The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

විපක්ෂයේ පුළුල් පෙරමුණක් ගැන ඉඟියක් ! - සජිත් 'මහ මොළකරු' සොයා ගම්මන්පිලගේ උත්සවයට යයි !

T

The Leader Desk

April 1, 2026 • 4:42 AM

විපක්ෂයේ පුළුල් පෙරමුණක් ගැන ඉඟියක් ! - සජිත් 'මහ මොළකරු' සොයා ගම්මන්පිලගේ උත්සවයට යයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'සොනික් සොනික්' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ පුද්ගලයකු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් බව සමගි ජන බලවේගයේ ප්‍රධානින් පසුගිය කාලය මුළුල්ලේ දිගින් දිගටම අවධාරණය කර තිබිය දී ගම්මන්පිලගේ ''මහ මොළකරුවන් හෙළි කිරීමේ'' අවස්ථාවට සජබ නායකයින් ද එක්ව සිටීම ඊට හේතුවයි.
  • සජබ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සුජීව සේනසිංහ , හර්ෂණ රාජකරුණා, දීපාල් විජේසුන්දර, තිස්ස අත්තනායක ඇතුළු සජබ ක්‍රියාකාරීන් විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියේය.
  • කෙසේවුවද සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ නායකයින් මෙම උත්සවයට සහභාගිවීම ඉදිරියේදී ඇතිවීමට නියමිත විපක්ෂයේ පුළුල් සන්ධානයක පෙරනිමිත්තක් බව දේශපාලන විචාරකයින් පවසති.
  • වහාබ් අන්තවාදී මවුලවිවරයෙක් වන සහරාන් 2019 අගෝස්තුවේ දළදා පෙරහැරට ප්‍රහාර එල්ල කිරීමට නියමිතව සිටියත් නවසීලන්තයේ මුස්ලිම්වරුන්ට එල්ල වූ ප්‍රහාරය නිසා 2019 අප්‍රේල් මාසයේ පාස්කු ප්‍රහාරය එල්ල කළ බව උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


'සොනික් සොනික්' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ පුද්ගලයකු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් බව සමගි ජන බලවේගයේ ප්‍රධානින් පසුගිය කාලය මුළුල්ලේ දිගින් දිගටම අවධාරණය  කර තිබිය දී ගම්මන්පිලගේ ''මහ මොළකරුවන් හෙළි කිරීමේ'' අවස්ථාවට සජබ නායකයින් ද එක්ව සිටීම ඊට හේතුවයි.

සජබ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සුජීව සේනසිංහ , හර්ෂණ රාජකරුණා, දීපාල් විජේසුන්දර, තිස්ස අත්තනායක ඇතුළු සජබ ක්‍රියාකාරීන් විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියේය.

කෙසේවුවද සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ නායකයින් මෙම උත්සවයට සහභාගිවීම ඉදිරියේදී ඇතිවීමට නියමිත විපක්ෂයේ පුළුල් සන්ධානයක පෙරනිමිත්තක් බව දේශපාලන විචාරකයින් පවසති.

හිටපු ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්‍ෂ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, වාසුදේව නානායක්කාර, නාමල් රාජපක්‍ෂ, දිලිත් ජයවීර, දුමින්ද දිසානායක, ඩලස් අලහප්පෙරුම, රංජිත් මද්දුමබණ්ඩාර, සරත් එන් සිල්වා, විමල් වීරවංශ, මහින්ද යාපා අබේවර්ධන ඇතුළු දේශපාලන නායකයින් විශාල පිරිසක් මෙම උළෙලට එක්ව සිටියහ.

මහ මොළකරු සහරාන් හෂීම්ම තමයි – උදය ගම්මන්පිල

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම කෘතිය ජනගත කිරීම ඊයේ (31) කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී සිදු වූ අවස්ථාවේදී උත්සව සභාව අමතමින් උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සහරාන් හෂීම් මිස අන් කවරකුවත් නොවන බවයි.

වහාබ් අන්තවාදී මවුලවිවරයෙක් වන සහරාන් 2019 අගෝස්තුවේ දළදා පෙරහැරට ප්‍රහාර එල්ල කිරීමට නියමිතව සිටියත් නවසීලන්තයේ මුස්ලිම්වරුන්ට එල්ල වූ ප්‍රහාරය නිසා 2019 අප්‍රේල් මාසයේ පාස්කු ප්‍රහාරය එල්ල කළ බව උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.

එමෙන්ම, මෙම මෙහෙයුම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍ය ප්‍රතිපාදන මොහොමඩ් ඊබ්‍රහීම් විසින් ලබාදී ඇති බව උදය ගම්මන්පිළ මෙහිදී අවධාරණය කළේය.

ජාත්‍යන්තර ISIS සංවිධානයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ එම සංවිධාන නායකයා ලෙස සහරාන් මෙම ප්‍රහාරයේ සියලු මෙහෙයවීම් සිදුකළේ නම්, එහි මහ මොළකරු ලෙස සහරාන්ව හැඳින්වීමට තවත් සාක්ෂි අවශ්‍ය නොවන බව ද උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියේය.

සහරාන් හෂීම්ගේ මතවාදය ඉගෙන ගත් තවත් අන්තවාදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් තුන්සීයක් සමාජයේ සිටින නිසා ඒ අය ගැන වඩා හොඳ අවධානයක් යොමු කළ යුතු බව මේ ග්‍රන්ථය එළි දක්වමින් ගම්මන්පිල තවදුරටත් පැවසීය.

පාස්කු ප්‍රහාර ගැන වාර්තා පහක් ඇතුළු පිටු පනස් දහසක් පමණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමා මේ ග්‍රන්ථය එළිදැක්වූ බවත්, මේ සියලු කරුණු පිළිබඳ ඕනෑම අයකු සමග විවාද කිරීමට පවා තමා සූදානම් බවත් උදය ගම්මන්පිල කියා සිටියේය.

 වර්තමාන ආණ්ඩුව බෙදුම්වාදීන් සතුටු කිරීම වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ලෙස හිටපු බුද්ධි අංශ සාමාජිකයන් පෙන්වීම ඉතාම සාවද්‍ය බව හෙතෙම මෙහිදී අවධාරණය කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...