The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි - මහාචාර්ය ජී.එල්. පීරිස්

T

The Leader Desk

April 2, 2026 • 3:00 PM

විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි - මහාචාර්ය ජී.එල්. පීරිස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුව සූදානම් වන බවත් එය අධිකරණයේ ස්වාධීනත්වනයට ඉතාම අහිතකර මෙන්ම අපහාසාත්සක තීරණයක් වනු ඇති බවත් හිටපු අමාත්‍යවරයකු වන මහාචාර්ය ජී.
  • පෙරේරා කේන්ද්‍රයේදී අද (2) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී.
  • ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ලබන වයස අවුරුදු 65 ලෙසත්, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම ලබන වයස අවුරුදු 63 ලෙසත්, මෙරට උත්රීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන්ම දක්වා ඇත්තේ අධිකරණයේ සහ විනිසුරුවන්ගේ ගෞරවය සහ තේජස රැකගැනීමට බව කී මහාචාර්ය ජී.
  • පීරිස් පැවසුවේ, වර්තමාන ආණ්ඩුව මෙම සූදානමත් සමඟ විනිසුරුවන්ගේ ගෞරවය කෙළසීමට සූදානම් වන බවත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුව සූදානම් වන බවත් එය අධිකරණයේ ස්වාධීනත්වනයට ඉතාම අහිතකර මෙන්ම අපහාසාත්සක තීරණයක් වනු ඇති බවත් හිටපු අමාත්‍යවරයකු වන මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසීය.

බොරැල්ලේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී අද (2) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් එසේ පැවසීය.

ස්වාධීන අධිකරණයක් පැවතීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අනිවාර්ය ලක්‍ෂයක් වන අතර අධිකරණයේ ගෞරවයට සහ ස්වාධීනත්වයට දැඩි පහරක් වන තීරණයක් ගැනීමට වර්තමාන ආණ්ඩුව සූදානම් වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ පමණක් විශ්‍රාම ලබන කාලය වසර දෙකකින් ඉහළ දැමීමට ආණ්ඩුව සූදානම් වන බවත් ඒ මහතා කීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ලබන වයස අවුරුදු 65 ලෙසත්, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම ලබන වයස අවුරුදු 63 ලෙසත්, මෙරට උත්රීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන්ම දක්වා ඇත්තේ අධිකරණයේ සහ විනිසුරුවන්ගේ ගෞරවය සහ තේජස රැකගැනීමට බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසුවේ, වර්තමාන ආණ්ඩුව මෙම සූදානමත් සමඟ විනිසුරුවන්ගේ ගෞරවය කෙළසීමට සූදානම් වන බවත්ය.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ පමණක් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේම දැවැන්ත ගැටලුවක් නිර්මාණය වන බවත් විශ්වවිද්‍යාල මහාචාර්වරයකුගේ විශ්‍රාම ගැනීමේ වයස ද අවුරුදු 65 ක් වන අතර රාජ්‍ය සේවයේ තවත් ඉහළ තනතුරක් වන විශ්වවිද්‍යාල මහාචාර්වරයකුගේ විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නොදැමීමෙන් දැඩි අර්බුදයක් උද්ගත වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

(lankadeepa | යොහාන් භාසුර)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...