The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

පොහොර නැවක් හෙට දිවයිනට

T

The Leader Desk

April 4, 2026 • 3:25 PM

පොහොර නැවක් හෙට දිවයිනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
  • යුරියා පොහොර පිළිබඳව සීමිත ගැටලුවක් පැවතිය හැකි නමුත්, දැනටමත් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රටේ පවතින බවත් වී වගාව සඳහා අවශ්‍ය වන ටොන් 80,000කට සාපේක්ෂව එය ප්‍රමාණවත් බවත් ඔහු සඳහන් කළේය.
  • ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන ගෑස් මෙන්ම ජාත්‍යන්තර සැපයුම් දාමයට ඇතුළත් වන බොහෝ වැදගත් රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ රැසක ප්‍රවාහනයට දැඩි බලපෑමක් එල්ලවී ඇත.
  • ඛනිජ රසායනික ද්‍රව්‍ය තෙල් හා ගෑස්වලින් නිපදවන අතර අපනයනය සඳහා ගල්ෆ් රටවල් ඒවා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

ගෝලීය තත්ත්වය හමුවේ මතුව ඇති පොහොර ගැටලුව රජයට සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකියාව ඇති බවද ඔහු සඳහන් කළේය

එමෙන්ම, යල කන්නය ආරම්භ වන මේ අවස්ථාවේ ගොවි ජනතාව අතර පොහොර පිළිබඳ ගැටලු ඇතිවී තිබුණද, රටේ දැනටමත් මඩ පොහොර සහ බණ්ඩි පොහොර අවශ්‍යතාවයට වඩා ප්‍රමාණවත්ව පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

යුරියා පොහොර පිළිබඳව සීමිත ගැටලුවක් පැවතිය හැකි නමුත්, දැනටමත් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රටේ පවතින බවත් වී වගාව සඳහා අවශ්‍ය වන ටොන් 80,000කට සාපේක්ෂව එය ප්‍රමාණවත් බවත් ඔහු  සඳහන් කළේය.

ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන ගෑස් මෙන්ම ජාත්‍යන්තර සැපයුම් දාමයට ඇතුළත් වන බොහෝ වැදගත් රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ රැසක ප්‍රවාහනයට දැඩි බලපෑමක් එල්ලවී ඇත.

ඛනිජ රසායනික ද්‍රව්‍ය තෙල් හා ගෑස්වලින් නිපදවන අතර අපනයනය සඳහා ගල්ෆ් රටවල් ඒවා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරයි.

ගෝලීය කෘෂිකාර්මික නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වන එක් ද්‍රව්‍යයක් වන්නේ පොහොර ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, යූරියා, පොටෑෂ්, ඇමෝනියා සහ පොස්ෆේට් වැනි ගෝලීය පොහොර අවශ්‍යතාවලින් තුනෙන් එකක් පමණ සාමාන්‍යයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි.

(මුලාශ්‍රය - lankadeepa)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...