The Leader News
BREAKING
සිවුරක සිටිය යුත්තේ කවුද? | කුසල් පෙරේරා●EXCLUSIVE: පාස්කු මහ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ අභියෝගයට●ලංකා පොස්පේට් සමාගමේ වියදම් පාලනයට දැඩි පියවර●‘දැන් ජයකොඩිට මොකද කරන්නේ?’ - ගල් අඟුරු වාර්තාවක් පෙන්නමින් මරික්කාර් අසයි●නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම●සඟරුවන රඳවන නීති වෙනසට ජනපති අනුර මැදිහත්වෙයි●ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●
Top Ad
පුවත්

‘ඉන්දියාව ඉන්ධන බදු අඩු කළා වගේ ලංකාවෙත් කරන්න’ - සජිත් ජනපතිගෙන් ඉල්ලයි

T

The Leader Desk

March 28, 2026 • 4:02 PM

‘ඉන්දියාව ඉන්ධන බදු අඩු කළා වගේ ලංකාවෙත් කරන්න’ - සජිත් ජනපතිගෙන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාරිභෝගිකයින් මත පැටවෙන බර අඩු කිරීම සඳහා මෝදි පරිපාලනය පෙට්‍රල් සඳහා ඇති විශේෂ අතිරේක බදු අඩු කිරීමටත් ඩීසල් සඳහා ඇති බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත් තීරණය බව විපක්ෂ නායකවරයා සිය ‘X’ ගිණුමේ සදහන් කර ඇත.
  • “ඉන්දීය ජනතාවට ඇති දුෂ්කරතා අවම කිරීම සඳහා නරේන්ද්‍ර මෝදි පාලන රජය විසින් පෙට්‍රල් සඳහා ඇති විශේෂ අතිරේක බදු අඩු කිරීමටත් ඩීසල් සඳහා ඇති බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත් තීරණය කර තිබේ.
  • අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද්ධය හේතුවෙන් ඉන්ධන සැපයුමේ බලපෑම්වලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් හදිසි පියවර හඳුන්වා දී තිබේ.
  • මේ අතර මැදපෙරදිග පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙරට ඉන්ධන කළමනාකරණය සහ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (28) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, ඩී.ජේ.ඒ.එස්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉල්ලා සිටියි.

පාරිභෝගිකයින් මත පැටවෙන බර අඩු කිරීම සඳහා මෝදි පරිපාලනය පෙට්‍රල් සඳහා ඇති විශේෂ අතිරේක බදු අඩු කිරීමටත් ඩීසල් සඳහා ඇති බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත් තීරණය බව විපක්ෂ නායකවරයා සිය ‘X’ ගිණුමේ සදහන් කර ඇත.

“ඉන්දීය ජනතාවට ඇති දුෂ්කරතා අවම කිරීම සඳහා නරේන්ද්‍ර මෝදි පාලන රජය විසින් පෙට්‍රල් සඳහා ඇති විශේෂ අතිරේක බදු අඩු කිරීමටත් ඩීසල් සඳහා ඇති බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත් තීරණය කර තිබේ. එබැවින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද තම මැතිවරණ පොරොන්දුව ඉටු කිරීමට කාලය එළැඹ තිබේ.” යනුවෙන් එහි සදහන් වේ.

අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද්ධය හේතුවෙන් ඉන්ධන සැපයුමේ බලපෑම්වලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් හදිසි පියවර හඳුන්වා දී තිබේ.

xfgsrgr5

මාර්තු මස අග ඉන්ධන මිල සංශෝධනයක් නැහැ !

මේ අතර මැදපෙරදිග පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙරට ඉන්ධන කළමනාකරණය සහ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (28) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා පවසියේ, මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය මේ මස සිදු නොකරන බවයි.

ගෝලීය තෙල් මිලෙහි උච්ඡාවචනයන් මධ්‍යයේ මාර්තු මාසයේදී සිදු කරන ලද බහුවිධ මිල සංශෝධනවලින් පසුව මෙම තීරණය ගෙන ඇත.

මැදපෙරදිග ගැටුමට සම්බන්ධ සැපයුම් බාධාවන් මධ්‍යයේ මාර්තු 9වැනිදා ඉන්ධන මිල ප්‍රථම වරට වැඩි කරන ලද අතර, පසුව මාර්තු 20 වන දින තවත් සංශෝධනයක් සිදු කරන ලදී.  එහි ප්‍රතිඵලයක් ලෙස මාසය තුළ ප්‍රධාන ඉන්ධන කාණ්ඩ හරහා 35% ක පමණ සමුච්චිත වැඩිවීමක් සිදුවිය.

මේ අතර ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අද මධ්‍යම රාත්‍රීයේදී සිදු කරන බව ද රාජකරුණා  වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...