The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

'මන්ත්‍රී වැට කඩොල්ල' පාර්ලිමේන්තුවට විතරක් සීමා කරන්න එපා - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

T

The Leader Desk

May 28, 2026 • 7:30 AM

'මන්ත්‍රී වැට කඩොල්ල' පාර්ලිමේන්තුවට විතරක් සීමා කරන්න එපා - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙසේ වුවද, මෙම නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් සීමා නොකර, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන්ටද අදාළ වන පරිදි පුළුල් කළ යුතු බව එම සංවිධානය අවධාරණය කරයි.
  • ඒ සම්බන්ධයෙන් එම ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මතු දැක්වේ.
  • එයින් අප අදහස් කරන්නේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා හෝ බාහිර බලපැම්වලට යටත්ව හෝ තමන් පත් කර එවූ ඡන්ද දායකයන් සහ ජාතියේ යහපැවැත්ම පාවාදීමට කිසිදු ජනතා නියෝජිතයකුට හැකියාවක් නොතිබිය යුතු බව ය.
  • එනම් ජාතික යහපත හා රාජ්‍යයේ යහපැවැත්ම උදෙසා අත්‍යන්තයෙන්ම බැඳී සිටීමට මහජන නියෝජිතයන්ට හෘද සාක්ෂියේ නිදහස තහවුරු කල යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙසේ වුවද, මෙම නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් සීමා නොකර, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන්ටද අදාළ වන පරිදි පුළුල් කළ යුතු බව එම සංවිධානය අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් එම ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මතු දැක්වේ.

මාධ්‍ය නිවේදනය

මහජන ඡන්දයෙන් තේරී පත් වී ජනවරමට එරෙහි වෙමින් පක්ෂය මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුරය අහෝසි කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ඇති සූදානම සාධනීය ප්‍රතිසංස්කණයක් සඳහා අවස්ථාවක් බවට පත් කර ගත හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරයයි.

 අප සංවිධානයේ සමාරම්භක නායක, අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමියන් ද 2013 වසරේ සිට නිරන්තරයෙන් හඬ නැඟූ එකී  ස්ථාවරය සැලකීමේදී මෙම තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් සීමා නොවිය යුතු අතර පළාත් සභා මන්ත්‍රීවරුන්ට මෙන්ම පළාත් පාලන ආයතනයන්හි මහජන නියෝජිතයන්ට ද එය අදාළ කළ යුතුය.

එයින් අප අදහස් කරන්නේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා හෝ බාහිර බලපැම්වලට යටත්ව හෝ තමන් පත් කර එවූ ඡන්ද දායකයන් සහ ජාතියේ යහපැවැත්ම පාවාදීමට කිසිදු ජනතා නියෝජිතයකුට හැකියාවක් නොතිබිය යුතු බව ය.

අවංකභාවය හා ප්‍රතිපත්තිගරුකභාවය ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයත්, මහජන විශ්වාසයත් ගොඩනැඟිමට සඳහා වන අත්‍යාවශ්‍යම සාධකයකි. ඒ සමඟම අප සංවිධානය අවධාරණය කරන තවත් වැදගත් කරුණක්ද තිබේ. එනම් ජාතික යහපත හා රාජ්‍යයේ යහපැවැත්ම උදෙසා අත්‍යන්තයෙන්ම බැඳී සිටීමට මහජන නියෝජිතයන්ට හෘද සාක්ෂියේ නිදහස තහවුරු කල යුතු බවයි. එය තහවුරු කිරීමට නම් බලය සඳහා පෙනී සිටින දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ද ශක්තිමත් විය යුතු අතර එය බාහිර සමාජයට ද ප්‍රදර්ශනය විය යුතුව තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් වන මහජන නියෝජිතයන්ට අදාලව පියවර ගැනීමට හැකිවන ආකාරයේ නව පනත තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලික හරයන් සපුරාම ආරක්ෂා කරමින් පටු අරමුණු සහිතව වරප්‍රසාද ‌හෝ වෙනත් ලාභ අපේක්ෂාවන්ට අනුව කටයුතු කරමින් මහජන වරමට පිටුපාන්නා වූ අවස්ථාවන් පමණක් අවහිර කළ යුතුව ඇතැයි විශ්වාස කරන අප සංවිධානය ඒ මඟින් බහු පක්ෂ ක්‍රමය සහ ජාතික වගකීම් පෙරදැරි කරගනිමින් කටයුතු කිරීමේ හෘද සාක්ෂියේ නිදහස ද ආරක්ෂා කරගත යුතුව ඇති බව ද අවධාරණය කරනු කැමැත්තෙමු.

මෙකී ජාතික වැදගත්කමින් යුතු ප්‍රතිසංස්කරණය සඳහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කරමින්, යෝජිත ප්‍රතිසංස්කරණයේ අරමුණු පැහැදිලි කරන ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ වැදගත්කම ද  අප අවධාරණය කරමු. අපගේ ප්‍රාර්ථනය වන්නේ ශ්‍රී ලංකාවේ පාරීශුද්ධ දේශපාලන සංස්කෘතියක් බිහිවනු දැකීම ය.

සුනිල් ජයසේකර
මහලේකම්,
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.
2026.05.28

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'මන්ත්‍රී වැට කඩොල්ල' පාර්ලිමේන්තුවට විතරක් සීමා කරන්න එපා - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය | The Leader