The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මඩකලපුව හෝටල් කාමරයක හදිසි ගින්නක්: දුමාරයට හසුව එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

T

The Leader Desk

May 27, 2026 • 3:44 PM

මඩකලපුව හෝටල් කාමරයක හදිසි ගින්නක්: දුමාරයට හසුව එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකම පවුලේ අවුරුදු 3ක සහ 5ක කුඩා දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් වාර්තා වේ.
  • මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 3ක් වයසැති පිරිමි දරුවෙකු සහ අවුරුදු 5ක් වයසැති ගැහැණු දරුවෙකි.
  • මොවුන් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මඩකලපුව (කාත්තන්කුඩි) ප්‍රදේශයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින තම මව බැලීම සඳහා පියා සමඟ පැමිණි අවස්ථාවේදී මෙම හෝටල් කාමරයේ තාවකාලිකව නැවතී සිට ඇත.
  • සිද්ධිය වූ අවස්ථාවේදී පියා විසින් දරුවන් දෙදෙනා කාමරය තුළ රඳවා, එහි දොර පිටතින් අගුළු දමා සුළු වේලාවකට පිටතට ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එකම පවුලේ අවුරුදු 3ක සහ 5ක කුඩා දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 3ක් වයසැති පිරිමි දරුවෙකු සහ අවුරුදු 5ක් වයසැති ගැහැණු දරුවෙකි.

මොවුන් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මඩකලපුව (කාත්තන්කුඩි) ප්‍රදේශයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින තම මව බැලීම සඳහා පියා සමඟ පැමිණි අවස්ථාවේදී මෙම හෝටල් කාමරයේ තාවකාලිකව නැවතී සිට ඇත.

සිද්ධිය වූ අවස්ථාවේදී පියා විසින් දරුවන් දෙදෙනා කාමරය තුළ රඳවා, එහි දොර පිටතින් අගුළු දමා සුළු වේලාවකට පිටතට ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

එහිදී දරුවන් සන්තකයේ තිබූ ලයිටරයක් ඇඳකට ඇවිලීමෙන් හෝ වෙනත් හේතුවක් මත කාමරයේ තිබූ මෙට්ටයක් ගිනිබත් වී ඇති අතර, ඉන් දැඩි දුමාරයක් හටගෙන ඇත. ගින්නෙන් බියට පත් වූ කුඩා දරුවන් දෙදෙනා බේරීම සඳහා අනෙක් ඇඳ යටට රිංගා සැඟවී සිට ඇති බව සැක කෙරේ.

කාමරයෙන් අධික ලෙස දුම් පිටවන බව නිරීක්ෂණය වීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ හෝටල් සේවකයින් සහ අවට සිටි පිරිස්, දොර කඩා ඇතුළු වී ගින්න මැඩපවත්වා ඇත. කෙසේ වෙතත්, ඒ වන විටත් කාමරය පුරා පිරී තිබූ විෂ දුමාරය ආශ්වාස කිරීම හේතුවෙන් දරුවන් දෙදෙනා ඇඳ යට සිහිසුන්ව වැතිර සිට ඇත.

වහාම ක්‍රියාත්මක වී දරුවන් දෙදෙනා මඩකලපුව ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. මියගිය දරුවන්ගේ සිරුරු මේ වන විට මඩකලපුව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ගින්න හට ගැනීමට නිශ්චිත හේතුව සහ පියා පිටතට යාමට බලපෑ සැබෑ හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති අතර, මඩකලපුව පොලිස් ස්ථානය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...