The Leader News
BREAKING
කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●
Top Ad
පුවත්

'එක මනුස්සයෙක් නිසා මනුෂ්‍ය වර්ගයාටම ලොකු වේදනාවක්' - කාදිනල් හිමිපාණන්

T

The Leader Desk

April 5, 2026 • 5:10 AM

 'එක මනුස්සයෙක් නිසා මනුෂ්‍ය වර්ගයාටම ලොකු වේදනාවක්' - කාදිනල් හිමිපාණන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු දිනය වෙනුවෙන් පැවැති ප්‍රධාන දිව්‍ය පූජාවට එක්වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මේ බව සඳහන් කළහ.
  • එහිදී අදහස් දක්වමින් කාදිනල් හිමිපාණන් පැවසුවේ ක්‍රිස්තු ධර්මය යනු යාඥා කිරීම හෝ ශුද්ධ වූ බයිබලයේ කොටස් කියවීම පමණක් නොවන බවයි.
  • ක්‍රිස්තු ධර්මය අදහනවානම් ඔහොම කරන්න බෑ.
  • කිස්තු ධර්මය කියන්නේ යාඥා කරන එක විතරක් නෙමෙයි, ශුද්ධ වූ බයිබලයේ කොටස් කියවන එක විතරක් නෙමෙයි, පාස්ටර්ස්ලා ගොඩක් ළඟ තියාගෙන ලෝකෙට ප්‍රකාශ කරන්න හදන එක නෙමෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පාස්කු දිනය වෙනුවෙන් පැවැති ප්‍රධාන දිව්‍ය පූජාවට එක්වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මේ බව සඳහන් කළහ.

එහිදී අදහස් දක්වමින් කාදිනල් හිමිපාණන් පැවසුවේ ක්‍රිස්තු ධර්මය යනු යාඥා කිරීම හෝ ශුද්ධ වූ බයිබලයේ කොටස් කියවීම පමණක් නොවන බවයි.

එහිදී අදහස් දැක්වූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

"අපි යාඥා කරමු විශේෂයෙන්ම මේ කාලයේදී ලෝක සාමය වෙනුවෙන්. මේ සාමය බිඳිලා තිබෙනවා එක මනුෂ්‍යයෙකුගේ ආත්මාර්ථකාමීත්වය නිසා, එක මනුස්සයෙක් ලෝකය පාලනය කරන්න තියන ආශාව නිසා මනුෂ්‍ය වර්ගයාටම ලොකු වේදනාවක් ඇවිල්ලා තියෙනවා. අපි යාඥා කරමු මේ මනුෂ්‍යාගේ හිත වෙනස් කරන්න කියලා, මේ දුෂ්කර, දුර්වල ගමන් මාර්ගයෙන් ඈත් කරන්න. ක්‍රිස්තු ධර්මය අදහනවානම් ඔහොම කරන්න බෑ. කිස්තු ධර්මය කියන්නේ යාඥා කරන එක විතරක් නෙමෙයි, ශුද්ධ වූ බයිබලයේ කොටස් කියවන එක විතරක් නෙමෙයි, පාස්ටර්ස්ලා ගොඩක් ළඟ තියාගෙන ලෝකෙට ප්‍රකාශ කරන්න හදන එක නෙමෙයි. ක්‍රිස්තු ධර්මය කියන්නේ ප්‍රේමය, ජීවත්වීම. ප්‍රේමය සේවකයෙකු වීම, දෙවියන් වහන්සේ ඉදිරියේ පැහැපත්වීම, අසල්වැසියා ඉදිරියේ පැහැපත් වීම, නායකයා සේවකයා විය යුතුයි කියලා තියෙනවා නමුත් අද මේ ලෝකේ පාලනය කරන මේගොල්ලෝ නායකයෝ, සේවකයෝ වෙන්නේ නෑ. ඒ ගොල්ලෝ පාලකයෝ ඒ ගොල්ලෝ බලය පස්සෙන් යන අය."

(adaderana)



whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...