ඒ අනුව, ඊයේ (02) රාත්‍රී 8.00 සිට අද (03) රාත්‍රී 08.00 දක්වා පාදුක්කට ද, අද රාත්‍රී 08.00 සිට හෙට (04) රාත්‍රී 08.00 දක්වා හෝමාගමට සහ අනිද්දා (05) රාත්‍රී 08.00 සිට 06 වැනිදා රාත්‍රී 08.00 දක්වා ද පළමු වටය යටතේ ජල කප්පාදුව සිදු වේ.
එසේම බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත හා නාවල අවට ප්‍රදේශ සඳහා දිනක් හැර දිනක් රාත්‍රි 10.00 සිට පසුදින අලුයම 01.00 දක්වා පැය 03ක කාලයක් ජල සැපයුම අත්හිටුවීම සිදුකෙරෙන බව එම මණ්ඩලය නිවේදනය කර සිටියි.
වියළි කාලගුණික තත්ත්වය හමුවේ මෙම තීරණය ගෙන ඇති බව මෙම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.





