(30000/=) දඩ මුදල් ගෙවන ලෙස නියෝග කල තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක, චූදිත පුද්ගලික බස් රියදුරාගේ රිය පැදවීමේ බලපත්‍රය ජීවිත කාලයටම තහනම් කරනු ලැබීය.
මෙලෙස බීමතින් මහමග රිය පදවා අධිකරණයෙන් දඩ මුදල් නියම වූයේ හසළක පදිංචි ඉන්දික නිශාන්ත රඹුක්වැල්ල (32) නමැති පුද්ගලික බස් රියදුරාටය.
චූදිත අත් අඩංගුවට ගෙන ඇල්කොලයිෂර් පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු එමගින් ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වී ඇතැයි, චූදිතට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කල මැණික්හින්න පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජී ඒ කුමාරසිරි අධිකරණයට දන්වා සිටියේය.
චූදිත පුද්ගලික බස්රියදුරා මහනුවර සිට මහියංගණය බලා බස්රිය ධාවනය කරමින් සිටියදී මැණික්හින්න පොලීසියේ රථවාහන අංශයේ නිලධාරින් බස්රිය නවතා පරීක්ෂා කර ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි .
මැණික්හින්න පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් ශ්‍රී රාජපක්ෂ ගේ මෙහෙය වීම මත, රථවාහන අංශයේ ස්ථානාධිපති උපොප. ජී ඒ කුමාරසිරි චූදිත පුද්ගලික බස් රථ රියදුරාට එරෙහිව පරීක්ෂණ පවත්වා අධිකරණයේ නඩු පවරන ලදි.
(lankalokaya | අජිත් ජනානන්ද)




