The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව සපුරන්න රුසියාව කැමැත්තෙන්

T

The Leader Desk

April 3, 2026 • 6:54 AM

 ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව සපුරන්න රුසියාව කැමැත්තෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරියේ දී වෙළඳ ගිවිසුම් ඇති කරගන්නත් අවධානය ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය Andrey Rudenko සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් ඊයේ (02) අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
  • මෙහිදී අදහස් දැක්වූ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, ලංකාවට පැමිණි රුසියානු ජාතිකයන්ගෙන් තමන්ට ශ්‍රී ලංකාව අතිශය සුන්දර රටක් බවත් එහි සිටින ජනතාව ඉතා සුහදශීලී ජනතාවක් බවත් දැනගන්නට ලැබුණු බවයි.
  • ශ්‍රී ලංකාව රුසියාවේ ඉතාමත් පැරණි මිතුරෙකු බව සිහිපත් කළ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය, මෙම දීර්ඝකාලීන සුහදතාවය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවට සහතික කළේය.
  • තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවට සහයෝගය අවශ්‍ය සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් පෙනී සිටීමට රුසියාව සූදානමින් සිටින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉදිරියේ දී වෙළඳ ගිවිසුම් ඇති කරගන්නත් අවධානය



ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය Andrey Rudenko සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් ඊයේ (02) අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, ලංකාවට පැමිණි රුසියානු ජාතිකයන්ගෙන් තමන්ට ශ්‍රී ලංකාව අතිශය සුන්දර රටක් බවත් එහි සිටින ජනතාව ඉතා සුහදශීලී ජනතාවක් බවත් දැනගන්නට ලැබුණු බවයි.
 
WhatsApp Image 2026 04 03 at 11.12.03 AM
ශ්‍රී ලංකාව රුසියාවේ ඉතාමත් පැරණි මිතුරෙකු බව සිහිපත් කළ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය, මෙම දීර්ඝකාලීන සුහදතාවය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවට සහතික කළේය.
 
 
තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවට සහයෝගය අවශ්‍ය සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් පෙනී සිටීමට රුසියාව සූදානමින් සිටින බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම අසීරු අවස්ථාවේදී අවශ්‍ය රුසියානු තෙල් කඩිනමින් සැපයීමට පියවර ගන්නා බවත්, රුසියානු ආයෝජකයන් ලංකාවේ නව ආයෝජන සඳහා යොමු කිරීමට මෙන්ම තව තවත් සංචාරකයන් මෙරටට එවීමට උපරිම උත්සාහ ගන්නා බවටත් ඔහු පොරොන්දු විය.
 
 
එසේම දෙරටේ පැරණි මිතුදම වෙනුවෙන් ඕනෑම ආකාරයක සහයෝගයක් ලබාදීමට එකඟ වූ ඔහු, රුසියාවේදී මියගිය ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ගැනීමටද මෙහිදී එකඟතාවය පළ කළේය.
 
WhatsApp Image 2026 04 03 at 11.12.03 AM 1
ශ්‍රී ලංකාව දැඩි බලශක්ති අවශ්‍යතාවයකින් පසුවන අවස්ථාවක අපගේ පැරණි මිතුරෙකු වන රුසියානු රජය විවිධාකාරයෙන් උපකාර කිරීමට ඉදිරිපත් වීම දැඩි සේ අගය කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මෙහිදී ප්‍රකාශ කළේය.

වසර 70කට ආසන්න කාලයක් පවතින දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට සුදුසුම කාලය එළඹ ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරි කාලයේදී රුසියාව සමඟ තවත් දීර්ඝකාලීන වෙළෙඳ ගිවිසුම්වලටත් එළඹීමට කටයුතු කරන බවද මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව සපුරන්න රුසියාව කැමැත්තෙන් | The Leader