''ශ්‍රී ලංකාව මධ්‍යස්ථ සහ මිත්‍රශීලී ලෙස කටයුතු කරන අතර, සතුරු හෝ මිතුරු රාජ්‍යයන් වශයෙන් වර්ගීකරණයට මැදිහත් වෙන්නේ නැහැ. ස්වෛරීභාවය සහ අන්‍යෝන්‍ය පිළිගැනීමට ගරු කරන සියලුම මිත්‍රශීලී ජාතීන් සමඟ සහයෝගීතාවයට ශ්‍රී ලංකාව විවෘතයි.” යයි ඔහු කියා සිටියේ,
අමාත්‍යවරයා මේ අදහස් පළකලේ රුසියානු රජය විසින් සංවිධාන කරන ලද රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවාහන සහ සැපයුම් සංසදයට (International Transport and Logistics Forum) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒම සැසියට සහභාගි වෙමිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සහ යටිතල පහසුකම් නැංවීමට ඩොලර් බිලියන 10 දක්වා ආයෝජනය කිරීමට සැලසුම්
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සහ යටිතල පහසුකම් වර්ධනය සඳහා ඉදිරි වසර තුන තුළ ඇමරිකානු ඩොලර් බිලියන 8 සිට 10 දක්වා ආයෝජනය කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ද අමාත්‍ය බිමල් රත්නායක එහිදී පැවසීය.
ඒ අනුව, නව වරායන් දෙකක් සහ ගුවන් තොටුපල සංවර්ධනය කිරීමට සැලසුම් කර ඒ සදහා ජාත්‍යන්තර සහ පුද්ගලික ආයෝජකයන්ට ආයෝජනයන් වෙනුවෙන් ආරාධනා කර සිටින බවත් ඔහු කියා සිටියේය.
එම සැසිය අමතා වැඩි දුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා,
''ස්වෛරීභාවය සහ අන්‍යෝන්‍ය පිළිගැනීමට ගරු කරන සියලුම මිත්‍රශීලී ජාතීන් සමඟ සහයෝගීතාවයට ශ්‍රී ලංකාව විවෘතයි.”
“යුරේසියානු කලාපයේ සම්බන්ධතාවයන් සහ උපායමාර්ගික වැදගත්කම මම අවධාරණය කරනවා. ‘ඉන්දියානු සාගරයේ මුතු ඇටය’ ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව, ඉන්දියානු සාගරයේ තීරණාත්මක සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස පිහිටා ඇති අතර, එහි ඓතිහාසික හා භූගෝලීය පිහිටීම ඉතා වැදගත්.
රුසියාව, චීනය, යුරෝපය සහ අප්‍රිකාව වැනි සමුද්‍ර කලාප මෙන්ම සේද මාවත වැනි ඉපැරණි මාර්ග හරහා සම්බන්ධ කරමින් නැගෙනහිර සහ බටහිර ලෝකය අතර සම්බන්ධතාවය ඇතිකර තිබෙනවා.
සමුද්‍රීය සහ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ඓතිහාසික භූමිකාව ශතවර්ෂ ගණනාවක් පුරා විහිදේ. ශ්‍රී ලංකාව රුසියාව සමඟ විශේෂයෙන් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සමීප සහයෝගීතාවයක් පවත්වයි. සෘජු ගුවන් සම්බන්ධතා වල වර්ධනය වන විභවය උපයෝගී කරගැනීම සඳහා රුසියානු ගුවන් ගමන් වාර වසර පුරාවටම ලැබෙනු ඇතැයි විශ්වාසය පල කරනවා.
ශ්‍රී ලංකාව තුල සාමකාමී සමාජයක් සහ ස්ථාවර ආර්ථිකයක් ස්ථාපිත කර ඇති බවට සහතික වන අතර, එය රාජ්‍යයන් අතර සම්බන්ධතාවය සඳහා විශ්වාසදායක පදනමක් සපයනවා.
ශ්‍රී ලංකාව මධ්‍යස්ථ සහ මිත්‍රශීලී ලෙස කටයුතු කරන අතර, සතුරු හෝ මිතුරු රාජ්‍යයන් වශයෙන් වර්ගීකරණයට මැදිහත් වෙන්නේ නැහැ. ස්වෛරීභාවය සහ අන්‍යෝන්‍ය පිළිගැනීමට ගරු කරන සියලුම මිත්‍රශීලී ජාතීන් සමඟ සහයෝගීතාවයට ශ්‍රී ලංකාව විවෘතයි.”




