The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

දිට්වාගෙන් බැට කෑ වතුකරයේ ජනතාවට තට්ටු ගෙවල් ‘ගැලපෙන්නේ නෑ’

T

The Leader Desk

April 3, 2026 • 3:55 PM

දිට්වාගෙන් බැට කෑ වතුකරයේ ජනතාවට තට්ටු ගෙවල් ‘ගැලපෙන්නේ නෑ’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිවසක් ඉදිකිරීමට සුදුසු ඉඩමක් දැනටමත් ඇති අය සඳහා රජය විසින් ලබා දීමට නියමිත රුපියල් මිලියන 5 ක මූල්‍ය ආධාරය ලබා දීමටත්, ප්‍රධාන නගර ආශ්‍රිතව පොදු පහසුකම් සහිත මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමටත් සැලසුම් කර ඇති බවත් නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු එල්.
  • කුමුදුලාල් බෝගහවත්ත එම සාකච්ඡාවේදී සදහන් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
  • මලෛයහ ජනතාව ජීවත්වන ප්‍රදේශ සදහා තට්ටු නිවාස නොගැලපෙන බව සිවිල් සංවිධාන නියෝජිතයන් දැඩි ලෙස අවධාරණය කර ඇත්තේ ඒ මොහොතේදිය.
  • මලෛයහ ප්‍රතිසංස්කරණ සඳහා වන සිවිල් සමාජ එකමුතුව පවසන්නේ ඒ අනුව මාර්තු 28 වැනිදා අගමැතිවරිය සමග පැවැති සාකච්ඡාවේදී දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව යළි ගොඩනැගීමට කටයුතු කිරීම සහ විකල්ප සැලසුම් පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කළ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දැඩි ලෙස අවධාරණය කර තිබේ.

මලෛයහ ප්‍රතිසංස්කරණ සඳහා වන සිවිල් සමාජ එකමුතුව විසින් අගමැතිනි ආචාර්ය හරිනි අමරසුරියට ඒ බව අවධාරණය කර ඇත්තේ දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාකරන දිවයින පුරා සිවිල් සංවිධාන නියෝජිතයන් සහ අග්‍රාමාත්‍යවරිය අතර 2026 මාර්තු 28 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ හමුවකදීය.

නිවසක් ඉදිකිරීමට සුදුසු ඉඩමක් දැනටමත් ඇති අය සඳහා රජය විසින් ලබා දීමට නියමිත රුපියල් මිලියන 5 ක මූල්‍ය ආධාරය ලබා දීමටත්, ප්‍රධාන නගර ආශ්‍රිතව පොදු පහසුකම් සහිත මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමටත් සැලසුම් කර ඇති බවත්  නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදුලාල් බෝගහවත්ත එම සාකච්ඡාවේදී සදහන් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

මලෛයහ ජනතාව ජීවත්වන ප්‍රදේශ සදහා තට්ටු නිවාස නොගැලපෙන බව සිවිල් සංවිධාන නියෝජිතයන් දැඩි ලෙස අවධාරණය කර ඇත්තේ ඒ මොහොතේදිය.

ආපදාවෙන් පීඩාවට පත් මලෛයහ තමිල් ජනතාව යළි ගොඩනැගීම සදහා වන ප්‍රායෝගික යෝජනා 15 ක් සහිතව මලෛයහ ප්‍රතිසංස්කරණ සඳහා වන සිවිල් සමාජ එකමුතුව විසින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ පිටපතක් මාර්තු 27 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයට ද බාර දෙමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කඩිනමින් දිනයක් ලබා දෙන ලෙස ඔවුන් අගමැතිවරියගෙන්  ඉල්ලා තිබුනි.

මලෛයහ ප්‍රතිසංස්කරණ සඳහා වන සිවිල් සමාජ එකමුතුව පවසන්නේ ඒ අනුව මාර්තු  28 වැනිදා අගමැතිවරිය සමග පැවැති සාකච්ඡාවේදී දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව යළි ගොඩනැගීමට කටයුතු කිරීම සහ විකල්ප සැලසුම් පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කළ බවයි.


අගමැතිවරිය සමග පැවැති සාකච්ඡාවේදී  මලෛයහ ප්‍රතිසංස්කරණ සඳහා වන සිවිල් සමාජ එකමුතුව විසින් මලෛයහ ජනතාව මුහුණ දෙන ප්‍රධාන කරුණු කිහිපයක්ම පැහැදිලි කර ඇති අතර නිවාස සහ ඉඩම් හිමිකම්, අන්තර්කාලින රැඳවුම් කඳවුරු තුළ මූලික පහසුකම්, ජීවනෝපාය, අධ්‍යාපනය, සෞඛ්‍ය, කාන්තා හා ළමා ආරක්ෂාව, යටිතල පහසුකම්, සහන ලබාදීමේදී සිදුවන අක්‍රමිකතා සහ වෙනස් කොට සැලකීම මුලික ලෙසම පෙන්වා දී  තිබේ.


මලෛයහ ප්‍රතිසංස්කරණ සඳහා වන සිවිල් සමාජ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ පීඩාවට පත් මලෛයහ ජනතාවට රුපියල් ලක්ෂ 50 කට නො අඩු වටිනාකමකින් යුත් නිවාස සහ ඉඩම් ලබාදිය යුතු බව ද එම සාකච්ඡාවේදී අවධාරණය කළ  බවයි.

මෙම ඉල්ලීම් අග්‍රාමාත්‍යවරිය, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ඉතා පැහැදිලිව ඉදිරිපත් කරමින් කඩිනම් විසඳුම් ඉල්ලා සිටි බව මලෛයහ ප්‍රතිසංස්කරණ සඳහා වන සිවිල් සමාජ එකමුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

“මෙම කරුණු සම්බන්ධයෙන් තමන් විශේෂ අවධානය යොමු කරන බවත්, මලෛයහ ජනතාව සඳහා සහන සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉතා ඉක්මනින් ඉදිරිපත් කරන්න නියමිත බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේය. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රහාත් චන්ද්‍ර කීර්ති මහතා ද සඳහන් කළේ, අනෙකුත් ජනතාවට ලබාදෙන ආකාරයෙන්ම දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මලෛයහ ජනතාවට ද රුපියල් ලක්ෂ 50කට නොඅඩු වටිනාකමකින් යුත් නිවාස සහ ඉඩම් ලබාදෙන බවයි.”

2025 වසරේ ඇති වූ සුළිකුණාටුව මගින් සිදු වූ හානිය යථා තත්වයට පත්කිරීම හා එම ක්‍රියාවලියට අදාල කමිටු හා අනුකමිටුවල වැඩපිළිවෙල කඩිනම් කිරීමට සැලසුම් කර ඇති බවත්, නිවාස 20,000 ක් අලුතින් ඉදි කිරීමටත්, අර්ධ හානි නිවාස එක්ලක්ෂ පහළොස් දාහක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමටත්, සැලසුම් කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදුලාල් බෝගහවත්ත එහිදී සදහන් කළ කර තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩි දුරටත්  නිවේදනය කර ඇත්තේ හානියට ලක්වූ නිවාස සංවර්ධනය කිරීමේදී ජනතාවට වඩාත් සුදුසු මෙන්ම නාගරික පොදු පහසුකම් සහිත ප්‍රදේශවල නිවාස ඉදිකිරීමටත්, නිරන්තරයෙන් ප්‍රජාව සමඟ සන්නිවේදනය කරමින් නැවත ආපදාවකට ලක් නොවන ස්ථානවල ඉදිකිරීම් සිදු කිරීම හරහා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අග්‍රාමාත්‍යතුමිය එහිදී අවධාරණය කළ බවයි.


මලෛයහ ජනතාවට නොගැලපෙන කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතු අතර පීඩාවට පත් ජනතාවගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන් තහවුරු වන තෙක් සිය අඛණ්ඩ බලපෑම් සහ කටයුතු ඉදිරියට ගෙන යන බව මලෛයහ ප්‍රතිසංස්කරණ සඳහා වන සිවිල් සමාජ එකමුතුව අගමැතිවරිය සමග පැවැති සාකච්ඡාවේදී වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

111222444

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...