කැමැත්ත පළකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, අමාත්‍ය බිමල් රත්නායක සිදුකළ රුසියානු සංචාරයේ එරට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රමන් මර්ශාවින් මේ බව සහතික වී ඇති බවය.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සිදුකරන අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා කරනු ලබන සහාය අඛණ්ඩව ලබාදීමටත් නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික වී තිබේ.
මේ අතර මැදපෙරදිග යුධ තත්ත්වය හේතුවෙන් මෙරට බලශක්ති සැපයුමට අදාළව පැන නැගී ඇති ගැටළු නිරාකරණයට සිය රටේ උපරිම සහය ලබාදෙන බව පැවසූ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට දැනට අවශ්‍ය ඉන්ධන සැපයීමත් ඉදිරියේදී ඇතිවිය හැකි හිඟතාවන් පියවීමටත් සිය සහය නොඅඩුව ලබාදෙන බවත්ටත් එකඟවී ඇත.
ඒ අනුව අප්‍රේල් සහ මැයි මාසවලට අවශ්‍ය ඉන්ධන සැපයීම සිදුකල හැකි බවත් ඔහු පවසා තිබේ.
අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා රුසියානු සමාගම් සහ ලංකා ඛණිජ තෙල් තීනිගත සංස්ථාව සමග ගිවිසුම්ගතව ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පහසුකම් සපයන බවද පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව සඳහා භාවිතකරන ගල්අඟුරු සැපයීමට සිය රට සූදානම් බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන මාවත යතාර්ථයක් වනු දැකීම සිය රටේ කැමැත්ත බවත්, වත්මන් රජය ගෙනයන තිරසර සංවර්ධන ව්‍යාපෘති සඳහා රුසියානු රාජ්‍යයේ අඛණ්ඩ සහය ලබාදෙන බවත් මෙහිදී ප්‍රකාශ වී තිබේ
| aruna
බලශක්ති ප්‍රභවයන් ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව කැමැත්ත පළ කරයි
T
The Leader Desk
April 1, 2026 • 4:50 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, අමාත්‍ය බිමල් රත්නායක සිදුකළ රුසියානු සංචාරයේ එරට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රමන් මර්ශාවින් මේ බව සහතික වී ඇති බවය.
- ඒ අනුව අප්‍රේල් සහ මැයි මාසවලට අවශ්‍ය ඉන්ධන සැපයීම සිදුකල හැකි බවත් ඔහු පවසා තිබේ.
- අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා රුසියානු සමාගම් සහ ලංකා ඛණිජ තෙල් තීනිගත සංස්ථාව සමග ගිවිසුම්ගතව ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පහසුකම් සපයන බවද පැවසීය.
- එමෙන්ම ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව සඳහා භාවිතකරන ගල්අඟුරු සැපයීමට සිය රට සූදානම් බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



