The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

මහින්ද විජේසේකර වචනවලින් පමණක් නොව සැබවින්ම විප්ලවවාදියෙක් - රනිල්

T

The Leader Desk

April 3, 2026 • 3:46 PM

 මහින්ද විජේසේකර වචනවලින් පමණක් නොව සැබවින්ම විප්ලවවාදියෙක් - රනිල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
  • අභාවප්‍රාප්ත මහින්ද විජේසේකර මහතා වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා එබව සඳහන් කර තිබේ.
  • රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නිකුත් කරන ලද ශෝක ප්‍රකාශය මතු පළවේ.
  • වර්ෂ 2001 වකවානුව තුළදී විජේසේකර මහතා එක්සත් ජාතික පෙරමුණ සමග එක්වී මාතර දිස්ත්‍රික්කයේ සෘජු නායකත්වය ගෙන එක්සත් ජාතික පක්ෂයට මහත් ශක්තියක් ලබා දුන් බව මම මේ අවස්ථාවේ සිහිපත් කිරීමට කැමත්තෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):

රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

අභාවප්‍රාප්ත මහින්ද විජේසේකර මහතා වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා එබව සඳහන් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නිකුත් කරන ලද ශෝක ප්‍රකාශය මතු පළවේ.

ශ්‍රී ලාංකේය දේශපාලනයේ විප්ලවීය චරිතයක් වූ මහින්ද විජේසේකර මහතාගේ අභාවය අසා මහත් සංවේගයට පත් වීමි.

මහින්ද විජේසේකර මහතා මා හඳුනා ගත්තේ 60 දශකයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු හැටියටය.

මා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට සම්බන්ධ වූ අතර මහින්ද විජේසේකර මහතා මුල් කාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ යෙදී පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වී රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෘජු නායකත්වය ලබා දුන්නේය.

වර්ෂ 2001 වකවානුව තුළදී විජේසේකර මහතා එක්සත් ජාතික පෙරමුණ සමග එක්වී මාතර දිස්ත්‍රික්කයේ සෘජු නායකත්වය ගෙන එක්සත් ජාතික පක්ෂයට මහත් ශක්තියක් ලබා දුන් බව මම මේ අවස්ථාවේ සිහිපත් කිරීමට කැමත්තෙමි.

ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකයේ අවුරුදු 20යි මාස හයක පළපුරුද්ද සහිත කෘතහස්ථ දේශපාලනඥයකු වූ මහින්ද විජේසේකර මහතා දේශපාලන ලෝකයේ නොමැකෙන සටහන් තැබූ අපූරු මිනිසෙකි.

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු වූ ඔහු විවිධ රජයන් යටතේ අමාත්‍ය ධුර ගණනාවක් හොඹවමින් කළ සේවය අපමණය.

තැපැල් හා විදුලි සංදේශ, ධීවර සහ ජලජ සම්පත්, වනවගා, පාරිසරික නිවාස සහ නාගරික සංවර්ධන, නාවික, වරාය, පුනරුත්ථාපන ක්ෂේත්‍රයන්හි අමාත්‍යවරයකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ධුර දරමින් විජේසේකර මහතා කළ මෙහෙවර අදටත් ජනතා සිත්හී නොමැකී පවතී.

වචනවලින් පමණක් නොව සැබැවින්ම විප්ලවවාදියකු වූ විජේසේකර මහතා නික්ම යන්නේ ඔහුගේ දර්ශනය ඉදිරියට ගෙන යා හැකි තරුණයකු වන කාංචන විජේසේකර දේශපාලන ලෝකයට දායාද කරමිනි.

මහින්ද විජේසේකර මහතාගේ අභාවය වෙනුවෙන් පවුලේ සැමට මගේත්, එක්සත් ජාතික පක්ෂයේත් සාතිශය සංවේගය පළ කර සිටිමි.

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්ෂ නායක,
viii වැනි විධායක ජනාධිපති.
2026 අප්‍රේල් 03

rerewr

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...