The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

ඇමති කුමාර ජයකොඩි අස්වුණොත් විපක්ෂයට ජයක් වෙතැයි ආණ්ඩුව තුළ මතයක් !

T

The Leader Desk

April 3, 2026 • 10:16 AM

ඇමති කුමාර ජයකොඩි අස්වුණොත් විපක්ෂයට ජයක් වෙතැයි ආණ්ඩුව තුළ මතයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අල්ලස් පනතේ 70 වැනි වගන්තිය අනුව දූෂණය නමැති වරදට චෝදනා ලැබ කොළඹ මහාධිකරණයෙන් අධිචෝදනා පත්‍ර ලබා සිටින බල ශක්ති ඇමති කුමාර ජයකොඩි, ඇමති ධුරයෙන් ඉල්ලා අස්නොවන බවත්, ඔහු ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර නොගනු ඇති බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
  • ඔහු ඇමති ධුරයෙන් අස්වුවහොත් හෝ අස්කළහොත් එය විපක්ෂයට ජයග්‍රහණය ලබාදීමක් වනු ඇතැයි කියන මතය ආණ්ඩුවේ නායකයන් තුළ සාකච්ඡාවට ලක් වී තිබේ.
  • මාර්තු 31 වැනිදා සතිපතා කැබිනට මාධ්‍ය නමුවේදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කලින්ද ජයතිස්ස ඇමතිවරයා, ජයකොඩි ඇමතිවරයා තවදුරටත් ඇමති ධුරයේ සිටිනු ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් ඇමති මණ්ඩලයේ කිසි තීරණයක් ගෙන නැති බවත් තහවුරු කළේය.
  • මේ සම්බන්ධයෙන් වීමසු කල ජාජය ලේකම් වෛද්‍ය නිකාල් අබේසිංහ පැවසුයේ ඇති ජයතිස්ස කියන දේට වැඩි යමක් කියන්නට තමාට නැති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


අල්ලස් පනතේ 70 වැනි වගන්තිය අනුව දූෂණය නමැති වරදට චෝදනා ලැබ කොළඹ මහාධිකරණයෙන් අධිචෝදනා පත්‍ර ලබා සිටින බල ශක්ති ඇමති කුමාර ජයකොඩි, ඇමති ධුරයෙන් ඉල්ලා අස්නොවන බවත්, ඔහු ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර නොගනු ඇති බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ඔහු ඇමති ධුරයෙන් අස්වුවහොත් හෝ අස්කළහොත් එය විපක්ෂයට ජයග්‍රහණය ලබාදීමක් වනු ඇතැයි කියන මතය ආණ්ඩුවේ නායකයන් තුළ සාකච්ඡාවට ලක් වී තිබේ.

මාර්තු 31 වැනිදා සතිපතා කැබිනට මාධ්‍ය නමුවේදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කලින්ද ජයතිස්ස ඇමතිවරයා, ජයකොඩි ඇමතිවරයා තවදුරටත් ඇමති ධුරයේ සිටිනු ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් ඇමති මණ්ඩලයේ කිසි තීරණයක් ගෙන නැති බවත් තහවුරු කළේය. මේ සම්බන්ධයෙන් වීමසු කල ජාජය ලේකම් වෛද්‍ය නිකාල් අබේසිංහ පැවසුයේ ඇති ජයතිස්ස කියන දේට වැඩි යමක් කියන්නට තමාට නැති බවය.

 

2016දී පොහොර සංස්ථාවේ සිදුකළ මුල්‍ය දුෂණයකින් රජයට රුපියල් මිලියන 8. 8ක පාඩුවක් සිදු කළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනුකළ අධිචෝදනා පත්‍රය භාර ගැනීම සඳහා මාර්තු 26 වැනිදා, කොළඹ මහාධිකරණය ඉදිරියේ පෙනී සිටි ජයකොඩිට, රුපියල් ලක්ෂ දහය බැගින් දෙදෙනෙකුගේ පෞද්ගලික ඇප තබන ලෙසද නියම කෙරිණි.

 

ඒ අනුව, මේ වන විට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ දූෂණ චෝදනාවට ලක්ව ඇප ලබා සිටින ඇමතිවරයෙක් සිටියි.

මාර්තු 26 වැනිද අධිචෝදනා ලැබීමට පෙරද, ඇමතිවරයා ඉල්ලා අස්වීම හෝ ඔහු ඉවක් කිරීම හෝ විය යුතුයැයි විශාල මතයක් ගොඩනැගී තිබුණු අතර, අධිචෝදනා බාර ගැනීමෙන් පසුව, අස්වීම හෝ අස්කිරීම සඳහා තිබෙන එම ඉල්ලීම වඩාත් තී වූ විය, ජාජබ ආණ්ඩුවේ සමීපතම හිතවතුන් පවා, නඩු විභාගය අවසන් වන තුරු ඇමතිවරයා ධූරයෙන් ඉවත් විය යුතු හෝ ඉවත්කළ යුතු බවට සමාජ මාධ්‍යවල කරුණු දැක්වූහ.

එහෙත් ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේ මතවාදී යාන්ත්‍රණය මෙහෙයවන ජනතා විමුක්ති පෙරමුණ, ඇමතිවරයාට ඉල්ලා අස්වන්නැයි නොකීමටත්, ජනාධිපතිවරයා ඔහු ඇමති ධුරයෙන් ඉවත් නොකිරීමටත් තීන්දු කර ඇත. එසේ වුවහොත්, එය විපක්ෂයට ජයග්‍රහණයක් ලබාදීමක් වනු ඇතැයි ඔවුන්ගේ මතයයි.

මේ අතර, මාර්තු 31 වැනිදා නිවේදනයක් නිකුත් කළ රටේ ප්‍රමුඛ සිවිල් සංවිධානයක් වන 'විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය' කියා සිටියේ ජයකොඩි ඇමති වරයා වහාම ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. ඔහු තවදුරටත් අමාත්‍ය ධුරයේ රැඳී සිටීම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට සහ එම ආයතනය කෙරෙහි පවතින මහජන විශ්වාසයටද හානියක් බවද එම කේන්ද්‍රය සඳහන් කළ කරයි.

 

රාජ්‍ය ධුර දරන්නන්, රජය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු වන පරිදි ඉහළම මට්ටමේ සුපිළිපන් භාවයකින් සහ වෘත්තීය මට්ටමකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. එවැනි ප්‍රමිතීන්ට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනමින් සහ තීරණාත්මකව පියවර ගත යුතුය.

 

මෙම අධිචෝදනා එල්ල වන්නේ, ජයකොඩි ගේ අමාත්‍යාංගය යටතට වැටෙන විදුලි උත්පාදනය සඳහා ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා පිළිබඳව ද චෝදනා මතු වෙමින් පවතින පසුබි මතය. බලශක්ති අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි ක්‍රියාවන් සිදුවීම, රාජ්‍ය තීරණ ගැනීමේ විනිවිද භාවය සහ වගවීම මෙන්ම පොදු තනතුරු දරන්නන්ගේ සුදුසුකම සහ අඛණ්ඩතාව පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කරයි.

ජාතික ජන බලවේගය 2024 වසරේදී ජනවරම ලබා ගත්තේ පාලන පද්ධතිය වෙනස් කිරීමටත්, වගකීම් සහගත සහ විනිවිද භාවයෙන් යුත් පාලනයක් තුළින් දූෂණය සහ දණ්ඩමුක්තියේ සංස්කෘතිය අහෝසි කිරීමටත් පොරොන්දු වෙමිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේග රජය, තමන් මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළ මූල ධර්ම වලට අනුකූලව කටයුතු කරන බව පෙන්වමින් එම පොරොන්දු ඉටු කළ යුතු අතර, එහිදී කිසිදු පෞද්ගලික අවශ්‍යතාවන් අතර ගැටුමක් නොමැති බව තහවුරු කළ යුතුය. යනුවෙන් එම නිවේදනයේ සඳහන්

කුමාර ජයකොඩි ට එරෙහිව මහාධිකරණ නඩුව මැයි 6 වැනිදා යළි කැඳ වේ. ඒ අතර ජයකොඩි ඇමතිවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 10 වැනිදා විවාදයට ගැනීමට නියමිතය.

k.w.janaranjana(සටහන | නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන)
අනිද්දා පුවත්පතේ ප්‍රධාන කර්තෘ
kwjanaranjana@gmail.com


උපුටා ගැනීම - සති අග අනිද්දා විකල්ප ජාතික පුවත්පතින්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...