The Leader News
BREAKING
කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●
Top Ad
පුවත්

පොලිසියට අලුත් ඩියුටියක් ! - වීදි ලාම්පු ගණනය කිරීමට නියෝගදෙයි

T

The Leader Desk

April 6, 2026 • 5:15 AM

පොලිසියට අලුත් ඩියුටියක් ! - වීදි ලාම්පු ගණනය කිරීමට නියෝගදෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස්පති අණදෙන කොට්ඨාසය මගින් මීට අදාළ නියෝගය ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් බාර නිලධාරීන්, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හා ස්ථානාධිපතිවරුන් වෙත සිදුකර තිබේ.
  • ඉන්ධන හා බලශක්ති අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට රජය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක නොවීම මත මෙම නියෝගය සිදුකර ඇත.
  • ඒ අනුව විදුලි බල්බ සහිත ප්‍රදර්ශන පුවරු, අනවශ්‍ය ලෙස දල්වා ඇති වීදි ලාම්පු සංඛ්‍යාවක එක් එක් ස්ථාන වශයෙන් වෙන් වෙන්ම නම් කර ඊට අදාළ වාර්තා තමන් වෙත යොමුකරන ලෙසට පොලිස්පතිවරයා කරන ලද නියෝගයේ සඳහන්ය.
  • මෙම නියෝගය හේතුවෙන් රථවාහන රාජකාරි, අපරාධ හා දූෂණ මර්දන රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන් රැසක්ම පෙරේදා හා පසුගිය (03 වැනිදා) අදාළ රාජකාරිවලින් බාහිරව විදුලි කණු සහ ප්‍රදර්ශන පුවරු ගණනය කිරීමට යොදවා තිබූ බව පොලිස් ආරංචිමාර්ග කියා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):


පොලිස්පති අණදෙන කොට්ඨාසය මගින් මීට අදාළ නියෝගය ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් බාර නිලධාරීන්, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හා ස්ථානාධිපතිවරුන් වෙත සිදුකර තිබේ.

ඉන්ධන හා බලශක්ති අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට රජය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක නොවීම මත මෙම නියෝගය සිදුකර ඇත.

එක් එක් පොලිස් වසම්වල දල්වා ඇති වීදි ලාම්පු හා ප්‍රදර්ශන පුවරු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තා යොමුකරන ලෙසට පොලිස්පතිවරයා විසින් පසුගිය 02 වැනිදා නියෝගයක් කර ඇති අතර ඊට අදාළව පොලිස් ස්ථාන මට්ටමින් පසුගිය 03 වැනිදා යොමු කර ඇති වාර්තා නිරවද්‍යතාවය සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බවට පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබිණි.

ඒ අනුව විදුලි බල්බ සහිත ප්‍රදර්ශන පුවරු, අනවශ්‍ය ලෙස දල්වා ඇති වීදි ලාම්පු සංඛ්‍යාවක එක් එක් ස්ථාන වශයෙන් වෙන් වෙන්ම නම් කර ඊට අදාළ වාර්තා තමන් වෙත යොමුකරන ලෙසට පොලිස්පතිවරයා කරන ලද නියෝගයේ සඳහන්ය.

 

මෙම නියෝගය හේතුවෙන් රථවාහන රාජකාරි, අපරාධ හා දූෂණ මර්දන රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන් රැසක්ම පෙරේදා හා පසුගිය (03 වැනිදා) අදාළ රාජකාරිවලින් බාහිරව විදුලි කණු සහ ප්‍රදර්ශන පුවරු ගණනය කිරීමට යොදවා තිබූ බව පොලිස් ආරංචිමාර්ග කියා සිටියි.

 

( aruna | එෆ්. අස්ලම්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිසියට අලුත් ඩියුටියක් ! - වීදි ලාම්පු ගණනය කිරීමට නියෝගදෙයි | The Leader