The Leader News
BREAKING
සිවුරක සිටිය යුත්තේ කවුද? | කුසල් පෙරේරා●EXCLUSIVE: පාස්කු මහ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ අභියෝගයට●ලංකා පොස්පේට් සමාගමේ වියදම් පාලනයට දැඩි පියවර●‘දැන් ජයකොඩිට මොකද කරන්නේ?’ - ගල් අඟුරු වාර්තාවක් පෙන්නමින් මරික්කාර් අසයි●නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම●සඟරුවන රඳවන නීති වෙනසට ජනපති අනුර මැදිහත්වෙයි●ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●
Top Ad
පුවත්

දරුවන්ගේ සාක්ෂි පටිගත කරන ඒකකවලට බාලගිරි

T

The Leader Desk

March 28, 2026 • 9:38 AM

දරුවන්ගේ සාක්ෂි පටිගත කරන ඒකකවලට බාලගිරි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රියාත්මකව පවතින්නේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ රාගම රෝහලේ ඒකක දෙක පමණි.
  • මෙම ඒකක දෙකේ පසුගිය 2024 වසරේ දී සාක්ෂි වීඩියෝ පටිගත කිරීම් 205ක් කර තිබේ.
  • පළාත් මට්ටමින් මෙම ඒකක පිහිටුවා සාක්ෂි පටිගත කිරීම් සිදුකර විමර්ශන කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවට මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ.
  • ඊට පිළිතුරු වශයෙන් අධිකාරිය සඳහන් කර ඇත්තේ රැස්කර ගන්නා තොරතුරු මහජන ප්‍රදර්ශනයට යෝග්‍ය වන ආකාරයට සකස් කිරීමෙන් පසු මහජන ප්‍රදර්ශනයට පියවර ගැනීමට අපේක්ෂා කරන බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ක්‍රියාත්මකව පවතින්නේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ රාගම රෝහලේ ඒකක දෙක පමණි. මෙම ඒකක දෙකේ පසුගිය 2024 වසරේ දී සාක්ෂි වීඩියෝ පටිගත කිරීම් 205ක් කර තිබේ. අනුරාධපුරයේ හා ගාල්ලේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන ඒකකවලට අදාළ උපකරණ අවශ්‍යතාව සපුරා ගැනීමට අධිකාරියට මෙතෙක් හැකි වී නැත.

පළාත් මට්ටමින් මෙම ඒකක පිහිටුවා සාක්ෂි පටිගත කිරීම් සිදුකර විමර්ශන කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවට මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ.

මීට අමතරව අධිකාරියට ලැබෙන පැමිණිලිවලට අදාළ නඩු කටයුතුවල ප්‍රගතිය පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කිරීම සඳහා සැලැස්මක් සකස් කර මාස තුනක් ඇතුළත ක්‍රියාත්මක කළ යුතු බවට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව පසුගිය 2024 වසරේ අප්‍රේල් මස නියෝගයක් ලබා දී තිබුණ ද එම නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව ද එම පරික්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

ඊට පිළිතුරු වශයෙන් අධිකාරිය සඳහන් කර ඇත්තේ රැස්කර ගන්නා තොරතුරු මහජන ප්‍රදර්ශනයට යෝග්‍ය වන ආකාරයට සකස් කිරීමෙන් පසු මහජන ප්‍රදර්ශනයට පියවර ගැනීමට අපේක්ෂා කරන බව ය.


( aruna | නිලන්ත මදුරාවල)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දරුවන්ගේ සාක්ෂි පටිගත කරන ඒකකවලට බාලගිරි | The Leader