The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු ආයතන විකිණීමේ පසුගිය රජයේ තීරණ ක්‍රියාත්මක කරන්නේ නෑ - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

T

The Leader Desk

April 2, 2026 • 12:06 PM

ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු ආයතන විකිණීමේ පසුගිය රජයේ තීරණ ක්‍රියාත්මක කරන්නේ නෑ - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදාළ ආයතන විකිණීමට ගනු ලැබූ කැබිනට් තීරණය අභියෝගයට ලක් කරමින් දොස්තර ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ බව දන්වා සිටියාය.
  • එහිදී රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දී සිටියේ මෙම ආයතන විකිණීමට අදාළව පසුගිය රජය විසින් ගෙන ඇති තීරණ ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇති බවය.
  • එහෙත්, මෙම සමාගම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පමණක් කමිටුවක් පත් කර ඇති බවත් ඇය සදහන් කර සිටියාය .
  • ඒ අනුව අදාළ කැබිනට් තීරණය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බැවින් මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ කනිෂ්ක විතාරණ අධිකරණයට දන්වා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


අදාළ ආයතන විකිණීමට ගනු ලැබූ කැබිනට් තීරණය අභියෝගයට ලක් කරමින් දොස්තර ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ බව දන්වා සිටියාය.

අචල වෙන්ගප්පුලි, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබයකොන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.

එහිදී රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දී සිටියේ මෙම ආයතන විකිණීමට අදාළව පසුගිය රජය විසින් ගෙන ඇති තීරණ ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇති බවය.

එහෙත්, මෙම සමාගම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පමණක් කමිටුවක් පත් කර ඇති බවත් ඇය සදහන් කර සිටියාය .

ඒ අනුව අදාළ කැබිනට් තීරණය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බැවින් මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ කනිෂ්ක විතාරණ අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව අදාල පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර සහ එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු  පිරිසක් මෙහි පෙත්සම් කරුවෝ වෙති.

මුදල් ඇමැති වරයා ලෙස ජනාධිපතිවරය රනිල් වික්‍රමසිංහ ඇතුළු කැබිනට් මණ්ඩල සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු 23 දෙනෙකු මෙහි වගඋත්තර කරුවෝ වෙති.

රාජ්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක කොටස් විකිණීමේ සූදානමක් ඇති අතර ඒ සඳහා කැබිනට් තීරණ ද ඉකුත් රජය සමයේ ගෙන ඇති බව පෙත්සමෙහි සදහන් විය.

එසේම රාජ්‍ය ආයතන විකිණීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාදී නැති බව එහි සදහන් වේ.

 එබැවින් එකී තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි අතර බලධාරීන් සිය බලය ඉක්මවා කටයුතු කිරීමක් බව බව පෙත්සම් කරුවෝ පෙන්වා දෙති.

එසේම එමගිනි මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා ඇත.

එසේම අදාළ කැබිනට් තීරණ බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.


| නෙල්කා මැදගෙදර
Nelka Medagedara
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී

nelindum41@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...