ඒ අනුව අද පෙරවරු 8.00 සිට දිවයින පුරා පිහිටි රෝහල් රැසක මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවැත්වෙන බව එම සංගමය සඳහන් කරයි.
කෙසේ වෙතත්, රෝගී සත්කාරක සේවා අවම කරමින් ක්‍රියාත්මක වන මෙම වර්ජනයෙන් මාතෘ, ළමා, අපේක්ෂා, වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය නිදහස් කර ඇති බව එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ප්‍රකාශ කළේය.
දෛනිකව, පවතින තත්වයන් සහ ප්‍රවණතාවයන් සමාලෝචනය කරමින් විධායක සභාව විසින් ඉදිරි තීරණ ගනු ලබන බවද ඔහු පැවසිය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මිට ඉහතදී නිකුත්කර ඇති නිවේදනය දැක්වෙන්නේ, නීත්‍යානුකූල සහ පිළිගත් ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කරමින් ශ්‍රේණිධාරී වෛද්‍යවරුන්ගෙ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුවට දේශපාලන මැදිහත්වීම් හරහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද අක්‍රමිකතාවන්ට විරුද්ධව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ග මාලාව ආරම්භ කර ඇති බවයි.
මෙම අනීතික සහ අත්තනෝමතික ක්‍රියාවන් නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ වගකිවයුත්තන් පියවර නොගැනීමේ පසුබිමක, නැවත වරක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව විසින් තීරණය කර ඇති බව ඔවුන් ඊයේ (05) නිවේදනය කර සිටියේය.
GMOA විරෝධතා නොතකා පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96%ක් අයදුම් කරයි
කෙසේවුවද සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ යළිත් අවධාරණය කළේ රජයේ සේවයට ඇතුළත් වීමට සීමාවාසික වෛද්‍යවරුන්ට අයදුම් කිරීමට ඇති අවසාන දිනය අප්‍රේල් 4 වන දින දහවල් 12:00 ට අවසන් වූ බවත් එය දීර්ඝ නොකරන බවත්ය.
නියමිත දිනට නොපැමිණෙන හෝ ප්‍රමාද වී අයදුම්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ට රජයේ රෝහල්වල සේවය කිරීමට හෝ ඉදිරියට වැටුප් ලබා ගැනීමට සුදුසුකම් නොලැබෙන බවට ඔහු අනතුරු ඇඟවීය.
ඒ අනුව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කළ විරෝධතාද නොතකා පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96%ක් අයදුම් කර තිබේ.
මේ සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ පරිදි ඊයේ (04) මධ්‍යහ්න 12.00ට අවසන් කරන ලදී.
ඒ අනුව සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකු අතුරින් 435 දෙනෙකු ඊට අයදුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම වෛද්‍ය නිලධාරීන් පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය (Merit List) පදනම් කර ගනිමින් නව රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.
විනිවිදභාවයකින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන මෙම අනුයුක්ත කිරීම් හරහා දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
තෝරා ගන්නා ලද අයදුම්කරුවන්ගේ නාමලේඛනය, ඔවුන් අනුයුක්ත කරන ලද සේවා ස්ථාන, සේවයට වාර්තා කළ යුතු දිනය පිළිබඳ විස්තර ඉදිරියේදී කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ වැඩිදුරටත් නිවේදනය කරයි.
සබැඳි පුවත් :
‘ප්‍රශ්නයක් තියෙනවා නම් අධිකරණයට යන්න, රෝගීන් ප්‍රාණ ඇපයට ගන්න එපා’ - ඇමති නලින්ද GMOAට කියයි
අද උදෑසන සිට රජයේ වෛද්‍යවරු යළිත් වර්ජනයේ




