The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

ගොවි ජනතාවට අඛණ්ඩ පොහොර සැපයුමක් තහවුරු කිරීම රජයේ අරමුණයි - ජනපති

T

The Leader Desk

April 2, 2026 • 2:52 PM

ගොවි ජනතාවට අඛණ්ඩ පොහොර සැපයුමක් තහවුරු කිරීම රජයේ අරමුණයි - ජනපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
  • පවතින පොහොර සංචිත බෙදා හැරීමේ යාන්ත්‍රණය තවදුරටත් විධිමත් කිරීමට සහ පොහොර ආනයනය සඳහා පවතින බාධා සැලකිල්ලට ගනිමින් ඒ පිළිබද ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.
  • ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඊට අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.
  • මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඇතැම් ව්‍යාපාරිකයන් පොහොර සඟවා ගැනීම සහ වැඩි මිලට පොහොර අලෙවි කිරීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

පවතින පොහොර සංචිත බෙදා හැරීමේ යාන්ත්‍රණය තවදුරටත් විධිමත් කිරීමට සහ පොහොර ආනයනය සඳහා පවතින බාධා සැලකිල්ලට ගනිමින් ඒ පිළිබද ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ  නිලධාරීන් සහ ඊට අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.

මේ වන විට පවතින පොහොර සංචිත සහ බෙදා හැරීමේ යාන්ත්‍රණය පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා, දිස්ත්‍රික් මට්ටමින් ගොවි ජනතාවට පොහොර බෙදා හැරීමේ කටයුතු නිසි කළමනාකරණයකින් යුතුව සිදු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.


මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඇතැම් ව්‍යාපාරිකයන් පොහොර සඟවා ගැනීම සහ වැඩි මිලට පොහොර අලෙවි කිරීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. එලෙස සඟවා ගෙන තිබී සොයා ගත් පොහොර තොග  ප්‍රමාණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට භාරදී ඇත.


පවතින තත්ත්වය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ ආරක්ෂිත සංචිත ලෙස පොහොර තොග පවත්වාගෙන යෑමට කටයුතු කරන බවත් නිලධාරීහූ සඳහන් කළහ.

යුදමය තත්ත්වයන් නොමැති රටවල් සමඟ සාකච්ඡා කර විකල්ප ක්‍රමවේද ඔස්සේ පොහොර ආනයනය කිරීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ටී.සී.ඩබ්ලිව්. සේතුගේ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්, පොහොර ආනයන සමාගම්වල නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 00 f 100 f 200 f 300 f 400 f 500 f 6
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...