader News
BREAKING
සිවුරක සිටිය යුත්තේ කවුද? | කුසල් පෙරේරා●EXCLUSIVE: පාස්කු මහ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ අභියෝගයට●ලංකා පොස්පේට් සමාගමේ වියදම් පාලනයට දැඩි පියවර●‘දැන් ජයකොඩිට මොකද කරන්නේ?’ - ගල් අඟුරු වාර්තාවක් පෙන්නමින් මරික්කාර් අසයි●නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම●සඟරුවන රඳවන නීති වෙනසට ජනපති අනුර මැදිහත්වෙයි●ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●
Top Ad
පුවත්

විධායක ජනාධිපතිකම අහෝසි නොකෙරේ !- අලුත් ව්‍යවස්ථාවකුත් නෑ !

T

The Leader Desk

March 28, 2026 • 3:51 AM

විධායක ජනාධිපතිකම අහෝසි නොකෙරේ !- අලුත් ව්‍යවස්ථාවකුත් නෑ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් නොකරනු ඇති අතර, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම මීළඟ ජනාධිපතිවරණයද පැවැත්වෙනු ඇත.
  • මේ පිළිබඳව 'අනිද්දා' සමඟ අදහස් දක්වු ජාතික ජන බලවේගයේ ජාතික විධායක සහිකයකු කිවේ, අනුර කුමාර දිසානායක ජනාධිපතිධූරයට පත්වූ දා සිට මේ වන තෙක්ම කිසිම අවස්ථාවක විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ගැන සාකච්ඡාවක් බලවේගය තුළ සිදු නොවුණු බවයි.
  • සැප්තැම්බරයේ පැවැති ජනාධිපතිවරණයට, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නමින් ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 194 වැනි පිටුවේ පැහැදිලිව සඳහන් කර තිබුණේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන බවයි.
  • ''නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන අතර එය මහජනතාව වෙත ඉදිරිපත් කර සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදුකොට ජනමත විචාරණයක්ද සමග සම්මත කර ගනු ඇත'' යනුවෙන් එහි සඳහන් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් නොකරනු ඇති අතර, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම මීළඟ ජනාධිපතිවරණයද පැවැත්වෙනු ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ එය අරමුණු කරගත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දිමට හෝ කිසිම වැඩපිළිවෙළක් හෝ සුදානමක් ආණ්ඩුවට නොමැති බවත්, ඉදිරි ජනාධිපතිවරණය පවත්වා ඊට ජාජබ අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායක ඉදිරිපත් කර ජයග්‍රහණය කළ යුතු බවට ජාතික ජන බලවේයයේ හා ජනතා විමුක්ති පෙරමුණේ පොදු එකඟතාව බවත් එම අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මේ පිළිබඳව 'අනිද්දා' සමඟ අදහස් දක්වු ජාතික ජන බලවේගයේ ජාතික විධායක සහිකයකු කිවේ, අනුර කුමාර දිසානායක ජනාධිපතිධූරයට පත්වූ දා සිට මේ වන තෙක්ම කිසිම අවස්ථාවක විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ගැන සාකච්ඡාවක් බලවේගය තුළ සිදු නොවුණු බවයි.

''ඉදිරි කාලයේ කොහොමටවත් අලුත් ව්‍යවස්ථාවක් ගෙනැවිත් සම්මත කරගන්න බෑ'' ඔහු කිවේය.

විපක්ෂයේ පක්ෂවලින් ශක්තිමත් අපේක්ෂකයකු ඉදිරිපත් නොවන බව පැහැදිලිව පෙනෙන බැවින් හා ජනාධිපතිවරයා තවමත් ජනප්‍රියත්වයෙන් ඉහළින් සිටින බැවින්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර නොගත යු බවත් එම ධුරයේ තිබෙන බලය තවදුරටත් ජාජය විසින් පාවිච්චි කරනු ලැබිය යුතු බවත්, එම පක්ෂ දෙකේ මතය වී තිබේ.

2024 සැප්තැම්බරයේ පැවැති ජනාධිපතිවරණයට, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නමින් ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 194 වැනි පිටුවේ පැහැදිලිව සඳහන් කර තිබුණේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන බවයි.

''නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන අතර එය මහජනතාව වෙත ඉදිරිපත් කර සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදුකොට ජනමත විචාරණයක්ද සමග සම්මත කර ගනු ඇත'' යනුවෙන් එහි සඳහන් වෙයි.

තවදුරටත් එහි සඳහන් වන්නේ, විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම හා විධායක බලතල රහිත ජනාධිපතිවරයෙන් පත්කිරීම එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කරනු ඇති බවයි.

එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වැනි පිටුවේ සඳහන් වන්නේ, '2015-2019 කාලය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අනුගමනය කළ ක්‍රියාදාමය කඩිනමින් අවසන් කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවයි.

( සටහන | නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන)
'අනිද්දා' පුවත්පතේ කර්තෘ

උපුටා ගැනීම - 'අනිද්දා' ජාතික පුවත්පතින්...


Screenshot 2026 03 28 091850

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...