The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ !

T

The Leader Desk

April 2, 2026 • 4:48 AM

ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රධාන භූමිකම්පාවක් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කළේය.
  • භූකම්පනය හේතුවෙන් එහි අපකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබිණ.
  • හවායිහි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ භයානක සුනාමි රළ ඇති විය හැකි බවයි.
  • උතුරු සුලවේසි දූපතේ සිදුවූ ගොඩනැගිලි කඩා වැටීමක සුන්බුන්වලට යටවීමෙන් 70 හැවිරිදි මෙම කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව මුදාගැනීමේ කණ්ඩායම් තහවුරු කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රධාන භූමිකම්පාවක් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කළේය.

භූකම්පනය හේතුවෙන් එහි අපකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබිණ.

හවායිහි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ භයානක සුනාමි රළ ඇති විය හැකි බවයි.

උතුරු සුලවේසි දූපතේ සිදුවූ ගොඩනැගිලි කඩා වැටීමක සුන්බුන්වලට යටවීමෙන් 70 හැවිරිදි මෙම කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව මුදාගැනීමේ කණ්ඩායම් තහවුරු කර තිබේ.

සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර ගනී

කෙසේවුවද භූමිකම්පාව සිදුවී පැය දෙකකට පමණ පසු, ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ.

හවායි දූපත්හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් එබව සඳහන් කර ඇත.

 "ලබා ගත හැකි සියලුම දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව... මෙම භූමිකම්පාවෙන් එල්ල විය හැකිව තිබූ සුනාමි තර්ජනය මේ වන විට පහව ගොස් ඇති බව තහවුරු කළ හැකියි." බව ඔවුන් සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, මුහුදු රළ මට්ටමේ සුළු වෙනස්වීම් සිදුවිය හැකි බැවින් වෙරළාසන්න වැසියන් තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.

Tsunami warning issued for Indonesia, Philippines, Malaysia

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...