The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

'මහ මොලකරු පොත' ශානි සොරකම් කරලා - උදය ගම්මන්පිල

T

The Leader Desk

April 3, 2026 • 12:07 PM

'මහ මොලකරු පොත' ශානි සොරකම් කරලා - උදය ගම්මන්පිල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සම්බන්ධයෙන් ඔහුගේ චෝදනාව එල්ලවී ඇත්තේ රහස් පොලිසියේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති, ශානි අබේසේකර වෙතයි.
  • හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ වෙත තමා විසින් ලබාදී තිබු මෙම ග්‍රන්ථයට අදාල අත්පිටපත සොරකම් කර මෙම ව්‍යාජ PDF පොත සකස් කර ඇතයි ද ඔහු කියා සිටියි.
  • හිටපු අමාත්‍යවරයකු වන උදය ගම්මන්පිල එබව කියා සිටියේ, අද (03) දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී ය.
  • ''රහස් පොලිසිය කොහොමත් මේකට වැරදිකරු වෙනවා'' “පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සොයා යෑම” නමින් පොතක් පසුගිය මාර්තු 31 දා මම නිකුත් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ සම්බන්ධයෙන් ඔහුගේ චෝදනාව එල්ලවී ඇත්තේ රහස් පොලිසියේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති, ශානි අබේසේකර වෙතයි.

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ වෙත තමා විසින් ලබාදී තිබු මෙම ග්‍රන්ථයට අදාල අත්පිටපත සොරකම් කර මෙම ව්‍යාජ PDF පොත සකස් කර ඇතයි ද ඔහු කියා සිටියි.

හිටපු අමාත්‍යවරයකු වන උදය ගම්මන්පිල එබව කියා සිටියේ, අද (03) දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී ය.

උදය ගම්මන්පිල එහිදී තවදුරටත් මෙසේද පැවසිය.

''රහස් පොලිසිය කොහොමත් මේකට වැරදිකරු වෙනවා''

“පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සොයා යෑම” නමින් පොතක් පසුගිය මාර්තු 31 දා මම නිකුත් කළා. පොත් නිකුතුව අතරේ දී ශාලාවේ සිටි සාතිශය බහුතරයකට මගේ පොත යැයි දැක්වෙන ව්‍යාජ පොතක් පීඩීඑෆ් පොතක් ලෙස වට්ස්ඇප් මාර්ගයෙන් ලැබී තිබුණා. එම පොත සැබෑ පොතෙන් 70%ක් පමණ සම්පූර්ණ කර තිබුණු අවස්ථාවේ කෙටුම්පතක් භාවිතා කර සකස් කරන ලද ව්‍යාජ පොතක්.

මගේ පොතේ කෙටුම්පත් අවස්ථා තුනක දී තුන්වන පාර්ශවයන්ට දුන්නා. පළමු එක දුන්නේ පෙබරවාරි 22 දා හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතාට.  බුද්ධි මෙහෙයුම් ගැන මේ පොතේ තිබෙන නිසා ඔහුගේ අදහස් ලබා ගන්න මට ඕනෑ වුණා. දෙවැනි එක දුන්නේ මාර්තු 10 දා මහචාර්ය රොහාන් ගුණරත්නට. ඒ පොතට පෙරවදනක් ලියා ගන්න. තුන් වන පිටපත මාර්තු 21 දා පොත මුද්‍රණය කළ සරසවි ප්‍රකාශකයින්ට.

 

මේ පිටපත් තුනෙන් ව්‍යාජ පොත සකස් කිරීමට පදනම් කරගෙන තිබෙන්නේ සුරේෂ් සලේ මහතාට ලබා දුන්නු පොත. මේ එකිනෙකාට පොත දෙන්නේ අවස්ථා තුනක දී. ඒ නිසාම කෙටුම්පත් තුනක්. සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගත්තාට පස්සේ ඔහුගේ නිවස රහස් පොලිසිය පරික්ෂා කළත් නිවසෙන් කිසිම දෙයක් ගෙන ගිහින් තිබුණේ නෑ. මම සුරේෂ් සලේ මහතාගෙන් වක්‍ර ආකාරයකින් පොතේ කෙටුම්පත ගැන විමසුවා. ඔහු මට කිව්වේ තමන්ව අත්අඩංගුවට පත් වන අවස්ථාවේ තමන්ගේ ගමන් මල්ලේ තිබුණා. දැන් ඒක රහස් පොලිසිය භාරයේ කියලා.

 

රහස් පොලිසිය භාරයේ තිබුණු බුද්ධිමය දේපලක් සොරකම් කරලා නම් ඒකේ වගකීම ගන්න ඕනෑ රහස් පොලිසියේ ලොක්කා ලෙස ශානි අබේසේකර මහතා.  බුද්ධිමය දේපල සොරකම් කරලා විතරක් නොවේ ඒක භාවිතා කරලා ව්‍යාජ පොතක් හදලා.  ඔය බෙදා හරින්නේ මගේ පොත නොවේ.  ඒකේ මුල් අවස්ථාවක කෙටුම්පතක් භාවිතා කරලා සකස් කරපු ව්‍යාජ පොතක්.  ඒක කූට ලේඛණයක්.  කූට ලේඛණ සෑදීම කියන්නේ වසර තුනකට සිර දඬුවම් ලැබිය හැකි වරදක්.  තමන්ගේ භාරයට ලැබුණු දෙයක් අවභාවිතා කිරීමත් ඒ වගේම සිර දඬුවම් ලැබිය හැකි වරදක්.  ඊට අමතරව මට වන්දි ඉල්ලා සිවිල් නඩුවක් පැවරීමේ හැකියාවත් තිබෙනවා.

ඒ වගේම ව්‍යාජ පොතක් සමාජ මාධ්‍ය වල බෙදා හැරීමත් මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්.  කවුරු හරි මගේ පොත ලෙස දැක්වෙන ව්‍යාජ පොත සමාජ මාධ්‍ය තුල බෙදා හරිනවා නම් ඒක දඬුවම් ලැබිය හැකි වදරක්.  මම මේ ගැන අද රහස් පොලිසියට පැමිණිලි කරන්නේ නෑ.  පැමිණිලි කරලා වැඩක් නෑ. මොකද විමර්ශකයා ද සැකකරුවා ද දෙන්නාම ශානි අබේසේකර මහතා. මේක හරියට බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක්.  හැබැයි හැමදාම මාලිමාව බලයේ ඉන්නේ නෑ කියන එක වැරදි කරන අය තේරුම් ගන්න ඕනි. ඉදිරි වසර 20 තුළම මට මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරලා නඩු පැවරීමට නීතියෙන් ඉඩ තියෙනවා. හෙටම ගිහින් පැමිණිලි කරන්න ඔන කියලා දෙයක් නෑ අපරාධමය වරදක් පිළිබදව වසර 20ක කාලයක් තුළ අපිට පැමිණිලි කරන්න පුළුවන්. හැබැයි එච්චර කල් නම් ඉන්න වෙන්නේ නෑ මේ යන විදියට නුදුරු අනාගතයේම මට පැමිණිල්ල කරන්න මට අවස්ථාව ලැබෙනවා.

 
නීතිඥ භාවයත් අහෝසි කරවන්න පුළුවන්...
 
වට්ස්ඇප් හරහා බෙදා හැරිය අය කවුදැයි පහසුවෙන්ම සොයා ගන්න පුළුවන්.  මට ව්‍යාජ පොත එවූ අයට පුළුවන් තමන්ට එව්වේ කවුද කියා විමර්ශකයින්ට කියන්න.  ඒ අයට පුළුවන් තමන්ට එව්වේ කවුදැයි කියන්න.  තමන්ට ලැබුණු විධිය පැහැදිලි කරන්න කාට හරි බැරි නම් ඒ තමයි වට්ස්ඇප් වලට ව්‍යාජ පොත එකතු කරපු පුද්ගලයා. ව්‍යාජ පොතක් සකස් කිරීම, එය සමාජ මාධ්‍ය තුළ බෙදාහැරීම, රහස් පොලිසිය කොහොමත් මේකට වැරදිකරු වෙනවා.
 
විදේශගතව සිටින නීතිඥයෙකු කියන ඩෝබි බලකායේ සාමාජිකයෙක් පොත් නිකුතුව කරන්නත් කලින් මේ පොතේ ව්‍යාජ පිටපතක් තමන්ගේ සමාජ මාධ්‍යයට එක් කළා.  ඒ කියන්නේ ඔහු නීතිඥයෙකු ලෙස පෙනී සිටියත් නීතිය දන්නේ නෑ වගේ.  ලෝකයේ මොන මුල්ලක ජීවත් වුණත් මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා කියන ප්‍රතිඥාව අපි දෙනවා.  ඔහු ඇත්තටම නීතිඥයෙකු නම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඔහුගේ නීතිඥ භාවයත් අහෝසි කරවන්න පුළුවන්.
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...