The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

රේගුවේ හිරකළ දෙමළ කෘති මුදා හැරීමේ ඇමැති පොරොන්දුවට බාලගිරි දෝසය !

T

The Leader Desk

April 4, 2026 • 4:09 AM

රේගුවේ හිරකළ දෙමළ කෘති මුදා හැරීමේ ඇමැති පොරොන්දුවට බාලගිරි දෝසය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොත් මුදා හැරීමේ පොරොන්දුව ඉටු නොවීම ගැන නැවත විමසීමේදී ලේඛකයාට ඇමැතිවරයා යෝජනා කර ඇත්තේ තවත් ඉවසන ලෙසයි.
  • "ඇත්තටම මගේ පොත් මේ විදිහට හිර කරපු එක ගැන මම ඉන්නේ ලොකු කණගාටුවකින් සහ මානසික පීඩනයකින්.
  • ඒක හරිම කණගාටුදායක දෙයක්." ප්‍රදීපන් දීපචෙල්වන්ගේ ප්‍රබන්ධ ලංකාවේ සමගියට බාධාවක් වන නිසා එම පොත් රදවාගෙන සිටින බව රේගුව සිය අලෙවි නියෝජිතයාට අත් අකුරින් ලියු ලිපියකින් දන්වා තිබු බව ලේඛකයා පවසයි.
  • "මගේ පොතේ අලෙවි නියෝජිතයා රේගුවෙන් එවපු - පෙබරවාරි 18 දිනැති - අතින් ලියපු ලියුමක් මට එවලා තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


පොත් මුදා හැරීමේ පොරොන්දුව ඉටු නොවීම ගැන නැවත විමසීමේදී ලේඛකයාට ඇමැතිවරයා යෝජනා කර ඇත්තේ තවත් ඉවසන ලෙසයි.

ජී ජී සරත් ආනන්ද විසින් ස්මාරක ශිලාවත යනුවෙන් සිංහලට නගන ලද යුද්ධාවසානයෙන් පසුව උතුරේ ලියැවුණු පළමු නවකතාව සේ සැලකෙන නඩුගල් (நடுகல்) කෘතියේ කතුවරයා ලෙසින් මහත් පාඨක, විචාරක අවධානය දිනාගත් ප්‍රදීපන් දීපචෙල්වන් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ කලාවට සහ සාහිත්‍යයට නිදහස තවමත් අහිමි කරනු ලැබීම ඉතා කණගාටුදායක තත්වයක් බවයි.

 

P 01

"ඇත්තටම මගේ පොත් මේ විදිහට හිර කරපු එක ගැන මම ඉන්නේ ලොකු කණගාටුවකින් සහ මානසික පීඩනයකින්. ලේඛකයෙක්ට, නිදහසේ හිතන මනුස්සයෙක්ට ආණ්ඩුවක් මේ වගේ දේවල් කරන එක කිසිසේත්ම පිළිගන්න බැහැ. මේක හොඳ දෙයක් නෙවෙයි. ලෝකේ ඕනෑම රටක කලාවට සහ සාහිත්‍යයට නිදහස තියෙන්න ඕනේ. හැබැයි ලංකාවේ තාමත් ඒ මර්දනය, අයිතිවාසිකම් නැති කරන එක සහ ලිවීමේ නිදහස නැති කරන එක සිද්ධ වෙනවා. ඒක හරිම කණගාටුදායක දෙයක්."


ප්‍රදීපන් දීපචෙල්වන්ගේ ප්‍රබන්ධ ලංකාවේ සමගියට බාධාවක් වන නිසා එම පොත් රදවාගෙන සිටින බව රේගුව සිය අලෙවි නියෝජිතයාට අත් අකුරින් ලියු ලිපියකින් දන්වා තිබු බව ලේඛකයා පවසයි.

"මගේ පොතේ අලෙවි නියෝජිතයා රේගුවෙන් එවපු  - පෙබරවාරි 18 දිනැති - අතින් ලියපු ලියුමක් මට එවලා තිබුණා. ඒකෙ තිබුණේ මගේ පොත් ලංකාවේ සමගියට බාධාවක් වෙනවා කියන පදනමින් ඒ පොත් රඳවාගෙන ඉන්නවා කියලා. ආරක්ෂක අමාත්‍යාංශයයි, සංස්කෘතික අමාත්‍යාංශයයි අවසර දුන්නොත් විතරයි ඒ පොත් නිදහස් කරන්නේ කියලා තමයි ඒ අතින් ලියපු ලියුමේ තිබුණේ."

ප්‍රදීපන් දීපචෙල්වන් පවසන්නේ ඒ සම්බන්ධයෙන් තමන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවිට ලිඛිතව කළ දැනුම් දීමකට අනුව අමාත්‍යවරයා ක්ෂණික ප්‍රතිචාර දැක්වු අතර ඒ සදහා පසුගිය සඳුදා (මාර්තු 30) ම මැදිහත් වන බවට සහතික වු බවයි.

"මම සෙනසුරාදා දවල් සංස්කෘතික ඇමතිතුමාට ලියුමක් ලිව්වා. මගේ පොත් මේ විදිහට රඳවාගෙන ඉන්න එක ගැනත්, ඒවා නිදහස් කරන්න කියලත් මම ඒකෙ කිව්වා. පහුගිය කාලෙත් ලේඛකයින්ට මේ වගේ ගොඩක් තහංචි වැටුණා, ප්‍රශ්න ඇති වුණා. එහෙම වෙන්නෙ නැතුව අපිට නිදහසේ ජීවත් වෙන්නත්, නිදහසේ ලියන්නත් ඉඩ දෙන්න කියලා මම ඒ ලියුමෙන් ඉල්ලලා තිබුණා.

මම ඒ ලියුම යවලා පැය කිහිපයකින්, මම හිතන්නේ පැයකින් විතර ඇමතිතුමා මගේ යාළුවෙක්ට පණිවිඩයක් එවලා තිබුණා. එතුමා ඉන්දියාවේ ඉන්නේ කියලත්, දවස් දෙකකින් ඇවිත් පොත් නිදහස් කරන්න අවශ්‍ය කටයුතු ඉක්මනටම කරනවා කියලත් කියලා තිබුණා. ඊළඟ දවසේ ඒ කියන්නේ 29 වෙනි ඉරිදා, සංස්කෘතික ඇමතිතුමා මගේ දුරකතනයට ඇමතුමක් දීලා කිව්වා සඳුදා ලංකාවට ආපු ගමන්ම ඒ වැඩ ටික බලනවා කියලා."

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි අප්‍රේල් 2 වැනිදාත් ප්‍රදීපන් දීපචෙල්වන්ට දැනුම් දී ඇත්තේ ඔහුගේ කෘති ඉක්මනින් නිදහස් වනු ඇති අතර ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.

"එතකොට මම හිතුවේ පරණ ආණ්ඩුවල ප්‍රතිපත්ති නිසානේ මේ පොත් හිර වෙලා තියෙන්නේ, ඒ නිසා ඇමතිතුමා මැදිහත් වුණොත් දවස් දෙකකින් මේවා නිදහස් වෙයි කියලා මම හිතුවා. ඒත් තාම නම් පොත් නිදහස් වෙලා නැහැ, හැබැයි ඒ ගැන වැඩ කටයුතු සිද්ධ වෙනවා කියලා දැනගන්න ලැබුණා. සංස්කෘතික ඇමතිතුමා ඒ වැඩ ටික කරලා තියෙන්නේ, ආරක්ෂක අමාත්‍යාංශයෙනුත් ඒ ගැන බලනවා කියලා අදත් (අප්‍රේල් 02) ඇමතිතුමා කිව්වා පොත් ඉක්මනටම නිදහස් වෙයි, පොඩ්ඩක් ඉවසන්න කියලා."

රේගුවෙන් කෘති රදවා ගැනීමත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් විමර්ශන සිදු කිරීමටත් හේතුව එම කෘති වල ලේඛකයා දෙමළ  වීමදැයි ප්‍රදීපන් දීපචෙල්වන් ප්‍රශ්න කර සිටි.

"හැබැයි ඇත්තටම අපේ පොත්වලට, අපේ නිර්මාණ මේ වගේ රේගුවෙන් රඳවාගැනීම, විමර්ශන පවත්වන එක පිළිගන්න බැහැ. මේක දෙමළ ලේඛකයෙක්ගේ පොතක් නිසාද, නැත්නම් දෙමළ භාෂාවෙන් තියෙන නිසාද මේ වගේ ප්‍රශ්න එන්නේ කියන ප්‍රශ්නය පැන නගිනවා  තියෙනවා."

ජනතා විරෝධයකින් බලයෙන් පහකළ ගෝටාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියාව සිටියදී සිය කෘතියක දෙමළ පිටපත් රේගුවෙන් රදවා තබා ගත් ආකාරයද සිහිපත් කරන ප්‍රදීපන් දීපචෙල්වන් එම කෘතිය සිංහල භාෂාවෙන් මුද්‍රණය කළ පසු ශ්‍රී ලංකාවේ සිංහල පාඨකයන් කිසිදු විරෝධයක් නොමැතිව එම කෘතිය පිළිගත් ආකාරය ඔහු මාධ්‍යවේදීන් හමුවේ සිහිපත් කළේය.


"රඳවාගෙන තබාගත් පොත් —  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්න කාලේ මගේ 'නඩුගල්' නවකතාවේ පොත් 60ක් ලංකාවට ගෙන්වූ අවස්ථාවේ රේගුවෙන් ඒවා රඳවාගත්‍තා. ඒ පොතේ කවරයට මම පාවිච්චි කළේ සිතුවමක් විතරයි. හැබැයි ඒ නවකතාවම සිංහලෙන් මුද්‍රණය වෙලා එද්දී, ඒකේ කවරයට එල්.ටී.ටී.ඊ සොහොන් කොතක පින්තූරයක් දාලත් සිංහල මිනිස්සු කිසිම විරුද්ධත්වයක් පෙන්නුවේ නැහැ. හැමෝම ඒ නවකතාව පිළිගත්තා."

දෙමළ කතුවරයා තව දුරටත්  ප්‍රශ්න කරන්නේ ඒවන් තත්වයක් තුළ කලාවට සහ සාහිත්‍යයට මෙවැනි මර්දනයන් සිදු කරන්නේ ආණ්ඩුව විසින්මද යන්නයි.

"එතකොට සිංහල මිනිස්සු විසින් පිළිගැනෙන අපේ මේ නිර්මාණ ආණ්ඩුවෙන් තහනම් කරන්නේ ඇයි? ආණ්ඩුවමද මේ වගේ මර්දනයක් කරන්නේ? මේ ආණ්ඩුවත් ඒකමද කරන්නේ කියන ප්‍රශ්නය පැන නගිනවා. පොතක් දෙමළෙන් ලියද්දී ප්‍රශ්නයක් වෙලා ඒකම සිංහලෙන් එද්දී ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ කොහොමද? දෙමළෙන් ලියන්නේ දෙමළ මනුස්සයෙක් නිසාද මේ ප්‍රශ්නය එන්නේ? මේකද ලංකාවේ තියෙන වෙනස්කම් කිරීම කියන ගැටළුවක් පැන නගිනවා."

ශ්‍රී ලංකාවේ කිසිම නිර්මාණකරුවෙකුට තමන්ට මුහුණ දීමට සිදුවු ඉරණම අත් නොවිය යුතු බව ප්‍රදීපන් දීපචෙල්වන් කර්තෘවරයා මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් සදහන් කර තිබුනි.

"මම හිතන්නේ මගේ පොත් නිදහස් කරන එකෙන් විතරක් මේක නතර වෙන්න හොඳ නැහැ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය වෙනසක් වෙන්න ඕනේ. මින් පස්සේ ලංකාවේ කිසිම දෙමළ ලේඛකයෙක්ට විතරක් නෙවෙයි, කිසිම නිර්මාණකරුවෙක්ට තමන්ගේ පොත්පත් ගැන මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු නොවිය යුතුයි කියලා මම ප්‍රාර්ථනා කරනවා."

ප්‍රදීපන් දීපචෙල්වන් ගේ ප්‍රබන්ධ කෘති 360ක්  රේගු භාරයේ රඳවා ගැනීම මගින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත් වාරණය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමට දරන ලද ප්‍රයත්නයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින්ද අප්‍රේල් 2 වැනිදා හෙළා දැක තිබුනි.

එම ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වාගේ සහ ලේකම් දිලීෂා අබේසුන්දරගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින්  ලේඛක දීපචෙල්වන්ගේ මුද්‍රිත කෘති සිය භාරයේ රඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවෙන් පහත සදහන් ප්‍රශ්න තුන නගා තිබුනි.

* මෙම කෘති රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රේගුවට උපදෙස් ලබා දුන්නේ කිනම් පාර්ශවයක්ද?

* මෙම කෘතීන්හී අන්තර්ගතය අනීතික හෝ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අයහපත් ලෙස බලපාන්නේද? බලපාන්නේ නම් ඒ කෙසේද?

* රේගු නිශ්කාශන කාර්යයන්හිදී සාහිත්‍ය කෘතියකට අදාළ කරුණු නිශ්චය කිරීමේ රේගුව සතු විෂය ප්‍රවීනත්වය කුමක්ද?  යන්නයි.

ශ්‍රී ලංකා රේගුව මේ ගැටලුවලට කුමන පිළිතුරු ලබා දුන්නද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර තිබුනේ  ඔවුන් අනිසි ලෙස මැදිහත්ව ඇත්තේ නිර්මාණකරුවෙකු සතු ප්‍රකාශනයේ නිදහස සහ ඔහුගේ පාඨකයින් සතු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමට බවයි.

රේගුව යනු රාජ්‍ය ආයතනයක් බැවින් මෙවැනි සිදුවීම් අරබයා පවත්වා ගත යුතු වගවීමෙන් බැහැරවීමට ආණ්ඩුවටද හැකියාවක් නොමැති බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ව තිබුනි. 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රේගුවේ හිරකළ දෙමළ කෘති මුදා හැරීමේ ඇමැති පොරොන්දුවට බාලගිරි දෝසය ! | The Leader