The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

මැතිසබේ සිද්ධි දෙකකට තානාපතිවරුන්ගේ අවධානය !

T

The Leader Desk

April 3, 2026 • 3:43 PM

මැතිසබේ සිද්ධි දෙකකට තානාපතිවරුන්ගේ අවධානය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් තානාපති කාර්යාල කිහිපයකද විශේෂ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
  • මේ අනුව ඒ සිද්ධීන් සම්බන්ධයෙන් එම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙමින් සිටින බව දැනගන්නට ඇත.
  • පාර්ලිමේන්තුවේ සිදුව ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය කාලයේදී පුවත්පත් ඇතුළු මාධ්‍ය කිහිපයකම තොරතුරු වාර්තා පළ වී තිබිණ.
  • එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්ද රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් තානාපති කාර්යාල කිහිපයකද විශේෂ  අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

මේ අනුව ඒ සිද්ධීන් සම්බන්ධයෙන් එම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙමින් සිටින බව දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුවේ සිදුව ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය කාලයේදී  පුවත්පත් ඇතුළු මාධ්‍ය කිහිපයකම තොරතුරු වාර්තා පළ වී තිබිණ. එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්ද රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේද මීට ඉහතදී ලිංගික හිංසන සිද්ධියක් වාර්තාවීමෙන් පසු එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරීන් දෙදෙනෙකු සේවයෙන් නෙරපා හැරිණ. ඒ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන ගේ මූලිකත්වයෙන් යුතු විමර්ශන කමිටුව  බාර දුන්  වාර්තාවෙන්  කෙරුණු නිර්දේශ අනුවය.

එසේම  පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට විවිධ හිංසන සහ වෙනස් කොට සැලකීම් සිදුකර ඇති බවට හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම ගේ මූලිකත්වයෙන් යුතු කමිටුවේ වාර්තාව පැහැදිලිවම පෙන්වාදී තිබිණ. එමෙන්ම හිංසනයට ලක්වූ නිලධාරිනියට සාධාරණය ඉටුකරන ලෙසටද එම වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

කෙසේ වෙතත්  වාර්තාව නිකුත් කර මාස හතරකට වැඩි කාලයක් ගත වී තිබියදීත් එහි නිර්දේශ කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

(lankadeepa | සුජිත් හේවාජුලිගේ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැතිසබේ සිද්ධි දෙකකට තානාපතිවරුන්ගේ අවධානය ! | The Leader