ඔහු එබව කියා සිටියේ 55 වැනි අප්‍රේල් විරු සමරුව අමතමින් ඊයේ (05) වවුනියාවේදීය.
මෙතෙක් පැමිණි දුෂ්කර ගමන විරුද්ධවාදීන්ගේ බාධා මැඩගෙන ඉදිරියටම යන බව කී ටිල්වින් සිල්වා, මහජන ආණ්ඩුවට විරුද්ධ වෙන අය පරදමින් ජයග්‍රහණය කරා ඉදිරියට යා යුතු බව පැවැසීය.
ජනතා විමුක්ති පෙරමුණ මෙවර අප්‍රේල් විරු සමරු තුනක් සංවිධාන කර තිබූ අතර වවුනියාවේ සමරුවට අමතරව බදුල්ල සහ මාතර දී ද අප්‍රේල් විරු සමරු පැවැත්විණි.
එහිදී අප්‍රේල් විරුවන් සමරමින් ඉදිකළ සමරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරිණි.
වවුනියාවේ විරු සමරුව අමතමින් ටිල්වින් සිල්වා මෙසේද කීය.
''උතුරු පළාතේ ප්‍රධාන වශයෙන් අප්‍රේල් විරු සමරුවක් පවත්වන්නේ ප්‍රථම වතාවටයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා එකතු වී වවුනියාවේදී මෙම සැමරුම කරන විට එහි වඩාත් විශේෂයක් තිබෙනවා. අප මෙතනට රැස්වී සිටින්නේ මීට අවුරුදු 55කට පෙර සිදු වූ ජනතා නැගිටීමක් අනුස්මරණය කිරීම සඳහායි.
1971 අරගලය නිර්මාණය වූයේ ඇයි? එහිදී දිවි පිදූ සහෝදරයන් සටන් කළේ කුමන අරමුණක් වෙනුවෙන්ද? ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක පරපුර නියෝජනය කළ ඒ සහෝදර සහෝදරියන් දිවි පිදුවේ පොදු අරමුණක් වෙනුවෙන්. ඔවුන් සටන් කළේ කලේ අපට විමුක්තිය ලබාදීම සඳහායි.''






