රනිල් වික්‍රමසිංහ මාර්තු 15 වනදා සිංගප්පූරුව බලා මෙරටින් පිටව ගිය අතර ඔහු මාර්තු 18 වනදා එරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී හෘද සැත්කමකට භාජනය විය.
එම සැත්කමින් පසුව හිටපු ජනාධිපතිවරයා මේ වන වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබමින් සිටියි.
ඔහුට රෝහලෙන් පිටව යාමටද වෛද්‍ය අවසරය ලැබි ඇති නමුත් රෝහලේ නතර වී තවත් දින කීපයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔහු විවේකයෙන් ගත කරමින් සිටී.
තවදුරටත් සිංගප්පූරුවේම විවේක ගනිමින් සිංහල අවුරුද්දෙන් පසුව මෙරටට යළි එන ලෙස විපක්ෂයේ නායකයින් ගණනාවක් ඔහුට යෝජනා කොට ඇතත් හැකි ඉක්මනින් ලංකාවට පැමිණිය යුතු බව හිටපු ජනාධිපතිවරයාගේ අදහස වී තිබෙන බව වාර්තාවේ.
රට තීරණාත්මක අර්බුදයකට මුහුණදී සිටින මේ මොහොතේ, නිවසේ සිට හෝ දේශපාලන වැඩ මෙහෙයවීම හිටපු ජනාධිපතිවරයාගේ අදහස බව දිනිත් චින්තක කරුණාරත්න වැඩිදුරටත් පැවසිය.
සබැඳි ලිපියක් :
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් දුන් උපදෙස් අනුවම මහාචාර්ය පීරිස් 'ගේමට බැහැල' !




