The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

අවුරුද්ද සුබ වෙන එකක් නැහැ - පාඨලී චම්පික රණවක

T

The Leader Desk

April 2, 2026 • 8:56 AM

අවුරුද්ද සුබ වෙන එකක් නැහැ - පාඨලී චම්පික රණවක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළඹෙන අවුරුදු සමය මහජනතාවට නම් සුබ අලුත් අවුරුද්දක් නොවනු ඇතැයි චම්පික රණවක එහිදී කීය.
  • ''එළඹෙන අවුරුදු සමය අපේ මහජනතාවට නම් එච්චර සුබවාදී නැහැ.
  • ආණ්ඩුව 13.5ක විදුලි වැඩිවීමක් ඉල්ලා තිබුණා.
  • ඒ නිසා මෙවර විදුලි වැඩිවීම 10.5කට සීමා කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එළඹෙන අවුරුදු සමය මහජනතාවට නම් සුබ අලුත් අවුරුද්දක් නොවනු ඇතැයි චම්පික රණවක එහිදී කීය.

'ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය' සංවිධානය කළ මෙම මාධ්‍ය හමුව කොළඹ 'නිපොන් හෝටලයේ'දී පැවැත්විණි.

ඒ සඳහා විපක්ෂයේ පක්ෂ නායකයන් රැසක් සහභාගී වී සිටි අතර එහිදී අදහස් දක්වමින් චම්පික රණවක මෙසේද කීය.
 
WhatsApp Image 2026 04 02 at 12.20.07 PM
''එළඹෙන අවුරුදු සමය අපේ මහජනතාවට නම් එච්චර සුබවාදී නැහැ. අද සිට විදුලි ගාස්තුව වැඩි කිරීමට අනුර කුමාර දිසානායක ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ආණ්ඩුව 13.5ක විදුලි වැඩිවීමක් ඉල්ලා තිබුණා. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලය නිල වශයෙන් විසුරුවා දැමීමේ නායකත්වය ගත්තෙත් අනුර කුමාර ජනාධිපතිතුමා. ඒ සමාගම් වලින් ඉවත් වීමට දෙදහසකට ආසන්න පිරිසක් එකඟ වී තිබෙනවා. මේ අයගේ විශ්‍රාම ගැන්වීමේ යෝජනාවලියක් ඉදිරිපත් වී තිබුණා. එය මහජන උපයෝගීතා කොමිසම සැලකිල්ලට ගෙන තිබෙනවා. එය මෙවර විදුලි ගාස්තු වැඩි වීමට එකතු කර නැහැ. ඒ නිසා මෙවර විදුලි වැඩිවීම 10.5කට සීමා කර තිබෙනවා.

නමුත් ගෘහස්ථ පාරිභෝගිකයන්ට විදුලි බිල 13.5ක් දක්වා වැඩිකර තිබෙනවා. ඒ කාරණය කවුරුත් දන්නවා.

කර්මාන්ත වලට විදුලි බිල 8.7 කින් වැඩිකර තිබෙනවා. සියලුම බිල් වැඩිවීම තුළ කර්මාන්ත ක්ෂේත්‍රයට දරුණු අර්බුදයක් ඇතිවීමට නියමිතයි.

''ගල් අඟුරු හොරකමේ බරත් මහජනයා මත පටවා තිබෙනවා''

මේ විදුලි බිල වැඩි පිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට විදුලි බල මණ්ඩලය අවශ්‍ය තොරතුරු ලබා දුන්නේ පෙබරවාරි මාසයේ.

ගල් අඟුරු හොරකමේ බරත් මේ විදුලි බිල වැඩි කිරීමේදී මහජනයා මත පටවා තිබෙනවා.

විශාල නියඟයක් ළඟ එන බවත් ජුනි- ජුලි වන විට එය උග්‍ර වන බවත් ආණ්ඩුවේ මාධ්‍ය ඒකක මතයක් හදමින් සිටිනවා. මොකද ගල් අඟුරු සොරකම නිසා ලයිට් කැපෙන්න නියමිතයි. ඒ ලයිට් කැපීම වහන්න දැන් නියඟය කරලියට ගේන්න උත්සාහ කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබෙන්නේ වැසි තත්ත්වය සාමාන්‍ය බවයි. 2025 වසරේ තිබුණාට සමාන කාලගුණ තත්ත්වයක් 2026 වසරේදී පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව අනුර කුමාර දිසානායකගේ මාධ්‍ය බලකායේ ප්‍රකාශයකට මහජන උපයෝගීතා කොමිසම හොඳ උත්තරයක් ලබා දී තිබෙනවා.
 
 
2025 වසරේ අපි එපා කියද්දි අනුර දිසානායක බලෙන් විදුලි ගාස්තු වැඩි කෙරෙව්වා. එයින් මිලියන හයදහස් ගණනක අයථා ලාභයක් ලබාගෙන තිබෙනවා.විදුලි බල මණ්ඩලය කොම්පැණි හතරකට කැඩූ පසු ජනන සමාගම පවසා තිබෙන්නේ බාල ගල් අඟුරු සිද්ධිය නිසා වැඩියෙන් ඩීසල් පාවිච්චි කරන්නට සිදු වීමෙන් පෙබරවාරියේ දුන් පුරෝකථනය හරියන්නේ නැති බවයි. නව පුරෝකථනයක් ලබාදිය යුතු බවත් ඔවුන්  සඳහන් කර තිබෙනවා. ඒ කියන්නේ නැවත විදුලි බිල වැඩි කිරීමට අවශ්‍ය පසුබිම අනුර දිසානායක ජනාධිපතිවරයා සකසමින් සිටිනවා.
 
 
මේකෙ වගකීම ගන්නෙ කවුද?

එමෙන්ම බාල ගල් අඟුරු සිද්ධිය නිසා අගෝස්තු මාසයේදී විදුලි කප්පාදුවක් කරන්නට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර තිබෙනවා. මේකෙ වගකීම ගන්නෙ කවුද?

ගල් අඟුරු ටොන් එකක් ඩොලර් 143 ක අධික මුදලකට මිලදී ගෙන තියෙනවා. ගල් අඟුරු මිලදී ගැනීමෙන් සිදුවන පාඩුව රුපියල් බිලියන 10 කට වඩා වැඩියි. අපේක්ෂිත නැව්ගත කිරීම් මෙම මස අගදී පැමිණියති විදුලි කප්පාදුව වළක්වන්නට හැකියාවක් නැහැ.

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ සහ විදුලි කප්පාදුවේ සැබෑ හේතුව වසන් කිරීම සඳහා ජල විදුලිය සඳහා භාවිතා කරන ජලාශවල ජල මට්ටම මුළු ධාරිතාවෙන් සියයට 50 ක මට්ටමක තබා ගෙන සිටිනවා. ඉන්ධන සඳහා බදු අඩු කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කළා. පොදු ප්‍රවාහනය නොමිලේ සැපයීමට ඕස්ට්‍රේලියාව කටයුතු කළා.

ශ්‍රී ලංකා රජය ද ජනතාව වෙනුවෙන් එවන් සහන ලබා දිය යුතුයි යනුවෙන්ද පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේය.
 

''නිවේදනය නොකළ විදුලි බිඳවැටීම් සහ ජල කප්පාදුව දැනටමත් ක්‍රියාත්මකයි'' - දයාසිරි

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසූයේ සමහර ප්‍රදේශවල නිවේදනය නොකළ විදුලි බිඳවැටීම් සහ ජල කප්පාදුව දැනටමත් ක්‍රියාත්මක බවයි.
 


හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී සඳහන් කළේ විදුලි ගාස්තු වැඩි කිරීම, ප්‍රවාහන ගාස්තු වැඩි කිරීම සහ ඉන්ධන සහ ආහාර මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවට සෑම පැත්තකින්ම පහර වැදී ඇති බවයි.


මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක හිටපු පා.ම. අසංක නවරත්න සහ සර්ව ජන බලය වෙනුවෙන් රජිත හපුආරච්චි ද අදහස් දැක්වූ අතර හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍යවරුන් වන එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් ලසන්ත අලගියවන්න, හිටපු මන්ත්‍රීවරුන් වන අජිත් මාන්නප්පෙරුම, සුදත් මංජුල, සමන් රත්නප්‍රිය, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර හා නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු මුස්ලිම් පක්ෂ නියෝජනය කරමින් දේශපාලන නියෝජිතයින් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...