The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

විදුලි බල ඇමති ඉවත් කෙරේ…?

T

The Leader Desk

April 2, 2026 • 3:28 PM

 විදුලි බල ඇමති ඉවත් කෙරේ…?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති කාර්යාලිය විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
  • ඒ අනුව ඔහු තනතුරෙන් ඉවත් කිරීමට පෙර කැමති නම් ඉල්ලා අස්වන ලෙස අද දින ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇතැයි ද වාර්තාවේ .
  • එයට ප්‍රධාන හේතුව වන්නේ රජය විසින් දැවැන්ත ගල් අගුරු වංචාවක් සිදුකරන ලද බවත් ඊට විෂය භාර ඇමැතිවරයා ලෙස කුමාර ජයකොඩි අමාත්‍යවරයා වගකිව යුතු බවටත් විපක්ෂය විසින් දිගින් දිගටම චෝදනා එල්ල කිරීමයි.
  • එය ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති කාර්යාලිය විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඒ අනුව ඔහු තනතුරෙන් ඉවත් කිරීමට පෙර කැමති නම් ඉල්ලා අස්වන ලෙස අද දින ජනාධිපතිවරයා විසින්  දැනුම් දී ඇතැයි ද වාර්තාවේ .

එයට ප්‍රධාන හේතුව වන්නේ රජය විසින් දැවැන්ත ගල් අගුරු වංචාවක් සිදුකරන ලද බවත් ඊට විෂය භාර ඇමැතිවරයා ලෙස කුමාර ජයකොඩි අමාත්‍යවරයා වගකිව යුතු බවටත් විපක්ෂය විසින් දිගින් දිගටම චෝදනා එල්ල කිරීමයි. අවසානයේ ඔහුට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්ද ඉදිරිපත් කරනු ලැබීය. එය ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත.

මේ සම්බන්ධව පැලවත්ත ජවිපෙ මුලස්ථාන කාර්යාලයේදී පසුගියදා පැවැති පක්ෂ ප්‍රධානීන්ගේ රැස්වීම් දෙකකදි යෝජනා කර ඇත්තේ ආණ්ඩුවේ නිර්මල භාවය ආරක්ෂා කරගැනීම සඳහා ඇමතිවරයා සම්බන්ධව පියවරක් ගත යුතු බවටයි. ඒ සඳහා පක්ෂයේ ප්‍රධාන පෙලේ ඇමැතිවරුන් ගණනාවක් යෝජනා කලේ අමාත්‍ය ජයකොඩි තනතුරින් ඉවත් කළ යුතු බවය.

මුලින්ම ⁣මේ සම්බන්ධව තීරණයක් ගැනීම කල් දැමු ජනාධිපතිවරයා අද දින ආණ්ඩු පක්ෂයේ ප්‍රධානින් සමග පැවැත්වු විශේෂ රැස්වීමකින් පසුව අදාළ තීරණය ඇමති ජයකොඩි වෙත දැනුම්දී ඇත.

ගල්අඟුරු වංචා චෝදනාවට අමතරව කුමාර ජයකොඩි විසින් ඔහු අමාත්‍යධුරයට පත්වීමට පෙර සිදු කරන ලද දූෂිත ගනුදෙනුවක් නිසා ඔහුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා මත නඩු පැවරීමද ජනාධිපතිවරයාගේ තීන්දුවට බලපා ඇති බව සඳහන් වෙයි .

(lankalokaya | රන්ජිත් ආනන්ද ජයසිංහ )
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...