ප්‍රදේශය රත් කළ යකඩ කූරකින් පුළුස්සා තුවාල සිදුකළ පියකු දෙනියාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුලී රැකියාවක නිරත වන මෙම පියා එදින සිය ජංගම දුරකථනය නිවසේ අමතක වී දමා ගොස් ඇති අතර, නිවසේ සිටි දරුවන් එම දුරකථනය රැගෙන ටික් ටොක් වීඩියෝ නරඹා ඇත.
පසුව වැඩ නිම වී නිවසට පැමිණි පියා දරුවන්ට පාඩම් කරන ලෙස නියම කර රාත්‍රී ආහාරය පිළියෙල කිරීමට ගොස් ඇති අතර, මඳ වේලාවකින් දරුවන් පාඩම් කරන්නේ දැයි සොයා බැලීමට ගිය අවස්ථාවේදී ඔවුන් නැවතත් ජංගම දුරකථනයෙන් ටික් ටොක් නරඹමින් සිටිනු දැක උරණ වූ පියා ලිපෙහි රත් වෙමින් තිබූ යකඩ කූරක් ගෙන දරුවාට මෙම අමානුෂික දඬුවම පමුණුවා ඇත.
පසුදින පාසල් ගිය දරුවා සම්බන්ධයෙන් තොරතුරු දැනගත් විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වී ඔහු දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සිසුවා මාතර මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සහ පවුලේ තත්ත්වය සොයා බැලීමට එම නිවසට ගිය දෙනියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරත්න දැක තිබුනේ අතිශය සංවේදී දසුනකි.
එම නිවසේ දරුවන්ට සහ අසනීප තත්ත්වයෙන් පසුවන බිරිඳට එවේලට ආහාරයට ගැනීමට පවා කිසිවක් නොතිබූ බව නිරීක්ෂණය කළ ස්ථානාධිපතිවරයා, එහි පැමිණි අනෙකුත් නිලධාරීන්ගේ ද සහය ඇතිව මුදල් එකතු කර වහාම එම පවුලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන දීමට කටයුතු කර ඇත.
දෙනියාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
| aruna




