කටයුතු වලට අවහිරකර මීගමුව පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික මුදලින් අදාල නීතිඥවරයාට වන්දි ගෙවන ලෙස සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට නියම කළේය.
ඒ අනුව රුපියල් 60000/-ක මුදලක් ගෙවන ලෙස මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් කටයුතු කළ වුට්ලර් උදයකුමාරට සහ සහ රුපියල් 30000/- ක මුදලක් ගෙවන ලෙස එම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති මදුශංක ඩයස් යන නිලධාරීන්ට නියම කරන ලදී.
ඊට අමතරව නඩු ගාස්තු වශයෙන් රුපියල් 10000/- ක් බැගින් එම වගඋත්තරකරුවන් දෙදෙනා විසින් අදාල නීතිඥවරයාට ගෙවිය යුතු බවට ද නියම කෙරිණි.
නීතිඥවරයෙකු වන ප්‍රියලාල් චමින්ද සිරිසේන විසින් ඉදිරිපත් කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන අවසන් කර එහි තීන්දුව ප්‍රකාශ කරමින් මෙම නියමයන් කරන ලදී.
අදාළ පෙත්සම විභාගයට ගත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා, මෙම සිද්ධිය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී නැති බවට තීරණය කළ අතර විනිසුරු මඩුල්ලෙහි සෙසු සාමාජිකයන් වූ කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් තීරණය කළේ මෙමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී ඇති බවයි.
මෙම පෙත්සම සම්බන්ධ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා සඳහන් කළේ, පවුල් ආරවුලක් සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ පැවති පැමිණිලි විභාගයට පෙත්සම්කාර නීතිඥවරයා2017 වසරේ නොවැම්බර් මස එම පොලිස් ස්ථානයට ගොස් ඇති බවය.
අදාළ සිද්ධියට සම්බන්ධ කාන්තාවකගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥවරයා එම ස්ථානයට ගොස් ඇති නමුත් වග උත්තරකාර පොලිස් නිලධාරීන් අදාළ පැමිණිල්ලට සම්බන්ධ පාර්ශවකරුවන්ට පමණක් කැඳවීමක් කර ඇති අතර පෙත්සම්කාර නීතිඥවරයාට පිටත රැඳී සිටින ලෙස නියම කළ බව පෙත්සම් විභාගයේදී අනාවරණය විය.
වග උත්තරකාර පොලීස් නිලධාරින් සිය නීතිඥ වෘත්තීය ඉටුකිරීමට බාධාවක් සිදු කර ඇති බවත් ඒ තුළින් සිය වෘත්තිය ඉටුකිරීමට බාධා කර මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවට තීන්දු කරන ලෙස පෙත්සම්කරු මෙම පෙත්සම මගින් ඉල්ලා ඇති බවද තීන්දුවේ සඳහන් වේ .
2012 වසරේ මැයි මස 18 වනදා පොලිස්පතිවරයා විසින් නිකුත් කළ 1758/36 දරන අති විශේෂ ගැසට් නිවේදනය අනුව රාජකාරී කටයුත්තක් සඳහා පොලිස් ස්ථානයකට ඇතුළු වන නීතිඥයෙකුට සුහදව සහ ආචාරශීලීව සැලකිය යුතු බව සඳහන් කර ඇති අතර සංවරව හා ඉවසිලිවන්තව ඔවුන්ට සවන් දිය යුතු බව විනිසුරු මඩුල්ල විසින් පෙන්වා දී ඇත
මෙම පැමිණිලි විභාගය පැවැති අවස්ථාවේ සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා පොලිස් ස්ථානයට ගියේ නීතිඥවරයාට වුට්ලර් උදයකුමාර නමැති වගඋත්තරකරු " මේ වගේ කුරුලු කූඩු කැඩිල යන්නේ දෙමව්පියෝ නිසා. ඒ වගේම නීතිඥයෝ නිසා. මේ නීතිඥයන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵල දෙන්න ඕන." යනුවෙන් ප්‍රකාශ කළ බවට පෙත්සම මගින් චෝදනා කර තිබුණි
නීතිඥවරයාගේ වෘත්තීය කටයුතු ඉටු කිරීම සඳහා බාධා නොකළ බවත් මෙම සිද්ධියට සම්බන්ධ පාර්ශව කරුවන් තරුණ යුවළක් බවත් විවාහ ආරවුල් සාමකාමීව විසඳා ගැනීමට උත්සාහ කළ යුතු බව තමන් ප්‍රකාශ කළ බව, අධිකරණයට විරෝධතා ඉදිරිපත් කරමින් වගඋත්තරකාර වුට්ලර් මහතා විසින් සඳහන් කර තිබුණි .
කරුණු විමසා බැලීමේදී මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් පැමිණිල්ල සිවිල් ආරවුලක් බවත් එවැනි පැමිණිල්ලක් පවත්වාගෙන යාමට වග උත්තරකරුවන් කටයුතු කළේ කෙසේද? යන්න ප්‍රශ්නාර්ථයක් බවත් තීන්දුවේ සඳහන් වේ.
වග උත්තර කරුවන් විසින් පෙත්සකරුවන් සුහදව සහ ආචාරශීලීව පිළිගැනීමට යුතුව තිබූ නමුත් ඊට බාධා කිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී ඇති බවට විනිසුරු මඩුල්ල විසින් තීරණය කරන ලදි.
(සටහන | නෙල්කා මැදගෙදර)
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී




